(1)

පහත සඳහන් දෑ අතුරෙන් නිෂ්පාදන සාධකයක් නොවන්නේ කවරක් ද?

(1)

ස්වාභාවික සම්පත්

(2)

මානව සම්පත්

(3)

ප්‍රාග්ධනය

(4)

මුදල්

(5)

ව්‍යවසායකත්වය

Complexity: (0)
(2)

හිගකම පිළිබඳ ප්‍රශ්නය

(1)

පවතිනුයේ සංවර්ධනය වෙමින් පවත්නා ආර්ථිකයන්හි පමණි.

(2)

පවතිනුයේ වෙළෙඳපොළ ආර්ථිකයන්හි පමණි.

(3)

පවතිනුයේ භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් ඉතා අධික බැවිනි.

(4)

දැනට පැවතිය හැකි වුව ද ආර්ථික වෘද්ධියත් සමග එය බැහැර වී යනු ඇත.

(5)

පවතිනුයේ සම්පත් සීමාසහිත බැවිනි.

Complexity: (0)
(3)

නිෂ්පාදන හැකියා වක්‍රයක් නිර්මාණය කිරිමේ දී පහත සඳහන් දෑ අතුරෙන් කවරක් උපකල්පනය කරනු ලැබේ ද?

(1) ආර්ථිකය තම සම්පත් අකාර්යක්ෂම ලෙස උපයෝජනය කරයි.
(2)

සම්පත් උපයෝජනය කරනුයේ පෞද්ගලික හාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා පමණි.

(3) පූර්ණ නිෂ්පාදනය නොව පූර්ණ සේවා නියුක්තිය සාක්ෂාත් කර ගනී.
(4) නිෂ්පාදන තාක්ෂණය නොවෙනස්ව පවතී.
(5) ආර්ථිකයේ උද්ධමනයක් නොපවතී.
Complexity: (0)
(4)

කිසියම් ආර්ථිකයක් නිෂ්පාදන කාර්යක්ෂමතාව අත් කර ගත් විට

(1)

වෙනත් භාණ්ඩයක නිෂ්පාදනය අඩු නොකොට, තවත් භාණ්ඩයක් වැඩිපුර නිෂ්පාදනය කළ නොහැකි වේ.

(2)

එක් එක් භාණ්ඩය නිෂ්පාදනය කිරිමේ ආන්තික පිරිවැය එම භාණ්ඩයේ මිලට සමාන වේ.

(3)

සියලු ම ඍණ බාහිරතා බැහැරව ගොස් ඇත.

(4)

සමාජයට වඩාත් වුවමනා කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරිම සඳහා සම්පත් බෙදා වෙන් කෙරේ.

(5)

සියලු ම භාණ්ඩ සම්බන්ධයෙන් ස්වයංපෝෂිත තත්ත්වයට පත් වේ.

Complexity: (0)
(5)

'කුමක් නිෂ්පාදනය කරන්නේ ද' සහ 'කා සදහා නිෂ්පාදනය කරන්නේ ද' යන මූලික ආර්ථික ප්‍රශ්න අවශ්‍යයෙන් ම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක බැඳී පවතී. මක් නිසාද යත්,

(1)

වෙනස් වෙනස් ආදායම් ව්‍යාප්ති රටා වෙනස් වෙනස් ඉල්ලුම් රටාවන් ජනනය කෙරෙන බැවින්, ඒවාට අනුරූප වන ලෙස සම්පත් බෙදා වෙන්කිරීමේ රටාවන් ද වෙනස් වන බැවිනි.

(2)

වෙනස් වෙනස් නිෂ්පාදන ක්‍රම ශිල්ප වෙනස් වෙනස් ආදායම් ව්‍යාප්ති රටා ජනනය කරන බැවිනි.

(3)

සමාජයේ ආර්ථික වශයෙන් ප්‍රබල කණ්ඩායම් වෙත ආදායම් හා ධනය සංකේන්ද්‍රණය වී ඇති බැවිනි.

(4)

සම්පත් කාර්යක්ෂම ලෙස බෙදා වෙන්කිරීමෙහිලා වෙළඳපොළ මත විශ්වාසය තැබිය නොහැකි බැවිනි.

(5)

කිසියම් නිශ්චිත නිමැවුම් මට්ටමක්, යෙදවුම්වල විවිධ සංයෝජන ඔස්සේ නිෂ්පාදනය කළ හැකි බැවිනි.

Complexity: (0)
(6)

වෙළෙඳපොළ ආර්ථිකයක මිලෙහි ප්‍රධාන කාර්යය වනුයේ

(1)

ව්‍යවසායකයන් උදෙසා වඩ වඩා ලාභ ජනනය කර දීම ය.

(2)

ආයෝජන ඉඩ ප්‍රස්තා තෝරා ගැනීම සඳහා කුටුම්බවලට මගපෙන්වීම ය.

(3)

ඉල්ලුම් වක්‍රවල නම්‍යතාව නිර්ණය කිරීම ය.

(4)

ආදායම් ව්‍යාප්තිය උසස් කරලීම ය.

(5)

හිග සම්පත් විකල්ප සාවින අතර බෙදා වෙන්කරලීම ය.

Complexity: (0)
(7)

කිසියම් භාණ්ඩයක් සඳහා ඇති වෙළෙඳපොළ ඉල්ලුම් වක්‍රය නොවෙනස්ව පවතිනුයේ පහත සඳහන් කවර කරුණක් වෙනස් වූ විට දී ද?

(1)

ජනගහනය

(2)

එම භාණ්ඩයේ මිල

(3)

ආදේශක භාණ්ඩයක මිල

(4)

අනුපූරක භාණ්ඩයක මිල

(5)

කුටුම්බවල සාමාන්‍ය ආදායම

Complexity: (0)
(8)

පහළට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක් සහිත සාමාන්‍ය භාණ්ඩයක් සඳහා ආදායම් හා මිල ඉල්ලුම් නම්‍යතාවන්ගේ පහත සඳහන් කවර සංයෝජනයක් අනුකූල වේ ද?

 ආදායම් ඉල්ලුම් නම්‍යතාවමිල ඉල්ලුම් නම්‍යප්තුව
(1)සෘණධන
(2)ධනසෘණ
(3)සෘණසෘණ
(4)ධනධන
(5)සෘණශුන්‍ය

(1)
(2)
(3)
(4)
(5)
Complexity: (0)
(9)

A සහ B වශයෙන් භාණ්ඩ දෙකක් පමණක් ඇති බවත්, පාරිභෝගිකයාගේ මුදල් ආදායම ඇතුළු අනෙකුත් සියලු කරුණු නොවෙනස්ව පවතින බවත් සිතන්න. A භාණ්ඩයේ මිල පහළ බසින විට, B භාණ්ඩය සඳහා ඇති ඉල්ලුම වැඩි වේ නම්, අපට නිගමනය කළ හැක්කේ

(1)

A සාමාන්‍ය භාණ්ඩයක් බව ය.

(2)

A හා B යන භාණ්ඩ දෙක ම සාමාන්‍ය භාණ්ඩ බව ය.

(3)

A බාල භාණ්ඩයක් බව ය.

(4)

B බාල භාණ්ඩයක් බව ය.

(5)

B සාමාන්‍ය භාණ්ඩයක් බව ය.

Complexity: (0)
(10)

සහල් මිල ඉහළ යාමක් නිසා පාන් සඳහා ඉල්ලුම 30% කින් වැඩි වේ. සහල් සහ පාන් අතර හරස් ඉල්ලුම් නම්‍යතාව $\pu{3.0}$ කි. මෙම තත්වය ඇතිවීම සඳහා සහල් මිල කොපමණ ප්‍රමාණයකින් වෙනස් විය යුතු ද?

(1)

කිලෝග්‍රෑමයක් රුපියල් $\pu{80}$ සිට රුපියල් $\pu{90}$ දක්වා

(2)

කිලෝග්‍රෑමයක් රුපියල් $\pu{60}$ සිට රුපියල් $\pu{12}$ දක්වා

(3)

කිලෝග්‍රෑමයක් රුපියල් $\pu{80}$ සිට රුපියල් $\pu{85}$ දක්වා

(4)

කිලෝග්‍රෑමයක් රුපියල් $\pu{70}$ සිට රුපියල් $\pu{80}$ දක්වා

(5)

කිලෝග්‍රෑමයක් රුපියල් $\pu{80}$ සිට රුපියල් $\pu{88}$ දක්වා

Complexity: (0)