(1)

ජෛව පද්ධති තාක්ෂණය යනු,

(1)

ප්‍රාථමික අධ්‍යයන සඳහා අවශ්‍ය වන ජෛව විද්‍යා ක්ෂේත්‍රයකි.

(2)

මානව අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා තිරසාර නිෂ්පාදනය සඳහා වූ ඉංජිනේරු විද්‍යාවේ අංශයකි.

(3)

ස්වභාවධර්මයේ දක්නට ලැබෙන්නා වූ ජෛව පද්ධති පිළිබඳ අධ්‍යයනයකි.

(4)

පරිසර දූෂණය පාලනය කිරීම සඳහා යොදා ගන්නා විද්‍යාවේ අංශයකි.

(5)

ස්වභාවධර්මය අවබෝධ කර ගැනීම සඳහා වැදගත් වන ජෛව විද්‍යා ක්ෂේත්‍රයකි.

Complexity: (1)
(2)

ජල චක්‍රය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.

  • A. කාන්දු වීමේ ශීඝ්‍රතාව ඉහළ යාම නිසා අපධාවය වන ප්‍රමාණය අඩු වේ.
  • B. අපධා ශීඝ්‍රතාව ඉහළ යාම නිසා භූගත ජල පුනරාරෝපණය වැඩි වේ.
  • C. බෝග වගා භූමියකට සාපේක්ෂව, වනාන්තරයක අතුරුකඩන (interception) හානි වැඩි ය.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,

(1)

A පමණි.

(2)

B පමණි.

(3)

C පමණි.

(4)

A සහ B පමණි.

(5)

A සහ C පමණි.

Complexity: (0)
(3)

පසකට කාබනික ද්‍රව්‍ය යෙදීමෙන්, එහි

(1)

සත්‍ය ඝනත්වය වැඩි වේ.

(2)

ජලය රඳවා ගැනීමේ ධාරිතාව අඩු වේ.

(3)

වයනය දියුණු වේ.

(4)

සවිවරතාව අඩු වේ.

(5)

දෘශ්‍ය ඝනත්වය අඩු වේ.

Complexity: (0)
(4)

ගොවි මහතකු විසින් සිය ළිඳෙහි ජල මට්ටම වියළි කාලයේ දී අඩු වන බවත් තෙත් කාලයේ දී වැඩි වන බවත් නිරීක්ෂණය කරන ලදී. මෙම ළිඳ පෝෂණය කරනු ලබන ජලධරය විය හැක්කේ,

(1)

ආටිසියානු නො වන ජලධරයකි.

(2)

ආටීසියානු ජලධරයකි.

(3)

උළැඟි ජලධරයකි.

(4)

ආටීසියානු නො වන හෝ උලැඟි ජලධරයකි.

(5)

ආටීසියානු හෝ උලැඟි ජලධරයකි.

Complexity: (0)
(5)

පසක, මැටි ප්‍රමාණය වැඩි වීම සමග,

(1)

කැටායන හුවමාරු ධාරිතාව අඩු වේ.

(2)

ජලය රඳවා ගැනීමේ ධාරිතාව අඩු වේ.

(3)

ඛාදනය අඩු වේ.

(4)

සවිවරනාව අඩු වේ.

(5)

දෘශ්‍ය ඝනත්වය අඩු වේ.

Complexity: (1)
(6)

ලැක්ටොමීටරය මගින් මනිනු ලබන්නේ,

(1)

මේද ප්‍රතිශතය ය.

(2)

ආම්ලිකතාව ය.

(3)

විශිෂ්ට ගුරුත්වය ය.

(4)

මධ්‍යසාර ප්‍රමාණය ය.

(5)

නැවුම් බව ය.

Complexity: (0)
(7)

වර්ධක ප්‍රචාරණය යනු ප්‍රවේණිකව,

(1)

අසමාන ශාක නිපදවනු ලබන ස්වාභාවික ක්‍රියාවලියකි.

(2)

සමාන ශාක නිපදවනු ලබන කෘත්‍රිම ක්‍රියාවලියකි.

(3)

සමාන ශාක නිපදවනු ලබන ස්වාභාවික ක්‍රියාවලියකි.

(4)

සමාන ශාක නිපදවනු ලබන ස්වාභාවික හෝ කෘත්‍රිම ක්‍රියාවලියකි.

(5)

අසමාන ශාක නිපදවනු ලබන ස්වභාවික හෝ කෘත්‍රිම ක්‍රියාවලියකි.

Complexity: (0)
(8)

ආහාර නිෂ්පාදන සඳහා පවතින තත්ව ආරක්ෂණ පද්ධති වන්නේ,

(1)

SLS සහ ISO ය.

(2)

ISO සහ HACCP ය.

(3)

GMP සහ HACCP ය.

(4)

SLS සහ GAP ය.

(5)

ISO සහ GHP ය.

Complexity: (0)
(9)

පසු අස්වනු හානි අඩු කිරීම සඳහා පලතුරු හා එළවළු ගබඩා කළ යුත්තේ,

(1)

අඩු ආර්ද්‍රතාව සහ ඉහළ උෂ්ණත්ව යටතේ ය.

(2)

අඩු ආ‍ර්ද්‍රතාව සහ පහළ උෂ්ණත්ව යටතේ ය.

(3)

වැඩි ආ‍ර්ද්‍රතාව සහ පහළ උෂ්ණත්ව යටතේ ය.

(4)

වැඩි ආර්ද්‍රතාව සහ ඉහළ උෂ්ණත්ව යටතේ ය.

(5)

වැඩි ආ‍ර්ද්‍රතාව සහ කාමර උෂ්ණත්ව යටතේ ය.

Complexity: (0)
(10)

බෝගවල පසු අස්වනු ගුණාත්මය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.

  • A. නිසි පරිණත දර්ශකයේ දී නෙළීමෙන් අඹවල පසු අස්වනු හානි වැඩි වේ.
  • B. අස්වනු නෙළීමෙන් පසු සේදීමෙන්, කැරට්වල කල් තබා ගැනීමේ ගුණය වැඩි වේ.
  • C. නිසි මෙවලම් භාවිත කර අස්වනු නෙළීමෙන් පේරවල නැවුම් ව තබා ගත හැකි කාලය (shelf-life) වැඩි කරගත හැකි වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,

(1)

A පමණි.

(2)

B පමණි.

(3)

C පමණි.

(4)

A සහ B පමණි.

(5)

A සහ C පමණි.

Complexity: (0)