(1)

ආර්ථික විද්‍යාවේ 'හිඟකම' සංකල්පයෙන් අදහස් කරනුයේ, වඩා නිපදවන තත්ත්වයකි.

(1)

සමාජය තමන් සතු සියලු සම්පත් කාර්යක්ෂමව උපයෝජනය නොකරන තත්ත්වයකි.

(2)

පවත්නා සම්පත්වලින් මිනිසුන්ගේ වුවමනා කිසික්සේත් සපුරාගත නොහැකි තත්ත්වයකි.

(3)

සෑම සමාජයක ම කිසියම් සාමාජික පිරිසක් දිළින්දන් ලෙස ජීවත් වන තත්ත්වයකි.

(4)

සමාජයීය වශයෙන් හිතකර භාණ්ඩ හා සේවා නිපදවනවා වෙනුවට, නොවැදගත් භාණ්ඩ හා සේවා වුවමනාවටත්

(5)

නිෂ්පාදනය කාර්යක්ෂම වුවත් බෙදාහැරීම අකාර්යක්ෂමව පවතින තත්ත්වයකි.

Complexity: (0)
(2)

නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර, මූලයට අවතල හැඩයකින් යුතුව අඳිනු ලබන්නේ,

(1)

කවර හෝ භාණ්ඩයක් වැඩිපුර නිපදවන විට, එහි ආවස්ථික පිරිවැය පහළ බසින බව පිළිබිඹු කිරිමට ය.

(2)

ආර්ථිකය සතු සම්පත්වල හිගකම පිළිබිඹු කිරීමට ය.

(3)

කවර හෝ භාණ්ඩයක් වැඩිපුර නිපදවන විට, එහි ආවස්ථික පිරිවැය ස්ථාවරව පවතින බව පිළිබිඹු කිරීමට ය.

(4)

ආර්ථිකයක සම්පත් බෙදීයාමේ අසාධාරණත්වය පිළිබිඹු කිරීමට ය.

(5)

කවර හෝ භාණ්ඩයක් වැඩිපුර නිපදවන විට, එහි ආවස්ථික පිරිවැය ඉහළ නගින බව පිළිබිඹු කිරීමට ය.

Complexity: (0)
(3)

නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයක පහත සඳහන් කවර කරුණක් සාවද්‍ය වේ ද?

(1) මිල, ආර්ථිකයේ තරගකාරී නිෂ්පාදන ක්ෂේත්‍ර අතර සම්පත් සමසේ බෙදා වෙන් කරයි.
(2) මිල, භාණ්ඩ හා සේවාවන්හි සාපේක්ෂ හිඟකම් සහ ඒවායේ නිෂ්පාදන පිරිවැය පෙන්නුම් කරයි.
(3)

සාපේක්ෂ මිල වෙනස්කම්, නිෂ්පාදන ආයතනවල ලාභ නිර්ණය කරන සාධකයක් වන අතර, එබැවින් එය නිෂ්පාදනය ධෛර්යමත් කිරීමට හෝ අධෛර්යමත් කිරීමට හෝ බලපායි.

(4) මිල, භාණ්ඩ හා සේවා සඳහා පාරිභෝගිකයන්ගේ ගෙවීමට ඇති කැමැත්ත පිළිබඳ මිනුමක් වේ.
(5) මිල, භාණ්ඩයක් ලබා ගැනීම සඳහා කොපමණ කැප කළ යුතු ද යන්න පිළිබඳ සංඥාවක් පාරිභෝගිකයන්ට ලබා දෙයි.
Complexity: (0)
(4)

බාහිරතා නොමැති තරඟකාරී වෙළෙඳපොළක සම්පත් බෙදා වෙන්කිරීමේ කාර්යක්ෂමතාව හටගනු ඇත්තේ සියලු වෙළෙඳපොළවල මිල,

(1)

මුළු පිරිවැයට සමාන වන විට දී ය.

(2)

ආන්තික අයභාරයට සමාන වන විට දී ය.

(3)

ආන්තික පිරිවැයට සමාන වන විට දී ය.

(4)

සාමාන්‍ය විචල්‍ය පිරිවැයට සමාන වන විට දී ය.

(5)

ආන්තික නිෂ්පාදිතයේ වටිනාකමට සමාන වන විට දී ය.

Complexity: (0)
(5)

"මානව ප්‍රාග්ධනය” යන්නෙන් අදහස් කරනුයේ,

(1)

ප්‍රාග්ධන උපකරණ නිපදවීමට යොදා ගැනෙන ශ්‍රම සම්පතයි.

(2)

ගොඩනැගිලි සහ යන්ත්‍ර සූත්‍රයි.

(3)

ශ්‍රම හමුදාව සතු කුසලතා සහ දැනුම් සම්භාරයයි.

(4)

ව්‍යවසායකත්වය සහ අවදානම් දැරිමේ හැකියාවයි.

(5)

සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සේවා නියුක්ත ශ්‍රම හමුදාවයි.

Complexity: (0)
(6)

විභව නිමැවුම යනු,

(1) පසුගිය දසවසර තුළ ආර්ථිකයක් සැබවින් ම අත්කර ගත් උපරිම දළ දේශීය නිෂ්පාදිතය වේ.
(2) සමස්ත ශ්‍රම හමුදාව ම වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදන අංශයේ සේවා නියුක්ත වූ කාල පරිච්ඡේදවල දී අත්කර ගත් නිමැවුම වේ.
(3) සියලු සම්පත් වඩා කාර්යක්ෂමව යොදා ගැනීමෙන් ආර්ථිකයට කිසිවිටක අත්කර ගත නොහැකි අරමුණකි.
(4) ආර්ථිකයේ සම්පත් පූර්ණ සේවා නියුක්තව, ප්‍රශස්ත මට්ටමින් උපයෝජනය කරන විට නිපදවිය හැකි දළ දේශීය නිෂ්පාදිතය වේ.
(5) ආර්ථිකයේ සම්පත් පූර්ණ සේවා නියුක්තව, උපරිම මට්ටමින් උපයෝජනය කරන විට නිපදවිය හැකි දළ දේශීය නිෂ්පාදිතය වේ.
Complexity: (0)
(7)

$\pu{X}$ භාණ්ඩය බාල භාණ්ඩයක් බවත්, තරගකාරී වෙළෙඳපොළක අලෙවි කරනු ලබන බවත් සලකන්න. $\pu{X}$ භාණ්ඩය සඳහා ඇති වෙළෙඳපොළෙහි අනෙකුත් කරුණු නොවෙනස්ව තිබිය දී, ගැනුම්කරුවන්ගේ ආදායම් පහළ බැසීමක් නිසා වෙළෙඳපොළ ඉල්ලුම, සමතුලිත මිල සහ සමතුලිත ප්‍රමාණය මත කෙබඳු බලපෑමක් ඇති වේ ද?

 ඉල්ලුමමිලප්‍රමාණය
(1)අඩු වේ.අඩු වේ.අඩු වේ.
(2)වැඩි වේ.වැඩි වේ.වැඩි වේ.
(3)අඩු වේ.වැඩි වේ.අඩු වේ.
(4)වැඩි වේ.අඩු වේ.අඩු වේ.
(5)අඩු වේ.වැඩි වේ.වැඩි වේ.

(1)
(2)
(3)
(4)
(5)
Complexity: (0)
(8)

කිසියම් අත්‍යවශ්‍ය භාණ්ඩයක් මත විශේෂිත බද්දක් (ඒකක බද්දක්) පනවනු ලබන අතර, එම භාණ්ඩයේ වෙළෙඳපොළ ඉල්ලුම් ලේඛනයත්, බද්දට පෙර හා බද්දට පසු සැපයුම් ලේඛනයත් පහත දැක්වෙන වගුව පෙන්නුම් කරයි.

මිල (රු.)ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණයබද්දට පෙර සැපයුම් ප්‍රමාණයබද්දට පසු සැපයුම් ප්‍රමාණය
1250200
13503010
14504020
15505030
16506040

භාණ්ඩ ඒකකයක් සඳහා අය කරනු ලැබූ බද්දේ ප්‍රමාණය කොපමණ ද?

(1)

රුපි. $\pu{2}$

(2)

රුපි. $\pu{3}$

(3)

රුපි. $\pu{4}$

(4)

රුපි. $\pu{5}$

(5)

රුපි. $\pu{6}$

Complexity: (0)
(9)

බෝල්පොයින්ට් පෑන් සඳහා මිල ඉල්ලුම් නම්‍යතාව $\pu{-3.0}$ කි. බෝල්පොයින්ට් පෑනක මිල රුපි. $\pu{25}$ ක් වන විට පෑන් $\pu{300}$ ක් ඉල්ලුම් කරනු ලැබේ. පෑනක මිල රුපි. $\pu{20}$ කට අඩුවුවහොත්, කොපමණ ප්‍රමාණයක් ඉල්ලුම් කරනු ලැබේ ද?

(1)

$\pu{900}$

(2)

$\pu{630}$

(3)

$\pu{560}$

(4)

$\pu{480}$

(5)

$\pu{180}$

Complexity: (0)
(10)

කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ සඳහා වන වෙළෙඳපොළ සැපයුම් වක්‍රය වමට විතැන් වනුයේ,

(1)

තාක්ෂණය වැඩි දියුණු වන විට දී ය.

(2)

යෙදවුම් මිල ගණන් පහළ වැටෙන විට දී ය.

(3)

යෙදවුම් මිල ගණන් ඉහළ නගින විට දී ය.

(4)

තාක්ෂණය වැඩි දියුණු වන විට හා යෙදවුම් මිල ගණන් පහළ වැටෙන විට දී ය.

(5)

කර්මාන්තය තුළට සැපයුම්කරුවන් වැඩි වැඩියෙන් ප්‍රවේශ වන විට දී ය.

Complexity: (0)