(1)

ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුව වන්නේ

(1)

පොදු භාණ්ඩ හා සේවා සැපයීම උදෙසා ප්‍රජාතාන්ත්‍රීය දේශපාලන රාමුවක් ස්ථාපිත කිරීම ය.

(2)

භාණ්ඩ හා සම්පත්වල සාපේක්ෂ හිඟකම නිවැරදිව නිරූපණය වන ආකාරයට මිල ගණන් සකසා ගැනීම ය.

(3)

මිනිස් වුවමනාවන්ට සාපේක්ෂව ඵලදායී සම්පත්වල හිගකම ය.

(4)

දිළිඳුකම අඩුකරලීම සඳහා මුදල් ආදායමේ වඩාත් සම ව්‍යාප්තියක් අත්කර ගැනීම ය.

(5)

තිරසාර සංවර්ධනය අත්කර ගැනීම ය.

Complexity: (0)
(2)

මානව ප්‍රාග්ධනය යනු

(1)

සංස්ථා සහ රජය හැර පුද්ගලයන් සතු සියලු ම ප්‍රාග්ධනයයි.

(2)

රජය හැර පුද්ගලයන් සහ සංස්ථා සතු සියලු ම ප්‍රාග්ධනයයි.

(3)

මිනිසුන්ගේ පරිහරණයට ගැළපෙන ආරක්ෂක ප්‍රමිති සපුරා ඇති යන්ත්‍ර සූත්‍රයි.

(4)

ශ්‍රම හමුදාව සතු කුසලතා සහ දැනුම් සම්භාරයයි.

(5)

පාසල් සහ රෝහල් සඳහා යටිතල පහසුකම් ඉදිකිරීමයි.

Complexity: (0)
(3)

නිෂ්පාදන කාර්යක්ෂමතාව යන්නෙන් අදහස් කරනුයේ

(1)

අඩුම පිරිවැයක් ගෙනදෙන නිෂ්පාදන ශිල්ප ක්‍රම භාවිත කිරීම ය.

(2)

සමාජයට වඩාත් වුවමනා කරන භාණ්ඩ මිශ්‍රණය නිෂ්පාදනය කිරීම ය.

(3)

පවත්නා සියලු ම සම්පන් පූර්ණ සේවා නියුක්ත වීම ය.

(4)

නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ඇතුළත කිසියම් ලක්ෂ්‍යයක නිෂ්පාදනය කිරීම ය.

(5)

ශ්‍රමය වෙනුවට ප්‍රාග්ධනය ආදේශ කරන තාක්ෂණික දියුණුවකි.

Complexity: (0)
(4)

ඵලදායී සම්පත්වල හිඟකමක් ඇති බැවින්, කිසියම් භාණ්ඩයක් වැඩියෙන් නිපදවා ගැනීමට, තවත් භාණ්ඩයක නිෂ්පාදනය කිසියම් ප්‍රමාණයකින් කැප කළ යුතු ය. මෙම ලක්ෂුණය අන්තර්ගත සංකල්පය වනුයේ

(1)

විශේෂ ප්‍රාගුණ්‍යනයයි.

(2)

ආරෝපින පිරිවැයයි.

(3)

සාපේක්ෂ වාසියයි.

(4)

නිරපේක්ෂ වාසියයි.

(5)

ආවස්ථික පිරිවැයයි.

Complexity: (0)
(5)

නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් මගින් ආර්ථික වෘද්ධිය පෙන්නුම් කළ හැක්කේ පහත සඳහන් කවර ආකාරයකට ද?

(1)

වක්‍රය දකුණට විතැන් කිරිමකින්

(2)

පවත්නා වක්‍රය මත ම ඉහළට ගමන් කිරීමකින්

(3)

පවත්නා වක්‍රය මත ම පහළට ගමන් කිරීමකින්

(4)

වක්‍රයෙන් පිටත ලක්ෂ්‍යයක සිට වක්‍රය මත ලක්ෂ්‍යයක් කරා ගමන් කිරීමකින්

(5)

වක්‍රය මත ලක්ෂ්‍යයක සිට වක්‍රය ඇතුළත ලක්ෂ්‍යයක් කරා ගමන් කිරීමකින්

Complexity: (0)
(6)

ආර්ථිකයේ කුමක් නිෂ්පාදනය කළ යුතු ද යන්න තම ඉල්ලුම මත පාරිභෝගිකයින් විසින් තීරණය කරනු ලැබේ ය යන අදහස හඳුන්වනුයේ

(1)

රාජ්‍ය නිර්බාධ ආර්ථිකයක් ලෙස ය.

(2)

වෙළෙඳපොළ ආර්ථිකයක් ලෙස ය.

(3)

පාරිභෝගික ස්වාධිපත්‍යය ලෙස ය.

(4)

නිදහස් ව්‍යවසාය ලෙස ය.

(5)

මිශ්‍ර ආර්ථිකයක් ලෙස ය.

Complexity: (0)
(7)

සාමාන්‍ය භාණ්ඩයක මිල අඩුවීමක ආදේශන ප්‍රතිවිපාකය පිළිබඳව පහත සඳහන් කවරක් නිවැරදි වේ ද?

(1)

එය ආදායම් ප්‍රතිවිපාකය කපා හැරිමට කටයුතු කරයි.

(2)

එය ආදායම් ප්‍රතිවිපාකය ශක්තිමත් කිරිමට කටයුතු කරයි.

(3)

එය ආදායම් ප්‍රතිවිපාකයට වඩා අඩු අගයක් ගනී.

(4)

එය භාණ්ඩය ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය අඩු කිරිමට හේතු වේ.

(5)

එය භාණ්ඩය සඳහා ඉල්ලුම වැඩි කිරීමට හේතු වේ.

Complexity: (0)
(8)

කිසියම් භාණ්ඩයක සැපයුම් වක්‍රය දකුණට විතැන් කිරිමට පහත සඳහන් කවරක් හේතු වේ ද?

(1)

නිෂ්පාදන පිරිවැයෙහි ඉහළ යාමක්

(2)

නිෂ්පාදන පිරිවැයෙහි අඩු වීමක්

(3)

මිලෙහි ඉහළ යාමක්

(4)

මිලෙහි පහළ යාමක්

(5)

ඉල්ලුම අඩු වීමක්

Complexity: (0)
(9)

කිසියම් භාණ්ඩ දෙකක් ආදේශක බව ඇගැවෙන්නේ පහත සඳහන් කවරකින් ද?

(1)

ආදායම් ඉල්ලුම් නම්‍යතාව ධන අගයක් ගැනීම

(2)

හරස් මිල ඉල්ලුම් නම්‍යතාව ශුන්‍යයට වඩා අඩු අගයක් ගැනීම

(3)

මිල ඉල්ලුම් නම්‍යතාව එකට වඩා අඩු වීම

(4)

හරස් මිල ඉල්ලුම් නම්‍යතාව ධන අගයක් ගැනීම

(5)

ඉල්ලුම් වක්‍රය තිරස් රේඛාවක් වීම

Complexity: (0)
(10)

වායුසමීකරණ යන්ත්‍ර නිෂ්පාදනය මත රජය විසින් බද්දක් පනවනු ලැබුවහොත් වායුසමීකරණ යන්ත්‍ර වෙළෙඳපොළෙහි පහත සඳහන් කවරක් සිදු වේ ද?

(1)

සැපයුම් වක්‍රය මත දකුණට ගමන් කිරිමක් සිදුවනු ඇත.

(2)

ඉල්ලුම් වක්‍රය මත දකුණට ගමන් කිරිමක් සිදුවනු ඇත.

(3)

සැපයුම් වක්‍රය දකුණට විතැන් වනු ඇත.

(4)

සැපයුම් වක්‍රය වමට විතැන් වනු ඇත.

(5)

ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වනු ඇත.

Complexity: (0)