(1)

පහත සඳහන් ප්‍රකාශන අතුරෙන් සූක්ෂ්ම ආර්ථික විද්‍යාත්මක ප්‍රකාශනයක් වනුයේ කවරක් ද?

(1) පසුගිය වසරේ දී රබර් මිල 10% කින් පහළ වැටුණි.
(2)

පසුගිය වසරේ දී විරැකියාව ශ්‍රම හමුදාවෙන් 5.8% ක් වූයේ ය.

(3)

පසුගිය වසරේ දී මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 7% කින් ඉහළ ගියේ ය.

(4)

පසුගිය වසරේ දී පොදු මිල මට්ටම 4% කින් වැඩි විය.

(5)

පසුගිය වසරේ දී රජයේ බදු අයභාරය 8% කින් අඩු විය.

Complexity: (0)
(2)

ආර්ථික පද්ධතියක් තුළ තීරණ ගනු ලබන ප්‍රධාන කණ්ඩායම් තුන වනුයේ,

(1)

කුටුම්බ, ව්‍යාපාරික ආයතන සහ බැංකු වේ.

(2)

කුටුම්බ, ව්‍යාපාරික ආයතන සහ රජය වේ.

(3)

ව්‍යාපාරික ආයතන, රජය සහ රාජ්‍ය නොවන සංවිධාන වේ.

(4)

ව්‍යාපාරික ආයතන, බැංකු සහ විදේශ වෙළෙඳාමේ නිරත වූවන් වේ.

(5)

කුටුම්බ, රජය සහ බැංකු වේ.

Complexity: (0)
(3)

කිසියම් කටයුත්තක ආවස්ථික පිරිවැය

(1)

එබඳු කටයුතු කරන සියල්ලන්ට ම එක සමාන වේ.

(2)

ගණනය කිරීමේ දී මූල්‍ය පිරිවැය සහ කැප කරන ලද ආදායම් යන දෙකොටස ම ඇතුළත් කරගනී.

(3)

එම කටයුත්තෙහි මූල්‍ය පිරිවැය පමණක් ඇතුළත් කර ගනී,

(4)

එම කටයුත්ත නිසා කැප කරන්නට සිදු වූ ආදායම් පමණක් ඇතුළත් කර ගනී.

(5)

එම කටයුත්ත නිසා හටගන්නා සෘජු ප්‍රතිලාභ පමණක් මිනුම් කරයි.

Complexity: (0)
(4)

කිසියම් රටක නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත

(1) තාක්ෂණය වෙනස් වෙමින් පවතී.
(2) අනික් භාණ්ඩයේ නිෂ්පාදනය අඩු නොකොට, කිසියම් භාණ්ඩයක් වැඩිපුර නිපදවිය හැකි ය.
(3) නිෂ්පාදන සම්පත් පූර්ණ වශයෙන් උපයෝජනය නොවේ.
(4) පවත්නා සම්පත් පූර්ණ වශයෙන් උපයෝජනය වේ.
(5) ආර්ථිකයේ නිෂ්පාදන අකාර්යක්ෂමතාවක් පවතී.
Complexity: (0)
(5)

සෑම ආර්ථික කටයුත්තක දී ම නිෂ්පාදන සම්පත් එකිනෙකට පූර්ණ ආදේශක වේ නම්, පහත සඳහන් දෑ අතුරෙන් කවරක් නිවැරදි වේ ද?

(1)

සියලු ම භාණ්ඩවල නිමැවුම වැඩි කළ හැකි ය.

(2)

නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය සරල රේඛාවක් වනු ඇත.

(3)

විශේෂ ප්‍රාගුණ්‍යනය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළෙඳාමක් හට ගැනීමට ඉඩක් නොපවතී.

(4)

කිසිදු රටක් හෝ කිසිදු පුද්ගලයෙක් හෝ කිසිදු කටයුත්තක් සම්බන්ධයෙන් සාපේක්ෂ වාසි අත්කර ගැනීමට අසමත් වේ.

(5)

නිෂ්පාදන සම්පත් හිඟය අහෝසි වී යනු ඇත.

Complexity: (0)
(6)

ධනවාදය පදනම් කරගත් ආර්ථිකයක පහත දැක්වෙන එක් කරුණක් හැර අන් සියල්ල දක්නට ලැබේ. එලෙස දක්නට නොලැබෙන කරුණ වනුයේ,

(1)

ඉල්ලුම හා සැපයුම මත පදනම් වූ මිල ක්‍රමයයි.

(2)

පෞද්ගලික දේපළ ක්‍රමයයි.

(3)

ස්වාර්ථය මත කටයුතු කරන කුටුම්බ සහ ව්‍යවසායකයන් ය.

(4)

ව්‍යවසායක නිදහසයි.

(5)

මධ්‍යගත සැලසුම්කරණයයි.

Complexity: (0)
(7)

ආර්ථිකය තුළ ආණ්ඩුවේ සහභාගිත්වය වඩාත් ප්‍රබල ලෙස දක්නට ලැබෙන්නේ,

(1)

වෙළෙඳපොළ ආර්ථිකයක ය.

(2)

විධානගත ආර්ථිකයක ය.

(3)

මිශ්‍ර ආර්ථිකයක ය.

(4)

සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක (social market economy) ය.

(5)

සාම්ප්‍රදායික ආර්ථිකයක ය.

Complexity: (0)
(8)

කිසියම් පුද්ගලයෙක් ආදායම ඉහළ යන විට කිරි පිටි සඳහා කරන ඉල්ලුම වැඩි කරයි නම්, කිරි පිටි

(1)

බාල භාණ්ඩයකට උදාහරණයක් වේ.

(2)

ආර්ථික නොවන භාණ්ඩයකට උදාහරණයක් වේ.

(3)

ගිෆන් භාණ්ඩයකට උදාහරණයක් වේ.

(4)

පොදු භාණ්ඩයකට උදාහරණයක් වේ.

(5)

සාමාන්‍ය භාණ්ඩයකට උදාහරණයක් වේ.

Complexity: (0)
(9)

යම් දෙන ලද අවස්ථාවක, තරගකාරී වෙළෙඳපොළක, සාමාන්‍ය භාණ්ඩයක් සඳහා ඉල්ලුම වැඩි වී සැපයුම අඩු වුවහොත්,

(1)

සමතුලිත මිල පහළ වැටෙන අතර සමතුලිත ප්‍රමාණය ඉහළ නගී.

(2)

සමතුලිත මිලත් ප්‍රමාණයත් දෙක ම ඉහළ නගී.

(3)

සමතුලිත ප්‍රමාණය ඉහළ නගී. සමතුලිත මිල ඉහළ යාමට හෝ පහළ යාමට හෝ පිළිවන.

(4)

සමතුලිත මිල පහළ බසී. සමතුලිත ප්‍රමාණය ඉහළ යාමට හෝ පහළ යාමට හෝ පිළිවන.

(5)

සමතුලිත මිල ඉහළ නගී. සමතුලිත ප්‍රමාණය ඉහළ යාමට හෝ පහළ යාමට හෝ නොවෙනස්ව තිබීමට හෝ පිළිවන.

Complexity: (0)
(10)

බොහෝ පරිභෝජන කටයුතුවල දී සීනි සහ හකුරු එකිනෙකට ආදේශක වශයෙන් සැලැකේ. එබැවින් සීනි මිල ඉහළ ගියහොත්,

(1)

හකුරු ඉල්ලුම වැඩි වෙතැයි අපේක්ෂා කෙරේ.

(2)

හකුරු ඉල්ලුම අඩු වෙතැයි අපේක්ෂා කෙරේ.

(3)

හකුරු ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය අඩු වෙතැයි අපේක්ෂා කෙරේ.

(4)

හකුරු මිල අඩු වෙතැයි අපේක්ෂා කෙරේ.

(5)

හකුරු ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වැඩි වෙතැයි අපේක්ෂා කෙරේ.

Complexity: (0)