You can test your knowledge. or
(1)

CBATCG හෂ්ම අනුපිළිවෙළ සහිත පටයකට අනුපූරක වන්නේ පහත සඳහන් ඒවා අතුරෙන් කවරක් ද?

(1)

GGTAGC

(2)

AACGAT

(3)

GGATUC

(4)

TTGCTA

(5)

GGUAGC

Complexity: (0)
More
(2)

පටලයක් නොමැත්තේ පහත සඳහන් ඉන්ද්‍රියිකාවන් අතුරෙන් කවරක ද?

(1)

මයිටොකොන්ඩ්‍රියා

(2)

ගොල්ගි දේහ

(3)

ලයිසොසෝම

(4)

ලව

(5)

රයිබොසෝම

Complexity: (0)
More
(3)

ඌනන විභාජනයේ දී අවතරණය සිදු වන්නේ

(1)

තනුපට අවධියේ දී යි.

(2)

යුගපට අවධියේ දී ය.

(3)

ඝනපට අවධියේ දී ය.

(4)

චතුෂ්පට අවධියේ දී ය.

(5)

උපේරණ අවධියේ දී ය.

Complexity: (0)
More
(4)

ඊතයිල් මධ්‍යසාරය නිපදවෙන නිර්වායු ශ්වසනයේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය වන්නේ

(1)

ATP ය.

(2)

NAD ය.

(3)

පයිරුවේට් ය.

(4)

ඔක්සිජන් ය.

(5)

ඇසිටැල්ඩිහයිඩ් ය.

Complexity: (0)
More
(5)

ග්ලූකෝස්වල ශ්වසනයේ දී නිදහස් වන $\ce{CO2}$ වලින් වැඩි කොටසක් නිපදවෙන්නේ පහත සඳහන් කවර ප්‍රතික්‍රියාවල දී ද?

(1)

ක්රේබ්ස් චක්‍රය

(2)

ග්ලයිකොලිසිය

(3)

මධ්‍යසාර පැසීම

(4)

ඔක්සිකාරක පොස්පොරයිලීකරණය

(5)

ලැක්ටික් අම්ල පැසීම

Complexity: (0)
More
(6)

පහත සඳහන් තක්සෝන අතුරෙන් පොදු ලක්ෂණ වැඩි ම සංඛ්‍යාවක් ඇත්තේ කුමන තක්සෝනයේ ද?

(1)

වංශය

(2)

වර්ගය

(3)

ගණය

(4)

කුලය

(5)

ගෝත්‍රය

Complexity: (0)
More
(7)

ප්‍රභාසංශ්ලේෂක ජීවීන් සම්භවය වූ කාලයේ දී

(1)

ප්‍රධාන සංඝටකය හයිඩ්රජන් වූ ඔක්සිහාරක වායුගෝලයක් පෘථිවියට තිබුණි.

(2)

පෘථිවියේ මහාද්වීප නොතිබුණු අතර සාගර පමණක් තිබුණි.

(3)

ස්වායු බැස්ටීරියා බහුල විය.

(4)

පෘථිවි වායුගෝලයේ සැලකිය යුතු ප්‍රමාණයක් මීතේන් තිබුණි.

(5)

පෘථිවි කබොල්ලේ තිබූ එක් ප්‍රධාන සංඝටකයක් වූයේ යකඩවල ඔක්සයිඩ ය.

Complexity: (0)
More
(8)

ඉතා දුර්ලභ ශාක විශේෂයක් වූ Alphonsea hortensis මෑත දී කරන ලද සමීක්ෂණයක දී කිසිම වන පරිසරයක දක්නට නොලැබිණ. මෙම විශේෂය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වඩාත් ම නිවැරදි විය හැක්කේ කුමක් ද?

(1)

එය දැන් නෂ්ට වූ විශේෂයකි.

(2)

එය අතිශයින් අන්තරායට ලක් වූ කාණ්ඩයට ඇතුළත් කළ හැකි ය.

(3)

එය දේශීය විශේෂයක් නම් පරිසරයේ නෂ්ට වූ කාණ්ඩයට ඇතුළත් කළ හැකි ය.

(4)

එම විශේෂයේ ශාක කිහිපයක් වගාවක් තිබේ නම් එය වන පරිසරයේ නෂ්ට වූ කාණ්ඩයට ඇතුළත් කළ හැකි ය.

(5)

දී ඇති දත්ත ප්‍රමාණවත් නොවන බැවින් එය දන්ත ඌන කාණ්ඩයට ඇතුළත් කළ හැකි ය.

Complexity: (0)
More
(9)

පහත සඳහන් ඒවා අතුරෙන් ලයිකොෆයිටාවල දක්නට ලැබෙන නමුත් ටෙරොෆයිටාවල දක්නට නොලැබෙන ලක්ෂණයක් වන්නේ කුමක් ද?

(1)

කශිකාධර පුංජන්මාණු

(2)

බීජාණුපත්‍රවල උඩ පෘෂ්ඨයට සවි වූ බීජාණුධානි

(3)

රයිසෝමයක් ලෙස පිහිටි කඳ

(4)

සරල ප්‍රාක්තලසක් ලෙස පිහිටි ජන්මාණු ශාකය

(5)

ලිග්නීභූත සෛල සහිත සනාල පටක

Complexity: (0)
More
(10)

වැසි දිනයක දී තම ගෙවත්තේ තෙත් පෘෂ්ඨයක් මත බඩගා යන පෘෂ්ඨෝදරීය ව පැතැලි මෘදු දේහයක් සහිත සත්වයෙක් ශිෂ්‍යයෙකු විසින් නිරික්ෂණය කරන ලදී. මෙම සත්වයාගේ නොතිබීමට ඉඩ ඇත්තේ පහත සඳහන් ඒවායින් කුමක් ද?

(1)

වෘත්තාකාර පේශී

(2)

පක්ෂම

(3)

ගුදය

(4)

අන්වායාම ස්නායු රජ්ජු

(5)

බහිස්ස්‍රාවී ප්‍රණාල

Complexity: (0)
More