(1)

පොලිසැකරයිඩ අණුවක කොටසක ව්‍යුහය රූපසටහනේ දක්වා ඇත. මෙහි මොනොසැකරයිඩ අණු එකිනෙකට සම්බන්ධ වී ඇත්තේ කුමන බන්ධන වර්ගයකින් ද?

gce-al-biology-2013-mcq-sinhala-1

(1)

පෙප්ටයිඩ් බන්ධන

(2)

හයිඩ්‍රජන් බන්ධන

(3)

ඩයිසල්ෆයිඩ බන්ධන

(4)

ගලයිකොසිඩික බන්ධන

(5)

අයනික බන්ධන

Complexity: (0)
(2)

පහත සඳහන් කවරක් ශාකවල පමණක් දක්නට ලැබේ ද?

(1)

80 S රයිබොසෝම

(2)

අන්තඃප්ලාස්මීය ජාලිකාව

(3)

ප්ලාස්මිඩ

(4)

ග්ලයොක්සිසෝම

(5)

ගොල්ගි සංකිර්ණය

Complexity: (0)
(3)

ග්ලූකෝස්වල සෛලීය ස්වායු ස්වසනයේදී නිපදවෙන ATP වලින් දළ වශයෙන් කවර ප්‍රතිශතයක් ඉලෙක්ට්‍රොන පරිවහන පද්ධනිය මඟින් නිපදවේ ද?

(1)

63%

(2)

58%

(3)

89%

(4)

11%

(5)

79%

Complexity: (0)
(4)

ග්ලයිකොලිසිය සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් වැරදි ද?

(1)

ATP නිපද වේ.

(2)

ATP භාවිත වේ.

(3)

$\ce{NADH2}$, නිපද වේ,

(4)

$\ce{CO2}$, මුක්ත වේ.

(5)

සයිටොසොලයේදී සිදු වේ.

Complexity: (0)
(5)

මොලස්කා වංශයේ මෙන් ම ප්ලැටිහෙල්මින්තේස් වංශයේ ද දැකිය හැක්කේ පහත සඳහන් කුමන ව්‍යුහ ද?

(1)

ගැංග්ලියා, ජලක්ලෝම, චූෂකර

(2)

ස්නායු රජ්ජු, බහිස්‍රාවි ප්‍රණාල, ගුදය

(3)

ස්නායු වලය, අක්ෂි ලප, ශ්ලේෂ්මල ග්‍රන්ථි

(4)

රසායන ප්‍රතිග්‍රාහක, ග්‍රාහිකා, වෘක්කිකා

(5)

තුලාකෝෂ්ඨ, අංකුශ, ප්‍රජනනේන්ද්‍රිය ප්‍රණාල

Complexity: (0)
(6)

අචලතාපී සතුන් සහිත පෘෂ්ඨවංශී වර්ගවල ආවේණික ලක්ෂණ පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?

(1)

අචලතාපී සතුන් සහිත සියළුම පෘෂ්ඨවංශී වර්ග ජලාබුජ සතුන් සහිත ය.

(2)

අණ්ඩජලාබුජ සතුන් සහිත සියළුම පෘෂ්ඨවංශී වර්ග අවලතාපී සතුන් සහිත ය.

(3)

නිමීලන පටල දරන සතුන් සහිත සියළුම පෘෂ්ඨවංශී වර්ග අචලතාපී සතුන් සහිත ය.

(4)

අවලතාපී සතුන් සහිත සියළුම පෘෂ්ඨවංශී වර්ග කපාල ස්නායු යුගල් 12ක් දරන සතුන් සහිත ය.

(5)

අභ්‍යන්තර සංසේචනය දක්වන සතුන් සහිත සියළුම පෘෂ්ඨවංශී වර්ග අවලතාපී සතුන් සහිත ය.

Complexity: (0)
(7)

ආකියා අධිරාජධානියේ සාමාජිකයෝ

(1)

පෙප්ටිඩොග්ලයිකෑන් රහිත සෛල බිත්ති දරති.

(2)

සර්වභූතස්ථ වෙති.

(3)

එක් වර්ගයකට අයත් RNA පොලිමරේස් පමණක් දරයි.

(4)

බොහෝ ප්‍රතිජීවකවලට සංවේදී වෙනි.

(5)

ශාකනය නොවූ ලිපිඩ අඩංගු සෛල පටල දරති.

Complexity: (0)
(8)

රොඩොෆයිටා වංශයේ සාමාජිකයන් පිළිබඳ පහත සඳහන් කවරක් නිවැරදි ද?

(1)

ඒකසෛලීය හෝ බහුසෛලීය හෝ වේ.

(2)

ක්ලොරොෆිල, කැරොටින සහ සැන්තොෆිල දරයි.

(3)

ප්‍රජනක සෛලවල කශිකා නොමැත.

(4)

සෛල බිත්තිවල සෙලියුලෝස් හා පෙක්ටින් ඇත.

(5)

මැනිටෝල් සංචිත ආහාරයක් වේ.

Complexity: (0)
(9)

මිනිසාගේ පහත සඳහන් කුමන එන්සයිමය මගින් ඉටුකරන කාර්යය වෙනත් එන්සයිමයක් මගින් ආදේශ කළ නොහැකි ද?

(1)

ඩයිපෙප්ටයිඩේස්

(2)

ට්‍රිප්සින්

(3)

කයිමොට්‍රිප්සින්

(4)

කාබොක්සිපෙප්ටයිඩේස්

(5)

මෝල්ටේස්

Complexity: (0)
(10)

10. මෙම ප්‍රශ්නය පහත සඳහන් සතුන්ගේ රුධිර සංසරණ පද්ධති මත පදනම් වේ.

  • a. කැස්බෑවා
  • b. හම්බෙල්ලා
  • c. $Ichthyophis$
  • d. කැරපොත්තා
  • e. බූවල්ලා
  • f. මකුලුවා
  • g.$ Nereis$

විවෘත සංසරණ පද්ධතියක් ඇත්තේ ඉහත සඳහන් කුමන සත්වයන්ට ද?

(1) a, b සහ g ට පමණි.
(2) a සහ c ට පමණි.
(3) b සහ c පමණි.
(4) b, d, e සහ f ට පමණි.
(5) d සහ f ට පමණි.
Complexity: (0)