You can test your knowledge. or
(1)

ජීවයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය වන්නේ

(1) මහාඅණුවයි.
(2) ඉන්ද්‍රියිකාවයි.
(3) සෛලයයි.
(4) පටකයයි.
(5) අවයවයයි.
Complexity: (1)
More
(2)

සමහර නියුක්ලියොටයිඩ

(1)

හෙක්ස‌ෝස් සීනි දරයි.

(2)

කාබනික සහසාධක ලෙස ක්‍රියා කරයි.

(3)

එන්සයිම ලෙස ක්‍රියා කරයි.

(4)

ඔක්සිජන් වාහක ලෙස ක්‍රියා කරයි.

(5)

ආහාර සංචිත ලෙස ක්‍රියා කරයි.

Complexity: (1)
More
(3)

අන්වීක්ෂ පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?

(1)

ආලෝක අන්වීක්ෂයක දෘශ්‍ය ආලෝකය අවනෙත් කාචය තුළින් ගමන් කර ඉන් පසු නිදර්ශකය තුළින් ගමන් කරයි.

(2) ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක මූලධර්මය වන්නේ රික්තකයක් තුළින් ආලෝක කදම්බයක් ප්‍රක්ෂේපණය කිරිමයි.
(3)

පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක භාවිත කරනු ලබන්නේ සෛලවල අභ්‍යන්තර ව්‍යුහය අධ්‍යයනය කිරීම සඳහා ය.

(4)

සම්ප්‍රේෂ්ණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිත කරනු ලබන්නේ සජිවී නිදර්ශකවල සවිස්තරාත්මක අධ්‍යයන සඳහා ය.

(5)

විශාලනය සහ විභේදන බලය සියලු ම අන්වීක්ෂවල වැදගත් ලක්ෂණ වේ.

Complexity: (0)
More
(4)

සෛලසැකිල්ලේ

(1)

ක්ෂුද්‍රනාලිකා තැනී ඇත්තේ අ‌‌ැක්ටින් වලිනි.

(2) කෙරටින් නොමැත.
(3) ඉන්ද්‍රියිකාවල චලනය සඳහා ක්ෂුද්‍රනාලිකා සහභාගී වේ.
(4) සුත්‍රිකා, සෛල විභාජනයේදී වර්ණදේහවල චලනය සඳහා සහභාගි වේ.
(5) අතරමැදි සුත්‍රිකා, සෛලයෙන් ද්‍රව්‍ය ස්‍රාවය කිරීම සඳහා අවශ්‍ය මාර්ග සපයයි.
Complexity: (0)
More
(5)

සෛල චක්‍රයේ

(1)

G1 කලාවේදී DNA සංශ්ලේෂණය සිදු වේ.

(2)

G2 කලාවේදී ප්‍රෝටීන සංශ්ලේෂණය සිදු වේ.

(3)

තර්කුව තැනීම ආරම්භ වන්නේ යෝගකලාවේදී ය.

(4)

ක්‍රෝමැටින් තන්තුවල ඝනවීම සිදු වන්නේ S කලාවේදී ය.

(5)

‌‌‌සෛලප්ලාස්මය බෙදෙනුයේ වියෝගකලාවේදී ය.

Complexity: (0)
More
(6)

ක්ලෝරොෆිල් පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?

(1)

ක්ලෝරොෆිල් ජම්බුල, නිල් සහ රතු ආලෝකය අවශෝෂණය කරයි.

(2) ශාකවල ඇති ආලෝකය ග්‍රහණය කර ගන්නා ප්‍රධාන ම වර්ණකය ක්ලෝරොෆිල් -b ය.
(3) ක්ලෝරොෆිල්-a වඩාත් ම කාර්යක්ෂම වන්නේ කොළ ආලෝකය ග්‍රහණය කිරීම සඳහා ය.
(4) අධික ව ඇති ආලෝක ශක්තිය අවශෝෂණය කිරීම සහ විසුරුවා හැරීම සඳහා ක්ලෝරොෆිල්-a සහභාගී වේ.
(5)

ප්‍රභාපද්ධති-I හිදී, ක්ලෝරොෆිල්-a අවශෝෂණය කරන්නේ $\pu{680 nm}$ තරංග ආයාමයේ ආලෝකය යි.

Complexity: (0)
More
(7)

ඊතයිල් මධ්‍යසාර පැසීමේදී. ලැක්ටික් අම්ල පැසීමේදී සහ සවායු ශ්වසනයේදී නිපදවනු ලබන සංයෝගයක් වන්නේ

(1)

ඔක්සලොඇසිටේට් ය.

(2)

සිට්ට්‍රේට් ය.

(3)

ඇසිටැල්ඩිහයිඩ් ය.

(4)

ඇසිටයිල් $\ce{CoA}$ ය.

(5)

පයිරුවේට් ය.

Complexity: (0)
More
(8)

ජීවින්ගේ පරිණාමයේදී සීලෝමය ප්‍රථමයෙන් ම විකසනය වූයේ

(1)

ඇනලීඩාවන්ගේ ය.

(2)

ආත්‍රොපෝඩාවන්ගේ ය.

(3)

මොලස්කාවගේ ය.

(4)

එකයිනොඩමේටාවන්ගේ ය.

(5)

කෝඩේටාවන්ගේ ය.

Complexity: (1)
More
(9)

ඇනලීඩාවන්ගේ මෙන් ම ආත්‍රොපෝඩාවන්ගේ ද දැකිය හැක්කේ පහත සඳහන් කුමන ව්‍යුහය ද?

(1)

මෙවුල

(2)

අංශපාදිකා

(3)

උදරීය ස්නායු රජ්ජුව

(4)

කේශනාලිකා

(5)

කයිටිනීය පිටසැකිල්ල

Complexity: (1)
More
(10)

$Marchantia$ වලට පරිණාමික ව වඩාත් ම ආසන්න වන්නේ පහත සඳහන් කුමන ශාකය ද?

(1)

$Anthoceros$

(2)

$Selaginella$

(3)

$Gnetum$

(4)

$Pogonatum$

(5)

$Nephrolepis$

Complexity: (0)
More