(1)

ජෛව පද්ධති තාක්ෂණවේදය භාවිතයේ එක් ප්‍රධාන අරමුණක් වනුයේ,

(1)

අපද්‍රව්‍ය අඩු කිරීම ය.

(2)

යෙදවුම් අඩු කිරීම ය.

(3)

ලාභය උපරිම කිරීම ය.

(4)

තිරසාරබව ළගා කර ගැනීම ය.

(5)

පරිසරය පිළිසැකසීම (reclaim) ය.

Complexity: (0)
(2)

ජෛවපද්ධති මත ඇතැම් කාලගුණික පරාමිති ඇති කරන බලපෑම් පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.

  • A - වලාකුළු ආවරණය වැඩි වීම වී අස්වැන්න වැඩි කරයි.
  • B - වලාකුළු ආවරණය අඩු වීම ජලාශවල ශාක ප්ලවාංග ප්‍රමාණය අඩු කරයි.
  • C - දිවා දිග වැඩි වීම කිකිළි බිත්තර නිෂ්පාදනය වැඩි කරයි.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,

(1) A පමණි.
(2) B පමණි.
(3) C පමණි.
(4) A හා B පමණි.
(5) B හා C පමණි.
Complexity: (0)
(3)

යම් ප්‍රදේශයක කාන්දු වීම (infiltration) වැඩි වනුයේ එම ප්‍රදේශයේ,

(1)

බෑවුම වැඩි වීමත් සමග ය.

(2)

පසෙහි මැටි ප්‍රමාණය වැඩි වීමත් සමග ය.

(3)

භූමි ආවරණය වැඩි වීමත් සමග ය.

(4)

සුළගේ වේගය වැඩි වීමත් සමග ය.

(5)

පසෙහි තෙතමන ප්‍රමාණය වැඩි වීමත් සමග ය.

Complexity: (0)
(4)

වැඩි ම ජලාකර්ෂක ජලය ප්‍රමාණයක් දක්නට ලැබෙනුයේ,

(1)

ලිහිල් මැටි පසක ය.

(2)

වැලිමය ලෝම පසක ය.

(3)

ලිහිල් වැලි පසක ය.

(4)

සුසංහිත මැටි පසක ය.

(5)

සුසංහිත වැලි පසක ය.

Complexity: (0)
(5)

ලවණීකරණය ප්‍රමුඛව දක්නට ලැබෙනුයේ,

(1)

ශුෂ්ක ප්‍රදේශයක ඛාදනයට ලක් වූ පසක ය.

(2)

තෙත් ප්‍රදේශයක දුර්වල ජල වහනයක් සහිත පසක ය.

(3)

තෙත් ප්‍රදේශයක මනා ජල වහනයක් සහිත පසක ය.

(4)

ශුෂ්ක ප්‍රදේශයක දුර්වල ජල වහනයක් සහිත පසක ය.

(5)

ශුෂ්ක ප්‍රදේශයක මනා ජල වහනයක් සහිත පසක ය

Complexity: (0)
(6)

සමෝච්ච කුට්ටි (contour lock and spill) කානු පිළිබඳ ප්‍රකාශ දෙකක් පහත දැක්වේ .

  • A - කානුවේ වළ තුළ එකතු වන පස් ඉවත් කර කානුවට පහළින් ඇති බෑවුමේ විසුරුවා හරී.
  • B - ජලය සංරක්ෂණය සඳහා කානුවේ ඇති වළ යොදා ගැනේ.

ඉහත ප්‍රකාශ අතුරෙන්,

(1)

Aපමණක් නිවැරදි ය.

(2)

B පමණක් නිවැරදි ය.

(3)

A හා B යන දෙක ම නිවැරදි ය.

(4)

A නිවැරදි වන අතර B මගින් A තවදුරටත් පැහැදිලි කරයි.

(5)

B නිවැරදි වන අතර A මගින් B තවදුරටත් පැහැදිලි කරයි.

Complexity: (0)
(7)

ලක්ෂ්‍ය දෙකක් අතර මට්ටම් ගැනීමේ (Profile levelling) හැරවුම් ලක්ෂ්‍යයක් (TP) පහත රූප සටහනේ දැක්වේ.

gce-al-biosystems-technology-2017-mcq-sinhala-7උපකරණයෙහි උසෙහි (HI) වෙනස වනුයේ.

(1)

$\pu{1.25 + 3.75 m}$

(2)

$\pu{2.32 + 3.75 m}$

(3)

$\pu{2.32 + 1.25 m}$

(4)

$\pu{3.75 - 0.25 m}$

(5)

$\pu{3.75 - 2.32 m}$

Complexity: (0)
(8)

තල මිනුමේදී පරික්‍රමණය (Traversing) යොදා ගනු ලබනුයේ,

(1)

භූමිය බෑවුම් සහිත වූ විට ය.

(2)

භූමිය වළ ගොඩැලි සහිත වූ විට ය.

(3)

බාධක නිසා මායිම් දෘශ්‍යමාන නොවන විට ය.

(4)

භූමිය සංකීර්ණ හැඩයකින් යුක්ත වන විට ය.

(5)

කෝණ ලබා ගැනීමට උපකරණ නොමැති විට ය.

Complexity: (0)
(9)

මට්ටම් උපකරණයක සමාන්තරණ දෝෂය (Collimation error) අනාවරණය කර ගත හැකි වනුයේ,

(1)

මිනුම් පටියක් මගිනි.

(2)

දෙකීල පරීක්ෂාව (Two peg test) මගිනි.

(3)

ඔඩොමීටරයක් (Odometer) මගිනි.

(4)

ස්ටේඩියා ක්‍රමය (stadia nethod) මගිනි.

(5)

ස්ප්‍රීතු ලෙවලයකින් මට්ටම් කිරීම මගිනි.

Complexity: (0)
(10)

ස්වාභාවික වර්ධක ප්‍රචාරක ව්‍යුහයකට උදාහරණයක් වනුයේ,

(1)

බීජ ය.

(2)

බල්බිල ය.

(3)

අතු කැබලි ය

(4)

බද්ධ පැළ ය.

(5)

පටක රෝපිත පැළ ය.

Complexity: (0)