Processing math: 2%
(1)

පරමාණුක ව්‍යුහය හා සම්බන්ධ පහත දැක්වෙන සොයා ගැනීම් සලකන්න.

  • I. කැතෝඩ කිරණ නළය තුළ ධන කිරණ
  • II. සමහර න්‍යෂ්ටි වර්ග මගින් ඇති කරන විකිරණශීලීතාවය

ඉහත I සහ II හි සඳහන් සොයා ගැනීම් කළ විද්‍යාඥයන් දෙදෙනා පිළිවෙළින්,

(1)

ජේ. ජේ. තොම්සන් සහ හෙන්රි බෙකරල්

(2)

එනුජන් ගෝල්ඩ්ස්ටයින් සහ රොබට් මිලිකන්

(3)

හෙන්රි බෙකරල් සහ එයුජන් ගෝල්ඩ්ස්ටයින්

(4)

ජේ. ජේ. තොම්සන් සහ අ‍ර්නස්ට් රදර්ෆඩ්

(5)

එයුජන් ගෝල්ඩ්ස්ටයින් සහ හෙන්රි බෙකරල්

Complexity: (2)
(2)

මැංගනීස් පරමාණු වේ (Mn,Z=25) l=0 සහ m_1 = -1 ක්වොන්ටම් අංක ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා පිළිවෙළින්,

(1)

6 සහ 4 වේ.

(2)

8 සහ 12 වේ.

(3)

8 සහ 5 වේ.

(4)

8 සහ 6 වේ.

(5)

10 සහ 5 වේ.

Complexity: (1)
(3)

\ce{M} යනු ආවර්තිතා වගුවේ දෙවන ආවර්තයට අයත් මූලද්‍රව්‍යයකි. එය ද්විධ්‍රැව ඝූර්ණයක් ඇති \ce{MCl3}, සහසංයුජ අණුව සාදයි. ආවර්තිතා වගුවේ \ce{M} අයත් වන කාණ්ඩය වනුයේ,

(1)

2

(2)

13

(3)

14

(4)

15

(5)

16

Complexity: (0)
(4)

පෙරොක්සිනයිට්‍රික් අම්ල අණුවක් (සූත්‍රය \ce{HNO4}, gce-al-chemistry-2020-sinhala-4) සඳහා ඇඳිය හැකි අස්ථායි ලුවිස් තිත්-ඉරී ව්‍යුහ සංඛ්‍යාව වනුයේ,

(1)

1

(2)

2

(3)

3

(4)

4

(5)

5

Complexity: (0)
(5)

දී ඇති gce-al-chemistry-2020-sinhala-5සංයෝගයේ IUPAC නාමය වනුයේ,

(1)

1-bromo-4-methyl-5-hydroxypent-1-en-3-one

(2)

5-bromo-1-hydroxy-2-methylpent-4-en-3-one

(3)

1-bromo-5-hydroxy-4-methylpent-1-en-3-one

(4)

5-bromo-2-methyl-3-oxopent-4-en-1-ol

(5)

1-bromo-4-methyl-3-oxopent-1-enol

Complexity: (1)
(6)

\ce{O, O^2-, F, F-, S^2-, Cl-} යන ප්‍රභේදවල අරයන් අඩුවන පිළිවෙළ වන්නේ,

(1)

\ce{S^2- > Cl- > O^2- > F- > O > F}

(2)

\ce{S^2- > Cl- > O^2- > F- > F > O}

(3)

\ce{Cl- > S^2- > O^2- > F- > O > F}

(4)

\ce{Cl- > S^2- > F- > O^2- > O > F}

(5)

\ce{S^2- > Cl- > O^2- > O > F- > F}

Complexity: (0)
(7)

T_1 (K) උෂ්ණත්වයේදී සහ P_1 (Pa) පීඩනයේදී දෘඪ - සංවෘත බඳුනක් තුළ පරිපූර්ණ වායුවක මවුල n_1 ප්‍රමාණයක් අඩංගු වේ. මෙම බඳුනට තවත් වැඩිපුර වායු ප්‍රමාණයක් ඇතුළු කළවිට නව උෂ්ණත්වය සහ පීඩනය පිළිවෙළින් T_2 සහ P_2 විය. දැන් භාජනය තුළ ඇති මුළු වායු මවුල ප්‍රමාණය වන්නේ,

(1)

n_1T_1P_1 \over T_2P_2

(2)

n_1T_1P_2 \over T_2P_1

(3)

T_2P_2 \over n_1T_1P_1

(4)

n_1T_2P_2 \over T_1P_1

(5)

n_1T_2P_1 \over T_1P_2

Complexity: (0)
(8)

ආම්ලික \ce{K2Cr2O7} ද්‍රාවණයක් භාවිත කර එතනෝල් \ce{(C2H5OH)} ඇසිටික් අම්ලය \ce{(CH3COOH)} බවට ඔක්සිකරණය කිරීමේ ප්‍රතික්‍රියාවේදී හුවමාරු වන සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වන්නේ,

(1)

6

(2)

8

(3)

10

(4)

12

(5)

14

Complexity: (0)
(9)

ජලීය \ce{NaOH} සමග ප්‍රතික්‍රියා කළවිට ඇල්ඩෝල් සංඝනනයට භාජනය විය හැක්කේ පහත දැක්වෙන කුමන සංයෝගය ද?

(1)

gce-al-chemistry-2020-sinhala-I-9-1

(2)

gce-al-chemistry-2020-sinhala-I-9-2

(3)

gce-al-chemistry-2020-sinhala-I-9-3

(4)

gce-al-chemistry-2020-sinhala-I-9-4

(5)

gce-al-chemistry-2020-sinhala-I-9-5

Complexity: (0)
(10)

\ce{AX(s), A2Y(s)} හා \ce{AZ(s)} යනු ජලයෙහි අල්ප වශයෙන් දිය වන ලවණ වන අතර, \pu{25 °C} දී ඒවායෙහි K_{sp} අගයන් පිළිවෙළින් \pu{1.6E-9}, \pu{3.2E-11} සහ \pu{9.0E-12} වේ. \pu{25 °C} දී \ce{A+(aq)} කැටායනයෙහි සාන්ද්‍රණය අඩුවන පිළිවෙළට මෙම ලවණවල සංතෘප්ත ද්‍රාවණ තුනේ පෙළගැස්ම පහත සඳහන් කුමක් මගින් පෙන්වයි ද?

(1)

\ce{ AX(s) > A2Y(s) > AZ(s) }

(2)

\ce{ A2Y(s) > AX(s) > AZ(s) }

(3)

\ce{ AX(s) > AZ(s) > A2Y(s) }

(4)

\ce{ A2Y(s) > AZ(s) > AX(s) }

(5)

\ce{ AZ(s) > A2Y(s) > AX(s) }

Complexity: (1)