(1)

සජීවීන් තුළ ස්කන්ධය අනුව වඩාත් ම බහුල රසායනික මූලද්‍රව්‍යය වනුයේ පහත සඳහන් ඒවායින් කුමක් ද?

(1)

හයිඩ්‍රජන්

(2)

කාබන්

(3)

සෝඩියම්

(4)

ඔක්සිජන්

(5)

නයිට්‍රජන්

Complexity: (0)
(2)

පහත සඳහන් බහුඅවයවක අතුරෙන් ශාකවල පමණක් දක්නට ලැබෙනුයේ කවරක් ද?

(1)

ග්ලයිකොජන්

(2)

කයිටින්

(3)

රයිබොනියුක්ලික් අම්ලය

(4)

ඉනියුලින්

(5)

කෙරටින්

Complexity: (0)
(3)

සජීවි සෛල සම්බන්ධයෙන් පහත සඳහන් ඒවා අතුරෙන් වැරදි වන්නේ කවරක් ද?

(1)

සියලු ම ජීවීන් සෛලවලින් සමන්විත වේ.

(2)

ජීවයේ මූලික ව්‍යුහමය ඒකකය සෛලය වේ.

(3)

ජීවයේ මූලික කෘත්‍යමය ඒකකය සෛලය වේ.

(4)

සියලු ම සෛලවල සෛලසැකිල්ලක් ඇත.

(5)

සෛලය මට්ටමට පහළින් ඇති පදාර්ථයේ කිසිම සංවිධාන මට්ටමක් ජෛවී යැයි නොසැලකේ.

Complexity: (0)
(4)

පහත සඳහන් කවර ක්‍රියාවලියක් මයිටොකොන්ඩ්‍රියාවල අභ්‍යන්තර පටලයෙහි සිදු වේ ද?

(1)

පයිරුවේට්, ඇසිටයිල් සහඑන්සයිම් A බවට පරිවර්තනය වීම

(2)

NADH සෑදීම

(3)

එතනෝල් පැසීම

(4)

ඔක්සිකාරක පොස්පොරසිලීකරණය

(5)

$\ce{CO2}$, නිදහස් වීම

Complexity: (0)
(5)

සෛල චක්‍රයේ පහත සඳහන් කවර අවධියක DNA සංශ්ලේෂණය සිදු වේ ද?

(1)

අන්තර් කලාව

(2)

ප්‍රාක්කලාව

(3)

යෝගකලාව

(4)

වියෝගකලාව

(5)

අන්තකලාව

Complexity: (0)
(6)

තෙත් භෞමික පරිසරවල බහුල ව හමුවන ශාකයක පහත සඳහන් ලක්ෂණ නිරීක්ෂණය කරන ලදී.

  • (a) සනාල පටකය
  • (b) ප්‍රමුඛ බීජාණුශාකය
  • (c) සංසේචනය සඳහා බාහිර ජලය අවශ්‍ය වීම

ශාකය බොහෝවිට අයත් විය හැකි වංශය වන්නේ

(1)

බ්‍රයොෆයිටා ය.

(2)

ලයිකොෆයිටා ය.

(3)

සයිකැඩොෆයිටා ය.

(4)

කොනිෆෙරොෆයිටා ය.

(5)

ඇන්තොෆයිටා ය.

Complexity: (0)
(7)

මොනොකොටිලිඩොනේ වර්ගයේ දක්නට නොලැබෙනුයේ පහත සඳහන් කුමන ලක්ෂණය ද?

(1)

පරිපුෂ්ප

(2)

ත්‍රි-අංක පුෂ්ප කොටස්

(3)

පත්‍රවල සමාන්තර නාරටි වින්‍යාසය

(4)

මුදුන් මුල් පද්ධතිය

(5)

කඳේ සනාල කලාප විසිරි තිබීම

Complexity: (0)
(8)

ඇනලීඩාවෙක් නෙමටෝඩාවෙකුගෙන් වෙන්කර හඳුනා ගැනීමට භාවිත කළ හැක්කේ පහත සඳහන් කුමන ලක්ෂණය ද?

(1)

හොඳින් විකසනය වූ දේහ කුහරය

(2)

උච්චර්මය

(3)

ද්‍රවස්ථිති සැකිල්ල

(4)

ප්‍රණාල සහිත ප්‍රජනනේන්ද්‍රිය

(5)

මස්තිෂ්ක ගැංග්ලියා

Complexity: (0)
(9)

චලතාපී, අණ්ඩජ සහ කපාල ස්නායු යුගල 12 ක් දරන සත්ත්ව කාණ්ඩය වනුයේ පහත සඳහන් ඒවායින් කුමක් ද?

(1)

කොන්ඩ්‍රික්තියේස්

(2)

ඔස්ටෙයික්තියේස්

(3)

ඇම්ෆිබියා

(4)

රෙප්ටීලියා

(5)

ආවේස්

Complexity: (0)
(10)

මිනිසාගේ චාර්වක දතක

(1)

බාහිර ආවරණය දන්තිනයෙන් සහ එනැමලයෙන් සමන්විත වේ.

(2)

වඩාත් ම ඝනකම් ස්තරය දන්ත සිමෙන්ති ය.

(3)

දන්ත මූලය දන්ත මස්තකයට වඩා දිගු ය.

(4)

ස්නායු අග්‍ර දන්තිනයට විහිදේ.

(5)

වඩාත් ම බහුල ද්‍රව්‍යය එනැමල් ය.

Complexity: (0)