(1)

ඉහළ ම විද්‍යුත් සන්නයනය පෙන්වන $3d$ ගොනුවේ මූලද්‍රව්‍යය වනුයේ,

(1)

$\ce{Mn}$

(2)

$\ce{Co}$

(3)

$\ce{Ni}$

(4)

$\ce{Cu}$

(5)

$\ce{Ti}$

Complexity: (0)
(2)

$\ce{C, P, S, As}$ සහ $\ce{Se}$ යන මූලද්‍රව්‍යවල පරමාණුක අරය වැඩිවන අනුපිළිවෙල වනුයේ,

(1)

$\ce{C < P < S < As < Se}$

(2)

$\ce{C < P < S < Se < As}$

(3)

$\ce{C < S < P < As < Se}$

(4)

$\ce{C < S < Se < P < As}$

(5)

$\ce{C < S < P < Se < As}$

Complexity: (0)
(3)

Propynal හි නිවැරදි ව්‍යුහය වනුයේ,

(1)

$\ce{CH\bond{#}CCHO}$

(2)

$\ce{CH2=CHCHO}$

(3)

$\ce{CH3CH2CHO}$

(4)

$\ce{CH\bond{#}CCH2OH}$

(5)

$\ce{CH2=CHCH2OH}$

Complexity: (0)
(4)

$\ce{X}$ නමැති අවර්ණ ඝනයක් තනුක $\ce{HCl}$ සමග රත් කිරීමේදී දුඹුරු වායුවක් ද, $\ce{NaOH}$ සමග රත් කිරීමේදී අවර්ණ ක්ෂාරීය වායුවක් ද පිට කරයි. $\ce{X}$ ඝනය වනුයේ,

(1)

$\ce{NH4NO2}$

(2)

$\ce{NH4NO3}$

(3)

$\ce{NH4CI}$

(4)

$\ce{NaBr}$

(5)

$\ce{NaNO3}$

Complexity: (0)
(5)

තරංග ආයාමය $\pu{305 nm}$ වන ෆෝටෝන මවුල එකක ශක්තිය වනුයේ, (ප්ලාන්ක් නියතය = $\pu{6.62E-34 Js}$, ආලෝකයේ වේගය = $\pu{3.00E8 ms-1}$)

(1)

$\pu{256 kJ}$

(2)

$\pu{302 kJ}$

(3)

$\pu{392 kJ}$

(4)

$\pu{452 kJ}$

(5)

$\pu{512 kJ}$

Complexity: (0)
(6)

ප්‍රධාන ක්වොන්ටම් අංකය $n = 3$ මගින් නිරූපනය වන ප්‍රධාන ශක්ති මට්ටමේ තිබිය හැකි උප කවච (උප ශක්ති මට්ටම්) සංඛ්‍යාව, කාක්ෂික සංඛ්‍යාව හා උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනුපිළිවෙළින්,

(1)

9, 3 හා 8 වේ.

(2)

3, 9 හා 18 වේ.

(3)

3, 6 හා 32 වේ.

(4)

2, 9 හා 18 වේ.

(5)

3, 4 හා 18 වේ.

Complexity: (0)
(7)

ප්‍රධාන ශක්ති මට්ටම් හා කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන සැකසීම පිළිබඳව පහත දැක්වෙන කුමන වගන්තිය අසත්‍ය වේ ද?

(1)

එකම ශක්තිය සහිත කාක්ෂික ඇති විටදී ඒවා ප්‍රථමයෙන් පිරෙන්නේ, එක කාක්ෂිකයකට එක ඉලෙක්ට්‍රෝනය බැගින් (singly), ඉලෙක්ට්‍රෝන බැමුම් (spins) සමාන්තර වන සේ ය.

(2)

පරමාණුවක කිසිම ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංක හතරම තිබිය නොහැකි ය.

(3)

කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ පරමාණුවක ශක්තිය අවම වන ලෙසට ය.

(4)

ප්‍රධාන ක්වොන්ටම් අංකය, $n$ මගින් නිරූපනය වන ප්‍රධාන ශක්ති මට්ටමේ තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව $2n^2$ ට සමාන වේ.

(5)

ප්‍රධාන ශක්ති මට්ටම් පිළිවෙළින් සම්පූර්ණයෙන් ම පිරීම පරමාණුවක ශක්තිය අවම කරයි.

Complexity: (0)
(8)

$\ce{SrCO3}$ සහ $\ce{BaCO3}$ පමණක් අඩංගු නියැදියක ස්කන්ධය $\pu{0.800 g}$ වේ. එම නියැදිය වැඩිපුර තනුක අම්ලයක දිය කළ විට, සම්මත උෂ්ණත්වයේදී සහ පීඩනයේදී පිට වූ $\ce{CO2}$ වායුවේ පරිමාව $\pu{0.112 dm3}$ වේ. නියැදියෙහි $\ce{SrCO3}$ හි ස්කන්ධ ප්‍රතිශතය වනුයේ, ($\ce{C = 12, O = 16, Sr = 88, Ba = 137}$)

(1)

30

(2)

56

(3)

70

(4)

80

(5)

84

Complexity: (0)
(9)

ආවර්තිතා වගුවේ $3d$ ගොනුවේ ඇති මූලද්‍රව්‍ය සම්බන්ධයෙන්. පහත දී ඇති ප්‍රකාශවලින් කුමක් සත්‍ය නොවේ ද?

(1)

$\ce{Sc, Ti, V, Cr}$ සහ $\ce{Mn}$ යන එක් එක් මූලද්‍රව්‍යයේ ඉහළම ඔක්සිකරණ අවස්ථාව, එම මූලද්‍රව්‍යය අයත් කාණ්ඩයේ අංකයට සමාන වේ.

(2)

$\ce{Fe, Co, Ni, Cu}$ සහ $\ce{Zn}$ යන එක් එක් මූලද්‍රව්‍යයේ ඉහළම ඔක්සිකරණ අවස්ථාව, එම මූලද්‍රව්‍යය අයත් කාණ්ඩයේ අංකයට වඩා කුඩා වේ.

(3)

සියලුම මූලද්‍රව්‍යවල කැටායනවල $4s$ කාක්ෂික හිස්ව පවතින අතර, සියලු සංයුජතා ඉලෙක්ට්‍රෝන $3d$ කාක්ෂිකවල පවතී.

(4)

ඉහළම ඔක්සිකරණ අවස්ථාවල ඇති මූලද්‍රව්‍ය අඩංගු $\ce{MnO4-}$, $\ce{Cr2O7^2-}$ සහ $\ce{Cr2O4^2-}$ වැනි අයන හොඳ ඔක්සිහාරක වීමට නැඹුරුවන අතර, $\ce{Ni^2+}$ සහ $\ce{Zn^2+}$ වැනි අයන හොඳ ඔක්සිකාරක වේ.

(5)

3d ගොනුවේ මූලද්‍රව්‍ය අතරින් $\ce{Zn}$ වලට අඩුම ද්‍රවාංකය ඇත.

Complexity: (0)
(10)

$\ce{CaO}(s)$ හි සම්මත උත්පාදන එන්තැල්පියට අනුරුප වන්නේ පහත දැක්වෙන කුමන රසායනික ප්‍රතික්‍රියාවේ එතැපි වෙනස ද?

(1)

$\ce{Ca^2+(g) + O^2-(g) -> CaO(s)}$

(2)

$\ce{Ca(g) + 1/2 O2(g) -> CaO(s)}$

(3)

$\ce{Ca(s) + O(g) -> CaO(s)}$

(4)

$\ce{2Ca(s) + O2(g) -> 2CaO(s)}$

(5)

$\ce{Ca(s) + 1/2 O2(g) -> CaO(s)}$

Complexity: (0)