(1)

$\ce{Zn}$ වලට වඩාත් ම සමාන රසායනික ගුණ ඇති මුලද්‍රව්‍යය වන්නේ

(1)

$\ce{Ca}$

(2)

$\ce{Sr}$

(3)

$\ce{Pb}$

(4)

$\ce{Mg}$

(5)

$\ce{Cd}$

Complexity: (0)
(2)

 ආවර්තිතා වගුවේ $d-$ගොනුවට අයත් නො වන මූලද්‍රව්‍යය වන්නේ

(1)

$\ce{Cu}$

(2)

$\ce{Mn}$

(3)

$\ce{Fe}$

(4)

$\ce{Se}$

(5)

$\ce{Zn}$

Complexity: (0)
(3)

$300 \mathrm{K}$ උෂ්ණත්වයක දී හා වායුගෝල 1 ක පීඩනයක් යටතෙහි, $\ce{N2}$ වල ඝනත්වයට ආසන්න ම ඝනත්වයක් ඇතැයි බලාපොරොත්තු විය හැකි වායුව කුමක් ද? (සාපේක්ෂ පරමාණුක ස්කන්ධ : $\ce{H=1; C= 12; N = 14 ; O = 16; F = 19) }$

(1)

$\ce{O2}$

(2)

$\ce{NO}$

(3)

$\ce{CO2}$

(4)

$\ce{CH3F}$

(5)

$\ce{C2H4}$

Complexity: (0)
(4)

පහත සඳහන් ඒවායින් තාපස්ථාපන බහු අවයවයක් වන්නේ කුමක් ද?

(1)

පොලිස්ටයිරීන්

(2)

පොලිවයිනයිල් ක්ලෝරයිඩ්

(3)

පොලිඑතිලීන්

(4)

යූරියා-ෆෝමැල්ඩිහයිඩ්

(5)

ස්වාභාවික රබර්

Complexity: (0)
(5)

වායුමය අවස්ථාවේ දී ද්වීපරමාණුක අණුවක් සෑදීමට වඩාත් ම ඉඩ ඇති මූලද්‍රව්‍යය වනුයේ

(1)

$\ce{Ne}$

(2)

$\ce{Zn}$

(3)

$\ce{Na}$

(4)

$\ce{Ca}$

(5)

$\ce{Ar}$

Complexity: (0)
(6)

 බාහිර ඉලෙක්ට්‍රෝන වින්‍යාසය $ns^2np^3$ ආකාරයේ වන මුලද්‍රව්‍යයකට තිබීමට වඩාත් ඉඩ ඇති සංයුජතා වන්නේ

(1)

2 හා 4

(2)

2 හා 5

(3)

1 හා 5

(4)

3 හා 5

(5)

4 හා 5

Complexity: (0)
(7)

සාපේක්ෂ අණුක ස්කන්ධය $270$ ක් වන, $\ce{C, H}$ සහ $\ce{O}$ පමණක් අඩංගු කාබනික සංයෝගයක ස්කන්ධය අනුව $29.6 \%$ ඔක්සිජන් අඩංගු ය. මෙම කාබනික සංයෝගයේ අණුවක ඔක්සිජන් පරමාණු කොපමණ ඇත් ද?

(සාපේක්ෂ පරමාණුක ස්කන්ධ : $\ce{H = 1; C = 12, O = 16)}$

(1)

1

(2)

2

(3)

3

(4)

4

(5)

5

Complexity: (0)
(8)

දෙන ලද උෂ්ණත්වයක දී සිදුවන, වායුමය මෙතෙන්වල පියවර ආකාර විඝටනය සඳහා සම්මන එන්නැපි අගයයන් $\ce{\Delta H ^0_D}$ පහත දක්වා ඇත

$\ce{CH4 (g) -> CH3(g) + H (g)}$$\Delta ^0 _{D_1} = + 426 \; \mathrm{kJ mol^{-1}}$
$\ce{CH3 (g) -> CH2(g) + H (g)}$$\Delta ^0 _{D_2} = + 436 \; \mathrm{kJ mol^{-1}}$
$\ce{CH2 (g) -> CH(g) + H (g)}$$\Delta ^0 _{D_3} = + 455 \; \mathrm{kJ mol^{-1}}$
$\ce{CH (g) -> C (g) + H (g)}$$\Delta ^0 _{D_4} = + 347 \; \mathrm{kJ mol^{-1}}$

$\ce{CH4 (g)}$ වල $\ce{C \bond{-} H}$ බන්ධනය සඳහා මධ්‍යන්‍ය සම්මත බන්ධන විසටන එන්තැල්පිය, $\mathrm{kJ mol^{-1}}$ ඒකකවලින්, ගන්නා අගය වනුයේ

(1)

$+416$

(2)

$+208$

(3)

$+862$

(4)

$+426$

(5)

$-416$

Complexity: (0)
(9)

ස්කන්ධය අනුව එතනොල් $\ce{(C2,H5OH)}$ $10\%$ ක් අඩංගු ජලීය එතනොල් ද්‍රාවණ $0.10 \mathrm{kg}$ හි, හයිඩ්‍රජන් පරමාණු මවුල කොපමණ අන්තර්ගත වේ ද?

(සාපේක්ෂ පරමාණුක ස්කන්ධ :- $\ce{H = 1; C = 12; O=16)}$

(1)

1.3

(2)

10.0

(3)

11.3

(4)

5.2

(5)

5.7

Complexity: (0)
(10)

 $\ce{Ca3(PO4)2 + 4 H3PO4 -> 3 Ca(H2PO4)2 }$ යන සමීකරණය අනුව, $\ce{Ca(H2PO4)2}$ $100 \mathrm{g}$ ක් ලබා ගැනීමට අවශ්‍ය $\ce{Ca3(PO4)2}$ ස්කන්ධය ගණනය කරන්න.

(සාපේක්ෂ පරමාණුක ස්කන්ධ : $\ce{H=1; O = 16; P = 31; Ca = 40)}$)

(1)

$22 \mathrm{g}$

(2)

$44 \mathrm{g}$

(3)

$75 \mathrm{g}$

(4)

$132 \mathrm{g}$

(5)

$226 \mathrm{g}$

Complexity: (0)