(1)

පහත දැක්වෙන I සහ II ප්‍රකාශ සලකන්න.

  • I. පරමාණු මගින් අවශෝෂණය කරන හෝ විමෝචනය කරන ශක්තිය කොන්ටම්කරණය වී ඇත.
  • II. කුඩා අංශු සුදුසු තත්ත්ව යටතේ දී තරංග ලක්ෂණ පෙන්නුම් කරයි.

මෙම I සහ II ප්‍රකාශවලින් දෙනු ලබන වාද ඉදිරිපත් කළ විද්‍යාඥයන් දෙදෙනා පිළිවෙළින්,

(1)

ලුවී ඩි බ්‍රෝග්ලි සහ ඇල්බට් අයින්ස්ටයින්

(2)

මැක්ස් ප්ලාන්ක් සහ ලුවී ඩි බ්‍රෝග්ලි

(3)

මැක්ස්‌ ප්ලාන්ක් සහ අර්නස්ට් රදර්ෆඩ්

(4)

නීල්ස් බෝර් සහ ලුවී ඩි බ්‍රෝග්ලි

(5)

ලුවී ඩි බ්‍රෝග්ලි සහ මැක්ස් ප්ලාන්ක්

Complexity: (0)
(2)

පරමාණුවක ප්‍රධාන ක්වොන්ටම් අංකය $n=3$ හා ආශ්‍රිත උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව වනුයේ,

(1)

3

(2)

4

(3)

5

(4)

8

(5)

9

Complexity: (0)
(3)

ඔක්සලේට් අයනය $[\ce{CO2O4^2- / (O2C-CO2)^2-}]$ ට ඇඳිය හැකි ස්ථායි සම්ප්‍රයුක්ත ව්‍යුහ ගණන වනුයේ,

(1)

2

(2)

3

(3)

4

(4)

5

(5)

6

Complexity: (0)
(4)

පහත දක්වා ඇති සංයෝගයේ IUPAC නාමය කුමක් ද?

gce-al-chemistry-2019-mcq-sinhala-4

(1)

$5-hydroxy-2-oxo-1-pentanamine$

(2)

$1-amino-5-hydroxy-2-oxopentane$

(3)

$1-amino-5-hydroxy-2-pentanone$

(4)

$5-hydroxy-1-amino-2-pentanone$

(5)

$5-amino-4-oxo-1-pentanol$

Complexity: (0)
(5)

විද්‍යුත් ඍණතාවේ වැඩිම වෙනසක් ඇති මූලද්‍රව්‍ය යුගලය හඳුනාගන්න.

(1)

$\ce{B}$ සහ $\ce{Al}$

(2)

$\ce{Be}$ සහ $\ce{Al}$

(3)

$\ce{B}$ සහ $\ce{Si}$

(4)

$\ce{B}$ සහ $\ce{C}$

(5)

$\ce{Al}$ සහ $\ce{C}$

Complexity: (0)
(6)

$\ce{H2NNO}$ (සැකිල්ල : gce-al-chemistry-2019-mcq-sinhala-6) නයිට්‍රජන් පරමාණු දෙක අවට ($N^1$ සහ $N^2$ ලෙස ලේබල් කර ඇත.) ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය සහ හැඩය පිළිවෙළින් වනුයේ,

 $N^1$$N^2$
(1)චතුස්තලීයපිරමීඩාකාරතලීය ත්‍රිකෝණාකාරකෝණිය
(2)පිරමිඩාකාරතලීය ත්‍රිකෝණාකාරතලීය ත්‍රිකෝණාකාරකෝණිය
(3)තලීය ත්‍රිකෝණාකාරපිරමීඩාකාරතලීය ත්‍රිකෝණාකාරතලීය ත්‍රිකෝණාකාර
(4)චතුස්තලීයපිරමීඩාකාරකෝණියතලීය ත්‍රිකෝණාකාර
(5)චතුස්තලීයකෝණියතලීය ත්‍රිකෝණාකාරතලීය ත්‍රිකෝණාකාර

(1)
(2)
(3)
(4)
(5)
Complexity: (0)
(7)

පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් බෙන්සීන් පිළිබඳව වැරදි ප්‍රකාශය කුමක් ද?

(1)

බෙන්සීන්හි සම්ප්‍රයුක්ත මුහුම පහත දී ඇති ආකාරයට පෙන්වනු ලැබේ.

chemistry-2019-7-1

(2)

බෙන්සීන්හි කාබන් පරමාණු හයම $sp^2$ මුහුම්කරණය වී ඇත.

(3)

බෙන්සීන්හි ඕනෑම කාබන් පරමාණු දෙකක් අතර බන්ධන දිග එකම අගයක් ගනී.

(4)

බෙන්සීන්හි සියළු $\ce{C \bond{-} C \bond{-} C}$ හා $\ce{C \bond{-} C \bond{-} H}$ බන්ධන කෝණවලට එකම අගයක් ඇත.

(5)

බෙන්සීන්හි හයිඩ්‍රජන් පරමාණු සියල්ල ම එකම තලයක පිහිටයි.

Complexity: (0)
(8)

ඉහළ උෂ්ණත්වවල දී $\ce{TiCl4}$(g) ද්‍රව මැග්නීසියම් ලෝහය ($\ce{Mg}$(l)) සමග ප්‍රතික්‍රියා කර $\ce{Ti}$(s) ලෝහය සහ $\ce{MgCl2}$(l) ලබා දේ. $\ce{TiCl4}$(g) $\pu{0.95 kg}$ හා $\ce{Mg}$(l) $\pu{97.2 g}$ ප්‍රතික්‍රියා කිරීමට සැලසූ විට, සම්පූර්ණයෙන් වැයවන ප්‍රතික්‍රියකය (මෙය සීමාකාරි ප්‍රතික්‍රියකය ලෙස සාමාන්‍යයෙන් හැඳින්වේ) සහ $\ce{Ti}$(s) ලෝහය සෑදෙන ප්‍රමාණ පිළිවෙළිවනුයේ,

  • (මවුලික ස්කන්ධය: $\ce{TiCl4}$, = $\pu{190 g mol-1}$; $\ce{Mg}$ = $\pu{24.3g mol-1}$ ; $\ce{Ti}$ = $\pu{48 g mol-1}$).

(1)

$\ce{TiCl4}$ සහ $\pu{96 g}$

(2)

$\ce{Mg}$ සහ $\pu{96 g}$

(3)

$\ce{Mg}$ සහ $\pu{48 g}$

(4)

$\ce{TiCl4}$ සහ $\pu{192 g}$

(5)

$\ce{Mg}$ සහ $\pu{192 g}$

Complexity: (0)
(9)

පරිපූර්ණ වායු සමීකරණය, $P=\rho \frac{RT}{M}$ ආකාරයෙන් දැක්විය හැක. මෙහි $\rho$ යනු වායුවෙහි ඝනත්වය ද, M යනු වායුවේ මවුලික ස්කන්ධය ($\pu{g mol-1}$) ද, P යනු පීඩනය ($\pu{Pa}$) හා T යනු උෂ්ණත්වය ($\pu{K}$) ද වේ. R හි ඒකක $\pu{J mol-1 K-1}$ නම්, සමීකරණයෙහි $\rho$ හි ඒකක විය යුතු වන්නේ,

(1)

$\pu{kg m-3}$

(2)

$\pu{g m-3}$

(3)

$\pu{g cm-3}$

(4)

$\pu{g dm-3}$

(5)

$\pu{kg cm-3}$

Complexity: (0)
(10)

පහත සඳහන් ජලීය ද්‍රාවණයන්හි $\ce{H2O}$ ද ඇතුලු ව සන්නායකතාව අඩුවන පිළිවෙළ වනුයේ, $\pu{0.01 M} \ \ \ce{KCI}$, $\pu{0.1 M}\ \ \ \ce{KCI}$, $\pu{0.1 M} \ \ \ce{HAC}$;

  • (මෙහි $\pu{HAC}$ = ඇසිටික් අම්ලය; $\pu{M}$ = $\pu{mol dm-3}$)

(1)

$\ce{H2O}$ > $\pu{0.1 MHAC}$ > $\pu{0.1 M}\ce{KCI}$ > $\pu{0.01 M}\ce{KCl}$

(2)

$\pu{0.01 M}\ce{KCl}$ > $\pu{0.1 MHAC}$ > $\pu{0.1 M}\ce{KCl}$ > $\ce{H2O}$

(3)

$\pu{ 0.01 M}\ce{KCl}$ > $\pu{0.1 M}\ce{KCI}$ > $\pu{0.1 MHAC}$ > $\ce{H2O}$

(4)

$\pu{0.1 M}\ce{KCl}$ > $\pu{0.01 M}\ce{KCl}$ > $\pu{0.1 MHAC}$ > $\ce{H2O}$

(5)

$\pu{0.1 MHAC}$ > $\ce{H2O}$ > $\pu{0.01 M}\ce{ KCl}$ > $\pu{0.1 M}\ce{KCI}$

Complexity: (0)