(1)

ශාකවල මුල් ඇදවීම සඳහා වඩාත් බහුල ව භාවිත කරන ක්‍රමය වනුයේ,

(1)

අතු කැබලි යොදා ගැනීම ය.

(2)

අංකුර බද්ධය ය.

(3)

රිකිලි බද්ධය ය.

(4)

අතු බැදීම ය.

(5)

පැළ සිටුවීම ය.

Complexity: (0)
(2)

gce-al-biosystems-technology-2019-new-mcq-sinhala-2

ඉහත රූපසටහනෙහි දක්වා ඇති මල් ශාකය

(1)

වැන්ඩා වේ.

(2)

කැට්ලියා වේ.

(3)

ඔන්සීඩියම් වේ.

(4)

ඩෙන්ඩ්‍රෝබියම් වේ.

(5)

පැලනොප්සිස් වේ.

Complexity: (0)
(3)

ආහාර බෝගවලින් නිර්මිත භූදර්ශනයක් (Edible landscaping) සැකසීමේ දී ශිෂ්‍යයකුගේ ගෙවත්තේ සෙවණ සහිත ස්ථානයකට සුදුසු ශාකයක් තෝරා ගැනීමට ඔහුට අවශ්‍ය විය. මේ සඳහා වඩාත් සුදුසු ශාකය වනුයේ,

(1)

අත්තික්කා ය.

(2)

ඉඟුරු ය.

(3)

තක්කාලි ය.

(4)

ඩ්‍රැසීනා ය.

(5)

පතෝල ය.

Complexity: (0)
(4)

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වඩාත් බහුල ව දක්නට ලැබෙන පස් කාණ්ඩය වනුයේ,

(1)

ලැටරයිට් පස ය.

(2)

දියළු පස ය.

(3)

දියසිළු පස ය.

(4)

රතු කහ පොඩ්සොලික් පස ය.

(5)

රතු දුඹුරු පස ය.

Complexity: (0)
(5)

ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක,

(1)

බැටරි පුනරාරෝපණය සුළං මගින් සිදු කරනු ලැබේ.

(2)

සංවේදක, ස්ටීවන්සන් ආවරණය තුළ තබා ඇත.

(3)

වර්ෂාමානය, කුඹගසට (mast) මීටර 2ක් දුරින් වෙන ම ස්ථානගත කර ඇත.

(4)

ප්‍රධාන සංඝටක වනුයේ දත්ත ලඝුරය (Datalogger), පුනරාරෝපණය කළ හැකි බැටරි හා සංවේදක වේ.

(5)

සියලු ම සංඝටක, කාලගුණයට ඔරොත්තු දෙන ෆයිබර් ග්ලාස් කුටියක් තුළ තබා ඇත.

Complexity: (0)
(6)

පහත දක්වා ඇති ප්‍රස්තාර අතුරෙන්, ජලයේ උෂ්ණත්වය සමග ජලජ ජීවීන්ගේ පරිවෘත්තිය ක්‍රියාකාරිත්වයේ විචලතාව වඩාත් හොඳින් පැහැදිලි වන්නේ,

(1)

gce-al-biosystems-technology-2019-new-mcq-sinhala-6-1

(2)

gce-al-biosystems-technology-2019-new-mcq-sinhala-6-2

(3)

gce-al-biosystems-technology-2019-new-mcq-sinhala-6-3

(4)

gce-al-biosystems-technology-2019-new-mcq-sinhala-6-4

(5)

gce-al-biosystems-technology-2019-new-mcq-sinhala-6-5

Complexity: (0)
(7)

ශිෂ්‍යයෙකු විසින් $\pu{1: 10 000}$ පරිමාණයේ සිතියමක් මත නගර දෙකක දුර මනින ලදුව, එම දුර ප්‍රමාණය සිතියම මත $\pu{4.50 cm}$ බව දැන ගන්නා ලදී. ඒ අනුව භූමිය මත මෙම නගර දෙක අතර සත්‍ය දුර විය යුත්තේ,

(1)

$\pu{0.045 km}$ ය.

(2)

$\pu{0.45 km}$ ය.

(3)

$\pu{4.5 km}$ ය.

(4)

$\pu{45 km}$ ය.

(5)

$\pu{450 km}$ ය.

Complexity: (0)
(8)

ජෛව පද්ධති සඳහා පසෙහි කලිල වැදගත් වනුයේ ඒවා,

(1)

වායු හුවමාරුව සඳහා මාර්ග සැපයීම සහ ශාකයේ ශ්වසනයට ආධාර වන නිසා ය.

(2)

පාංශු සංගතිය වැඩි කිරීම සහ පාංශු හායනය අවම කරන නිසා ය.

(3)

ජල පරිවහනයට ඉඩ සැලසීම සහ දුර්වල ජලවහන තව වළක්වන නිසා ය.

(4)

භාෂ්මික අයන අධිශෝෂණය කර රඳවාගෙන නිදහස් කිරීම මගින් ශාකවලට පෝෂණය ලබා දෙන නිසා ය.

(5)

ඒවායේ ධන ආරෝපණ මගින් ආම්ලික සංයෝග ආකර්ෂණය කර ගැනීම හා පසෙහි pH ස්වාරක්ෂණය කරන නිසා ය.

Complexity: (0)
(9)

පහත ප්‍රකාශ අතුරෙන් සමෝච්ච රේඛා පිළිබඳ නිවැරදි ප්‍රකාශය වනුයේ,

(1)

දඹයක දී (cliff) සමෝච්ච රේඛා එකිනෙකට ඉතා සමීප ව පිහිටිය හැකි ය.

(2)

ඉතා කලාතුරකින් සමෝච්ච රේඛා එකිනෙක කැපී පිහිටිය හැකි ය.

(3)

සමාන දුරින් පිහිටි සමෝච්ච රේඛා මගින් අසමාකාර බෑවුමක් දැක් වේ.

(4)

තැනිතලාවක දී සමෝච්ච රේඛා එකිනෙකට සමීප ව පිහිටයි.

(5)

කඳු මුදුනක දී සමෝච්ච රේඛා දුරස්ථ ව පිහිටයි.

Complexity: (0)
(10)

ස්ථානීය ප්‍රභව දූෂණය (Point source pollution),

(1)

හටගන්නා ස්ථානයේ දී පාලනය කිරීම අපහසු ය.

(2)

පිරියම් ඒකක (treatment plant) මගින් පිරියම් කිරීමට අපහසු ය.

(3)

ප්‍රදේශයේ පාරිසරික තත්ත්ව මත රඳා පවතී.

(4)

සුපෝෂණයට දායක වන එක ම දූෂක ප්‍රභවය වේ.

(5)

සැමවිට ම යම් කිසි නිෂ්පාදන හෝ සැකසීමේ ක්‍රියාවලියකට සම්බන්ධ ය.

Complexity: (0)