(1)

ශාකවල මුල් ඇදවීම සඳහා වඩාත් බහුල ව භාවිත කරන ක්‍රමය වනුයේ,

(1)

අතු කැබලි යොදා ගැනීම ය.

(2)

අංකුර බද්ධය ය.

(3)

රිකිලි බද්ධය ය.

(4)

අතු බැදීම ය.

(5)

පැළ සිටුවීම ය.

Complexity: (0)
(2)

gce-al-biosystems-technology-2019-new-mcq-sinhala-2

ඉහත රූපසටහනෙහි දක්වා ඇති මල් ශාකය

(1)

වැන්ඩා වේ.

(2)

කැට්ලියා වේ.

(3)

ඔන්සීඩියම් වේ.

(4)

ඩෙන්ඩ්‍රෝබියම් වේ.

(5)

පැලනොප්සිස් වේ.

Complexity: (0)
(3)

ජෛවපද්ධතියක් යනු,

(1)

සතුන් සමග අන්තර්ක්‍රියා වන්නා වූ ඕනෑම වෘක්ෂලතා ප්‍රජාවකි.

(2)

ශාක හා සතුන්ගෙන් සමන්විත ඕනෑම ජලජ පරිසර පද්ධතියකි.

(3)

ඉහළ ම විශේෂ විවිධත්වයක් සහිත ඕනෑම පරිසර පද්ධතියකි.

(4)

ජීවි සතුන් එකිනෙකා අතර අන්තර්ක්‍රියා සහිත ඕනෑම පද්ධතියකි.

(5)

අපෘෂ්ඨවංශීන් හා පහත් ශාක පමණක් අඩංගු වන්නා වූ ඕනෑම ජෛවවිද්‍යාත්මක පද්ධතියකි.

Complexity: (0)
(4)

ගොවියකුට ඔහුගේ ක්ෂේත්‍රයේ pH අගය 4.0 බව සඳහන් පාංශු පරික්ෂා වාර්තාවක් ලැබුණි. පඳුරු බෝංචි වගා කිරීමේ අභිලාෂයෙන්, ඔහුගේ ක්ෂේත්‍රයේ pH අගය 6.0 - 6.5 දක්වා නිවැරදි කර ගැනීමට ඔහුට අවශ්‍ය විය. ඔහු කළ යුත්තේ පසට,

(1)

ජිප්සම් එකතු කිරීම ය.

(2)

ඩොලමයිට් එකතු කිරීම ය.

(3)

කාබනික ද්‍රව්‍ය එකතු කිරීම ය.

(4)

කොළ පොහොර එකතු කිරිම ය.

(5)

හොඳ ගුණාත්මයෙන් යුත් ජලය යොදා ක්ෂේත්‍රය සෝදා හැරීම ය.

Complexity: (0)
(5)

කෙණ්ඩි (pitcher) ජල සම්පාදනය සලකනු ලබන්නේ,

(1)

බිංදු ජලසම්පාදන ක්‍රමයක් ලෙස ය.

(2)

බුබුළු ජලසම්පාදන ක්‍රමයක් ලෙස ය.

(3)

නවීන ජලසම්පාදන ක්‍රමයක් ලෙස ය.

(4)

පෘෂ්ඨිය ජලසම්පාදන ක්‍රමයක් ලෙස ය.

(5)

උපපෘෂ්ඨිය ජලසම්පාදන ක්‍රමයක් ලෙස ය.

Complexity: (0)
(6)

පහත දක්වා ඇති ප්‍රස්තාර අතුරෙන්, ජලයේ උෂ්ණත්වය සමග ජලජ ජීවීන්ගේ පරිවෘත්තිය ක්‍රියාකාරිත්වයේ විචලතාව වඩාත් හොඳින් පැහැදිලි වන්නේ,

(1)

gce-al-biosystems-technology-2019-new-mcq-sinhala-6-1

(2)

gce-al-biosystems-technology-2019-new-mcq-sinhala-6-2

(3)

gce-al-biosystems-technology-2019-new-mcq-sinhala-6-3

(4)

gce-al-biosystems-technology-2019-new-mcq-sinhala-6-4

(5)

gce-al-biosystems-technology-2019-new-mcq-sinhala-6-5

Complexity: (0)
(7)

ශිෂ්‍යයෙකු විසින් $\pu{1: 10 000}$ පරිමාණයේ සිතියමක් මත නගර දෙකක දුර මනින ලදුව, එම දුර ප්‍රමාණය සිතියම මත $\pu{4.50 cm}$ බව දැන ගන්නා ලදී. ඒ අනුව භූමිය මත මෙම නගර දෙක අතර සත්‍ය දුර විය යුත්තේ,

(1)

$\pu{0.045 km}$ ය.

(2)

$\pu{0.45 km}$ ය.

(3)

$\pu{4.5 km}$ ය.

(4)

$\pu{45 km}$ ය.

(5)

$\pu{450 km}$ ය.

Complexity: (0)
(8)

ජෛව පද්ධති සඳහා පසෙහි කලිල වැදගත් වනුයේ ඒවා,

(1)

වායු හුවමාරුව සඳහා මාර්ග සැපයීම සහ ශාකයේ ශ්වසනයට ආධාර වන නිසා ය.

(2)

පාංශු සංගතිය වැඩි කිරීම සහ පාංශු හායනය අවම කරන නිසා ය.

(3)

ජල පරිවහනයට ඉඩ සැලසීම සහ දුර්වල ජලවහන තව වළක්වන නිසා ය.

(4)

භාෂ්මික අයන අධිශෝෂණය කර රඳවාගෙන නිදහස් කිරීම මගින් ශාකවලට පෝෂණය ලබා දෙන නිසා ය.

(5)

ඒවායේ ධන ආරෝපණ මගින් ආම්ලික සංයෝග ආකර්ෂණය කර ගැනීම හා පසෙහි pH ස්වාරක්ෂණය කරන නිසා ය.

Complexity: (0)
(9)

පහත ප්‍රකාශ අතුරෙන් සමෝච්ච රේඛා පිළිබඳ නිවැරදි ප්‍රකාශය වනුයේ,

(1)

දඹයක දී (cliff) සමෝච්ච රේඛා එකිනෙකට ඉතා සමීප ව පිහිටිය හැකි ය.

(2)

ඉතා කලාතුරකින් සමෝච්ච රේඛා එකිනෙක කැපී පිහිටිය හැකි ය.

(3)

සමාන දුරින් පිහිටි සමෝච්ච රේඛා මගින් අසමාකාර බෑවුමක් දැක් වේ.

(4)

තැනිතලාවක දී සමෝච්ච රේඛා එකිනෙකට සමීප ව පිහිටයි.

(5)

කඳු මුදුනක දී සමෝච්ච රේඛා දුරස්ථ ව පිහිටයි.

Complexity: (0)
(10)

ගවයන්ගේ මද චක්‍රයේ දිග සාමාන්‍යයෙන්

(1)

දින 12 කි.

(2)

දින 21 කි.

(3)

දින 30 කි.

(4)

දින 45 කි.

(5)

දින 60 කි.

Complexity: (0)