You can test your knowledge. or
(1)

සල්ෆර් අඩංගු වන්නේ පහත සඳහන් ඒවා අතුරෙන් කුමක් ද ?

(1)

DNA

(2)

ලිපිඩ

(3)

ප්‍රෝටීන

(4)

කයිටීන්

(5)

ඉනියුලීන්

Complexity: (0)
More
(2)

ආලෝක අන්වීක්ෂයක් යටතේ නිරීක්‍ෂණය කළ නොහැක්කේ පහත සඳහන් ඒවා අතුරෙන් කුමක් ද?

(1)

පිෂ්ට කණිකා

(2)

යීස්ට් සෛල

(3)

ප්ලාස්මිඩ

(4)

හරිතලව

(5)

පූටිකා

Complexity: (0)
More
(3)

කාබොහයිඩ්‍රේට සම්බන්ධයෙන් වැරදි සංකලනයක් වන්නේ පහත දැක්වෙන ඒවා අතුරෙන් කුමක් ද?

(1)

ශාක තුළ පරිවහනය - සුක්‍රෝස්

(2)

මිනිසා තුළ පරිවහනය - සුක්‍රෝස්

(3)

ශාක තුළ ආහාර සංචිතය - සෙලියුලෝස්

(4)

ATP වල සංඝටකයක් වීම - රයිබෝස්

(5)

දිලීර සෛල බිත්ති වල සංඝටකයක් වීම - කයිටීන්

Complexity: (0)
More
(4)

තරගකාරී නිෂේධක, එන්සයිමයක ක්‍රියාව නතර කරන්නේ

(1)

එන්සයිමයේ හැඩය වෙනස් කිරීමෙනි.

(2)

උපස්තරය සමග සම්බන්ධ වීමෙනි.

(3)

එන්සයිමයේ සක්‍රිය ලක්ෂය අවහිර කිරීමෙනි.

(4)

ප්‍රතික්‍රියාවේ ඵල සමග සම්බන්ධ වීමෙනි.

(5)

එන්සයිමයේ පෙප්ටයිඩ බන්ධන විනාශ කිරීමෙනි.

Complexity: (0)
More
(5)

එතනෝල් පැසීමේ දී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය ලෙස ක්‍රියා කරන්නේ පහත සඳහන් ඒවා අතුරෙන් කුමක් ද?

(1)

ඇසිටැල්ඩිහයිඩ්

(2)

පයිරුවේට්

(3)

ඇසිටයිල් සහ එන්සයිම් - A

(4)

අණුක ඔක්සිජන්

(5)

ග්ලූකෝස්

Complexity: (1)
More
(6)

ප්ලාන්ටේ රාජධානියේ ලක්ෂණ පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?

(1)

සෛල බිත්තිවල පෙප්ටිඩොග්ලයිකෑන් හා සෙලියුලෝස් ඇත.

(2)

සෛල පටලයේ ඇති ලිපිඩ බොහොමයක් ශාකනය වී නැත.

(3)

ප්‍රධාන සංචිත ආහාර ද්‍රව්‍ය වනුයේ ග්ලයිකොජන් සහ පිෂ්ටයයි.

(4)

ප්‍රෝටීන් සංලේෂණය සඳහා ආරම්භක කේතය වන්නේ ෆෝමයිල් මෙතියොනීන් ය.

(5)

අනෙකුත් රාජධානි වල ඇති සංචරණ ව්‍යුහ දක්නට ලැබේ.

Complexity: (0)
More
(7)

ක්‍රිසොෆයිටා වංශය ප්‍රොටිස්ටා රාජධානියට අයත් අනෙක් වංශ වලින් වෙනස් වන්නේ පහත දැක්වෙන කුමන ලක්ෂණය නිසා ද?

(1)

වර්ධක සෛලවල කශිකා නොමැති වීම

(2)

එක් සංචිත ඵලයක් ලෙස මැනිටෝල් තිබීම

(3)

ප්‍රභාස්වයංපෝෂින්ට අමතරව රසායනික ස්වයංපෝෂින් සිටීම

(4)

ප්‍රභාසංශ්ලේෂක වර්ණකයක් ලෙස ක්ලොරෝෆිල්-b නොතිබීම

(5)

සෛල බිත්තියේ සිලිකා තිබීම

Complexity: (0)
More
(8)

දරුවෙක් පහත දැක්වෙන විටමින ඌනතා ලක්ෂණ පෙයි.

  • (a) විඩාව
  • (b) රක්තහීනතාව
  • (c) තුවාල සුව වීම ප්‍රමාද වීම
ඔහු ඌනතාවන් දක්වන විටමින වනුයේ

(1) පැන්ටොතෙනික් අම්ලය, ෆෝලික් අම්ලය සහ ඇස්කෝබික් අම්ලයයි.
(2) තයමින්, නියසින් සහ රයිබොෆ්ලෙවින් ය.
(3)

රයිබොෆ්ලෙවින්, විටමින් $\ce{B12}$ සහ බයොටින් ය.

(4) විටමින් A, විටමින් D සහ විටමින් C ය.
(5)

විටමින් $B_2$, විටමින් E සහ විටමින් K ය.

Complexity: (0)
More
(9)

සිගරට් දුම් පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?

(1)

එයට දීර්ඝකාලීන ලෙස නිරාවරණය වීම නිසා ශ්වසන මාර්ග අපිච්ඡදයේ ජනක ස්තරයේ සෛල වල ක්‍රියාකාරීත්වය අඩු වේ.

(2)

එය ශ්වසන මාර්ග අපිච්ඡදයේ ඇති කලස් සෛල හා පක්ෂ්මධර සෛල උත්තේජනය කර ඒවා යේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි.

(3)

එය හෘත් ස්පන්දන ශීඝ්‍රතාව සහ රුධිරය ඔස්සේ ඔක්සිජන් පරිවහනය කිරීම වැඩි කරයි.

(4)

එය පර්යන්ත රුධිර වාහිනි විස්තාරණය කර සමට සැපයෙන රුධිර ප්‍රමාණය වැඩි කරයි.

(5)

එය පෙනහැලි පටකයෙන් ජාරක එන්සයිම විශාල ප්‍රමාණයක් නිදහස් කිර්මට දායක වේ.

Complexity: (0)
More
(10)

හෙපරින් ස්‍රාවය කළ හැක්කේ පහත සඳහන් සුදු රුධිරාණු අතුරෙන් කුමකට ද?

(1)

නියුට්‍රොෆිල

(2)

බේසොෆිල

(3)

ඉයොසිනොෆිල

(4)

මොනොසයිට

(5)

වසා සෛල

Complexity: (0)
More