(1)

පහත දැක්වෙන ඒවායින් ඩයිසැකරයිඩයක් වන්නේ කවරක්ද?

(1)

ෆ්රුක්ටෝස්

(2)

මෝල්ටෝස්

(3)

රයිබෝස්

(4)

ගැලැක්ටෝස්

(5)

ග්ලිසරැල්ඩිහයිඩ්

Complexity: (0)
(2)

පහත දක්වා ඇති ජලයේ ගුණාත්මක ලක්ෂණ අතුරෙන් කවරක් අචලතාපී සත්වයන්ගේ දේහ උෂ්ණත්වය පවත්වා ගෙන යැමට ඍජුව ම බලපායි ද?

(1)

අධික විලයනයේ ගුප්ත තාපය

(2)

අධික සංසක්ති සහ ආසක්ති බල

(3)

අධික වාෂ්පීකරණයේ ගුප්ත තාපය

(4)

අධික විශිෂ්ට තාපය

(5)

ධ්‍රැවීයතාව

Complexity: (0)
(3)

පහත සඳහන් ව්‍යුහ - කෘත්‍ය සම්බන්ධතා අතුරෙන් වැරදි වන්නේ කුමක්ද?

(1)

න්‍යෂ්ටිය - රයිබොසෝම සංශ්ලේෂණය

(2)

ක්ෂුද්‍රදේහ - ශාකවල ප්‍රභාශ්වසනය

(3)

ලයිසොසෝම - විශාරණය

(4)

මයිටොකොන්ඩියා - ATP සංශ්ලේෂණය

(5)

ගොර්ජි සංකීර්ණය - ග්ලයිකොලිපිඩ සංශ්ලේෂණය

Complexity: (1)
(4)

පහත සඳහන් පරිවෘත්තීය ක්‍රියාවලි අතුරෙන් ශක්තිදායක ප්‍රතික්‍රියාවක් වන්නේ කවරක්ද?

(1)

$\ce{ADP + P1 -> ATP + H2O}$

(2)

$\ce{6CO2 + 6H2O -> C6H12O6 + 6O2}$

(3)

$\ce{C6H12O6 + 6O2 -> 6CO2 + 6H2O}$

(4)

ඇමයිනෝ අම්ල $\ce{->}$ ප්‍රෝටීන

(5)

ග්ලිසරෝල් + මේද අම්ල $\ce{->}$ මේදය

Complexity: (0)
(5)

එක්තරා ශාක සෛල වර්ගයක විස්තර පහත දැක්වේ.

  • රික්තක සහිත සෛල වේ. පරිණත අවස්ථාවේදී සජීව වේ. තුනී ප්‍රාථමික සෛල බිත්ති සහිත වේ. සාමාන්‍යයෙන් සමවිෂ්කම්භික වේ. පරිවෘත්තියව සක්‍රිය වේ. ශාකවල ප්‍රාථමික හා ද්විතීයික යන පටක දෙවර්ගයේ ම දක්නට ලැබේ. සංචිත සෛල වේ.

පහත සඳහන් සෙල වර්ග අතුරෙන් කුමක් ඉහත විස්තරයට අනුකූල වේ ද?

(1)

පෙනේර නළ සෛල

(2)

සහචර සෛල

(3)

මෘදුස්තර සෛල

(4)

ස්ථුලකෝණාස්තර සෛල

(5)

දෘඩස්තර සෛල

Complexity: (0)
(6)

ප්‍රභාසංස්ලේෂණයේ සක්‍රිය වර්ණාවලිය යනු කුමක් ද?

(1)

විවිධ තරංග ආයාමවලදී ව‍ර්ණක මගින් අවශෝෂණය කෙරෙන ආලෝක ප්‍රමාණය දැක්වෙන ප්‍රස්තාරයකි.

(2)

දවසේ විවිධ කාලයන්හිදී වර්ණක මගින් අවශෝෂණය කෙරෙන ආලෝක ප්‍රමාණය දැක්වෙන ප්‍රස්තාරයකි.

(3)

ආලෝකයේ විවිධ තරංග ආයාමවලදී ප්‍රභාසංශ්ලේෂණ ශීඝ්‍රතාව දැක්වෙන ප්‍රස්තාරයකි.

(4)

ආලෝකයේ විවිධ තරංග ආයාමවලදී, අවශේෂණය කෙරෙන $\ce{CO2}$ ප්‍රමාණය දැවෙන ප්‍රස්තාරයකි.

(5)

විවිධ ආලෝක තීව්‍රතාවලදී ප්‍රභාසංශ්ලේෂණ ශීඝ්‍රතාව දැවෙන ප්‍රස්තාරයකි.

Complexity: (0)
(7)

ලයිකොෆයිටා කාණ්ඩයේ සාමාජිකයන්

(1)

ජලජ වේ.

(2)

ප්‍රභාසංශ්ලේෂණය සිදු නොකරන ජන්මානු ශාක නිපදවයි.

(3)

සැමවිට ම සමබීජානුක වේ.

(4)

සනාල පටක රහිත වේ.

(5)

සංසේචනය සඳහා බාහිර ජලය මත යැපේ.

Complexity: (0)
(8)

A, B සහ C ලෙස සලකුණු කරන ලද සතුන් තිදෙනෙකුගේ ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.

  • (i) සත්තු තිදෙනා ම ද්විපාර්ශ්වික සමමිතිය දක්වන අතර ශීර්ෂණය ද පෙන්නුම් කරති.
  • (ii) A සහ B ගේ ආහාර මාර්ග සම්පූර්ණ අතර C ගේ ආහාර මාර්ගය අසම්පූර්ණ ය.
  • (iii) ජලක්ලෝම සහ පෘෂ්ඨිය හෘදයක් ඇත්තේ A ට හා B ට පමණි.
  • (iv) A ට පිටසැකිල්ලක් ද B ට ඇතුළු සැකිල්ලක් ද ඇති අතර C ට ඇතුළු සැකිල්ලක් හෝ පිටසැකිල්ලක් හෝ නොමැත.

A, B සහ C ලෙස සලකුණු කරන ලද සතුන් තිදෙනා පිළිවෙළින්

(1) ඉස්සො, දැල්ලා සහ පටිපණුවා වේ.
(2) ගොළුබෙල්ලා, තිලාපියා සහ ගැඩවිලා වේ.
(3)

කැස්බෑවා, බලයා සහ Planaria වේ.

(4) කකුළුවා, ගොළුබෙල්ලා සහ අක්මා පැතැල්ලා වේ.
(5) ඉස්සා, මට්ටියා සහ පටිපණුවා වේ.
Complexity: (0)
(9)

පහත දැක්වෙන ලක්ෂණ අතුරින් කවරක් අනෙලිඩා සහ එකයිනොඩර්මටා යන කාණ්ඩ දෙකෙහි ම දක්නට ලැබේ ද?

  • A. හොඳින් විකසනය වූ සීලෝමය
  • B. වෘක්කිකා
  • C. බාහිර සංසේචනය
  • D. ජලක්ලෝම
  • E. කීට අවස්ථා
  • F. ශීර්ෂණය

(1)

B, D සහ E පමණි.

(2)

A, C සහ D පමණි.

(3)

A, C, D සහ E පමණි.

(4)

A, C, D සහ F පමණි.

(5)

A සහ E පමණි.

Complexity: (0)
(10)

ගැස්ට්‍රයිටිස් සඳහා දායක වන සාධකයක් නොවන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද?

(1)

මද්‍යසාර භාවිතය

(2)

උදෑසන ආහාර වේල නොගැනීම

(3)

ක්ෂය රෝගය

(4)

මානසික ආතතිය

(5)

තන්තු ඌන ආහාර ගැනීම

Complexity: (0)