(1)

පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් අභිමතානුරූපී ප්‍රකාශයක් වනුයේ කවරක් ද?

(1)

ඉන්ධන මිල ඉහළ යාම විදුලි මෝටර් රථ සඳහා ඉල්ලුම ධෛර්යමත් කරන්නේ ය.

(2)

ආදායම වැඩි වන්නේ නම් සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිය පහළ වැටෙන්නේ ය.

(3)

ලැප්ටොප් මිල පහළ වැටෙන විට මිනිස්සු ඒවා වැඩියෙන් මිල දී ගනිති.

(4)

තිවාස හිමියන් අය කරන ගෙවල් කුලී රජය විසින් පාලනය කළ යුතු ය.

(5)

භාණ්ඩයක ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය, එහි මිල වෙනස්වීම සමග ප්‍රතිවිරුද්ධ ලෙස සම්බන්ධව පවතී.

Complexity: (0)
(2)

නිෂ්පාදන සාධකයක් ලෙස භූමියට උදාහරණයක් වශයෙන් පහත සඳහන් කවරක් දැක්විය හැකි ද?

(1)

මාගම්පුර වරාය

(2)

දක්ෂිණ අධිවේගී මාර්ගය

(3)

වික්ටෝරියා වේල්ල

(4)

අඹේවෙල කිරි ගොවිපොළ

(5)

පාසික්කුඩා වෙරළ තීරය

Complexity: (0)
(3)

නිෂ්පාදන හැකියා වක්‍රය මත කටයුතු කරන ආර්ථිකයක් සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් සැමවිටම නිවැරදි වන්නේ ද?

(1)

එය නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයක් විය යුතු ය.

(2)

එය විධාන ආර්ථිකයක් විය යුතු ය.

(3)

එහි සම්පත් පූර්ණ සේවා නියුක්තියෙහි පවතී.

(4)

එය නිෂ්පාදන කාර්යක්ෂමතාව අත් කරගෙන ඇති නමුදු සම්පත් බෙදා වෙන්කිරීමේ කාර්යක්ෂමතාව එයට කිසිසේත් අත්කර ගත නොහැක.

(5)

එයට රේඛීය නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් තිබිය යුතු ය.

Complexity: (0)
(4)

නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය පෙන්නුම් කෙරෙන රූපසටහනක, ආවස්ථික පිරිවැය නිරූපණය කෙරෙනුයේ,

(1)

නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ බෑවුමෙති.

(2)

නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ඇතුළත ලක්ෂ්‍යයකිනි.

(3)

මූලය හරහා අඳිනු ලබන සරල රේඛාවකිනි.

(4)

සිරස් අක්ෂය මත ලක්ෂ්‍යයකිනි.

(5)

තිරස් අක්ෂය මන ලක්ෂ්‍යයකිනි.

Complexity: (0)
(5)

පහත සඳහන් දෑ අතුරෙන්, මනාව ක්‍රියාත්මක වන ධනේශ්වර ආර්ථිකයක් සඳහා අවශ්‍ය වන්නාවූත්, විධාන ආර්ථිකයක් සඳහා අවශ්‍ය නොවන්නාවුත් කරුණ කවරක් ද?

(1)

මධ්‍යගත තීරණ ගැනීම

(2)

සම්පත් හිඟකම

(3)

ඒකාධිකාරී ආයතන

(4)

දේපළ හිමිකම් සුරැකීම

(5)

ධන බාහිරතා

Complexity: (0)
(6)

කිසියම් ආයතනයක් සම්පත් බෙදා වෙන්කිරීමේ කාර්යක්ෂමතාව සහිත නිමැවුම් මට්ටමෙහි සිටින විට,

(1)

මුළු අයභාරය මුළු පිරිවැයට සමාන වේ.

(2)

ආන්තික අයභාරය ආන්තික පිරිවැයට සමාන වේ.

(3)

ආන්තික අයභාරය ආන්තික පිරිවැය ඉක්මවා යයි.

(4)

මිල සාමාන්‍ය මුළු පිරිවැයට සමාන වේ.

(5)

මිල ආන්තික පිරිවැයට සමාන වේ.

Complexity: (0)
(7)

අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී X භාණ්ඩයෙහි මිල පහළ බසී නම්, X භාණ්ඩය සඳහා ඇති වෙළෙඳපොළෙහි සිදුවීමට බොහෝසෙයින් ඉඩකඩ ඇත්තේ පහත සඳහන් කවරක් ද?

(1)

X භාණ්ඩයෙහි සැපයුම අඩු වන්නේ ය.

(2)

X භාණ්ඩය සඳහා ඉල්ලුම වැඩි වන්නේ ය.

(3)

X භාණ්ඩය සඳහා ඉල්ලුම අඩු වන්නේ ය.

(4)

X භාණ්ඩය ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වැඩි වන්නේ ය.

(5)

X හාණ්ඩය සැපයුම් කරනු ලබන ප්‍රමාණය වැඩි වන්නේ ය.

Complexity: (0)
(8)

ඉල්ලුම් වක්‍රයක් ඇඳීමේදී පදනම් කරගනු ලබන උපකල්පනය වන්නේ,

(1)

මිල අඩු වන විට ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය සැමවිටම වැඩි වන්නේය යන්න ය.

(2)

මිල අඩු වන විට ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය සැමවිටම අඩු වන්නේය යන්න ය.

(3)

මිලෙහි හටගන්නා වෙනස්කම්, සැපයුම කෙරෙහි බලපාන්නේ නැතැයි යන්න ය.

(4)

ඉල්ලුමෙහි මිල නම්‍යතාව, ඉල්ලුම් වක්‍රය දිගේ වෙනස් නොවේය යන්න ය.

(5)

මිල හැර ඉල්ලුම කෙරෙහි බලපාන සාධක ස්ථාවරව පවතීය යන්න ය.

Complexity: (0)
(9)

කිසියම් භාණ්ඩයක් සඳහා ඇති වෙළෙඳපොළක සපයනු ලබන ප්‍රමාණය ($\ce{Q_S}$) හා ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය ($\ce{Q_D)}$ පිළිවෙළින් $\ce{Q_S}$ = $\pu{– 30 + P}$ සහ $\ce{Q_D}$ = $\pu{240 -2P}$ වශයෙන් දැක්වෙන අතර, P වලින් දැක්වෙන්නේ ඒකකයක මිල රුපියල්වලිනි. එම භාණ්ඩය මත පනවනු ලබන නිෂ්පාදන බද්දක වෙනස්වීමක් නිසා, සැපයුම $\ce{Q_S}$ = $\pu{- 36 + P}$ ස්වරූපය ගනී. බද්දේ හටගත් මෙම වෙනස සමතුලිත මිල කෙරෙහි බලපානුයේ කෙසේ ද?

(1)

රුපියල් $\pu{2}$ කින් පහළ බසී.

(2)

රුපියල් $\pu{6}$ කින් පහළ බසී.

(3)

රුපියල් $\pu{2}$ කින් ඉහළ නගී.

(4)

රුපියල් $\pu{6}$ කින් ඉහළ නගී.

(5)

රුපියල් $\pu{90}$ කින් ඉහළ නගී.

Complexity: (0)
(10)

තේ සඳහා ඉල්ලුමත් සැපයුමත් දෙකම එකවර වැඩි වන්නේ නම්, තේ වෙළෙඳපොළෙහි සමතුලිත මිල හා ප්‍රමාණය කෙරෙහි එය කෙසේ බලපානු ලැබේ ද?

 මිලප්‍රමාණය
(1)වැඩි වේ.වැඩි වේ.
(2)අඩු වේ.අඩු වේ.
(3)අඩු වේ.වැඩි වේ.
(4)වැඩි වේ.අවිනිශ්චිත ය.
(5)අවිනිශ්චිත ය.වැඩි වේ.

(1)
(2)
(3)
(4)
(5)
Complexity: (0)