(1)

ජල සම්පාදනයෙන් පසුව එක්තරා පසක මතුපිටින් ඉතා ඉක්මනින් ජලය අතුරුදන් වන බව ශිෂ්‍යයෙක් නිරික්ෂණය කරන ලදී. මෙයට හේතුව වනුයේ පසෙහි වැඩි,

(1)

රොන් මඩ ප්‍රමාණයක් අඩංගු වීම

(2)

මැටි ප්‍රමාණයක් අඩංගු වීම ය.

(3)

වැලි ප්‍රමාණයක් අඩංගු වීම ය.

(4)

දෘශ්‍ය ඝනත්වයක් තිබීම ය.

(5)

සත්‍ය ඝනත්වයක් තිබීම නිසාය.

Complexity: (0)
(2)

ජල පවිත්‍රකරණ ක්‍රියාවලියේ දී ඇලම් යොදනුයේ,

(1)

ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමට ය.

(2)

$\ce{Mn}$ හා $\ce{Fe}$ අයන අවක්ෂේප කිරීමට ය.

(3)

අවලම්භන අවසාධිත කැටි ගැසීම වැඩි කිරීමට ය.

(4)

කාබනික ද්‍රව්‍ය වියෝජනය වැඩි කිරීමට ය.

(5)

මිදීම හා කැටි ගැසීම සඳහා අවශ්‍ය පරිදි pH අගය සීරු මාරු කිරීමට ය.

Complexity: (0)
(3)

බෝගයක පාරිභෝගික ජල භාවිතය ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ,

(1)

ඇතුල් කාන්දුව හා වෑස්සීම මත ය.

(2)

වාෂ්පීකරණය හා වෑස්සීම මත ය.

(3)

උත්ස්වේදනය හා ඇතුලු කාන්දුව මත ය.

(4)

වාෂ්පීකරණය හා උත්ස්වේදනය මත ය.

(5)

උත්ස්වේදනය හා වෑස්සීම මත ය.

Complexity: (0)
(4)

එළදෙනකගේ ඩිම්බනීහරණයට බලපාන හෝර්මෝනය වනුයේ,

(1)

LH ය.

(2)

FSH ය.

(3)

ඊස්ට්‍රජන් ය.

(4)

ප්‍රොජෙස්ටෙරෝන් ය.

(5)

ප්‍රොස්ටග්ලැන්ඩින් ය.

Complexity: (0)
(5)

ශ්‍රී ලංකාවේ ප්‍රථම රම්සා තෙත්බිම වනුයේ,

(1)

බුන්දල ය.

(2)

කුමන ය.

(3)

වන්කල්ලායි ය.

(4)

මාදු ගඟ ය.

(5)

ආනවිලුන්දාව ය.

Complexity: (0)
(6)

අපනයන වෙළෙඳපොළ සඳහා ශ්‍රී ලංකාවේ වගා කරන විසිතුරු ජලජ ශාකයකට උදාහරණයක් වන්නේ,

(1)

සැල්වීනියා ය.

(2)

හයිඩ්‍රිල්ලා ය.

(3)

මොනොකෝරියා ය.

(4)

ක්‍රිටොකොරයින් ය.

(5)

ජපන් ජබර ය.

Complexity: (0)
(7)

සංචාරක වෙළෙඳපොළ වඩාත් හොඳින් පැහැදිලි කළ හැක්කේ,

(1)

ගුවන් සමාගම් හා සංචාරක මෙහෙයවන්නන්ගේ සංවිධානයක් ලෙස ය.

(2)

සංචාරකයන් හා සංචාරක මගපෙන්වන්නන් මුණ ගැසෙන ස්ථානයක් ලෙස ය.

(3)

සංචාරකයන්ට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳපොළක් ලෙස ය.

(4)

සංචාරකයන්ට නවාතැන් සපයන හෝටල්වල එකතුවක් ලෙස ය.

(5)

සංචාරක කලාපවල හා එම කලාපවලට සපයන සේවාවගේ එකතුවක් ලෙස ය.

Complexity: (0)
(8)

ශ්‍රී ලංකාවේ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනයට ඉහළම දායකත්වයක් ලැබෙනුයේ,

(1)

මිරිදිය මත්ස්‍ය කර්මාන්තයෙනි.

(2)

වෙරළාශ්‍රිත මත්ස්‍ය කර්මාන්තයෙනි.

(3)

ගැඹුරු මුහුදේ මත්ස්‍ය කර්මාන්තයෙනි.

(4)

කුඩුවල මත්ස්‍යයන් ඇති කරන කර්මාන්තයෙනි.

(5)

පොකුණු තුළ මත්ස්‍යයන් ඇති කරන කර්මාන්තයෙනි.

Complexity: (0)
(9)

සංස්ලේශිත වායු (syn gas) යනු ජෛව ස්කන්ධය ඉහළ උෂ්ණත්වයේ දී අර්ධ ඔක්සිකරණයට බඳුන් කිරිමෙන් ලබා ගන්නා ඵලයකි. සංස්ලේශිත වායුවේ ප්‍රධාන සංඝටක වනුයේ,

(1)

$\ce{CO2}$ හා $\ce{H2}$ ය.

(2)

$\ce{CO2}$ හා $\ce{H2}$ ය.

(3)

$\ce{CO}$ හා $\ce{H2O}$ ය.

(4)

$\ce{CO2}$ හා $\ce{H2O}$ ය.

(5)

$\ce{CO2}$ හා $\ce{CH4}$ ය.

Complexity: (0)
(10)

ඉහත පරික්ෂණ/ක්‍රම අතුරෙන් ආහාර ද්‍රව්‍යයක ඇති මේද ප්‍රමාණය ගුණාත්මකව නිරික්ෂණය කළ හැක්කේ,

(1)

A මගින් පමණි.

(2)

B මගින් පමණි.

(3)

C මගින් පමණි.

(4)

B හා C මගින් පමණි.

(5)

C හා D මගින් පමණි.

Complexity: (0)