(1)

චාල්ස් බැබේජ්ව "පරිගණකයේ පියා" ලෙසට සමහරු හඳුන්වති. එයට හේතුව වී ඇත්තේ ඔහු,

(1)

පැස්කලින් (Pascaline) යාන්ත්‍රික ගණක යන්ත්‍රය නිර්මාණය කළ බැවිනි.

(2)

නැවත ක්‍රමලේඛනය කළ හැකි (re-programmable) පළමු ඉලෙක්ට්‍රොනික ආගණන යන්ත්‍රය නිර්මාණය කළ බැවිනි.

(3)

IBM සමාගමේ දී පළමු පුද්ගල පරිගණකය නිපදවීම සඳහා නායකත්වය ලබා දුන් බැවිනි.

(4)

නවීන පරිගණකවල භාවිත වන “ආදානය, ක්‍රියාවලිය හා ප්‍රතිදානය" යන සංකල්පය පළමුවරට හඳුන්වා දුන් බැවිනි.

(5)

පළමු ඉලෙක්ට්‍රොනික සංඛ්‍යාංක පරිගණකය ENIAC (Electronic Numerical Integrator And Computer) හි මූලාරම්භකයා වූ බැවිනි.

Complexity: (0)
(2)

පළමුවන පරම්පරාවේ පරිගණක සඳහා පාදක වූයේ,

(1)

ඉතා විශාල පරිමාණයේ අනුකලිත (VLSI) තාක්ෂණය වේ.

(2)

විශාල පරිමාණයේ අනුකලිත (LSI) තාක්ෂණය වේ.

(3)

අනුකලිත පරිපථ (ICs) වේ.

(4)

ට්‍රාන්සිස්ටර වේ.

(5)

රික්ත නළ වේ.

Complexity: (0)
(3)

$110110_2$ සඳහා තුල්‍ය වන දශමය සංඛ්‍යාව

(1)

$39$ වේ.

(2)

$48$ වේ.

(3)

$54$ වේ.

(4)

$55$ වේ.

(5)

$108$ වේ.

Complexity: (0)
(4)

වෙබ් අතරික්සුවක් (Web Browser) මගින් විදැහු (render) කරන ලද පහත දක්වා ඇති ලැයිස්තුව සලකන්න:

  1. Pineapple
  2. Mango
  3. Banana

ඉහත ලැයිස්තුව නිර්මාණය කිරීම සඳහා පහත සඳහන් කුමන HTML උසුලන (tags) භාවිත කළ හැකි ද?

(1)

<dd>

(2)

<dl>

(3)

<li>

(4)

<ol>

    (5)

    <ul>

    Complexity: (0)
    (5)

    සසම්භාවි ප්‍රවේශ මතක (RAM) මොඩියුල නිරන්තරයෙන් සංසන්දනය කරනු ලබන්නේ ....................................... මගින් මනිනු ලබන ඒවායේ ධාරිතාව සහ ............................... මගින් මනිනු ලබන වේගය පදනම් කරගෙන ය. ඉහත වගන්තියේ හිස්තැන් පිරවීම සඳහා වඩාත් යෝග්‍ය වදන් වන්නේ පිළිවෙළින්,

    (1)

    කිලෝබයිට්ස්, ගිගාබයිට්ස්

    (2)

    ගිගාබයිට්ස්, තත්පරයට මෙගාබිට්ස්

    (3)

    ගිගාබයිට්ස්, මෙගාහර්ට්ස්

    (4)

    මෙගාහර්ට්ස්, කිලෝහ‍ර්ට්ස්

    (5)

    ගිගාබිට්ස්, තත්පරයට මෙගාබිට්ස්

    Complexity: (0)
    (6)

    පරිගණකයක ප්‍රාථමික මතකයේ උපරිම මතක අවකාශයට වඩා වැඩි අවකාශයක් අවශ්‍ය වන යෙදුමක් ධාවනය සඳහා සූදානම් වී ඇත. එම පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය පහත සඳහන් කුමක් උපයෝගි කරගෙන මෙම අවශ්‍යතාව සපුරාලයි ද?

    (1)

    සසම්භාවි ප්‍රවේශ මතකය (RAM)

    (2)

    පඨන මාත්‍ර මතකය (ROM)

    (3)

    නිහිත මතකය (Cache Memory)

    (4)

    අතථ්‍යරූපි මතකය (Virtual Memory)

    (5)

    විස්තෘත මනකය (Extended Memory)

    Complexity: (0)
    (7)

    $48B_{16} + 00101011_2 =$

    (1)

    $4B6_{16}$

    (2)

    $310_{16}$

    (3)

    $503_{16}$

    (4)

    $513_{16}$

    (5)

    $559_{16}$

    Complexity: (0)
    (8)

    පරිගණකයකට නව දෘඩාංග උපක්‍රම සම්බන්ධ කළ විට ඒවා ස්වයංක්‍රීයව ස්ථාපිත කිරීමට ඉඩ ලබා දෙන නවීන මෙහෙයුම් පද්ධතිවල ඇති ගුණාංගය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ,

    (1)

    Add/Remove Hardware ලෙස ය.

    (2)

    Easy Installer ලෙස ය.

    (3)

    Plug and Play ලෙස ය.

    (4)

    Add Hardware Utility ලෙස ය.

    (5)

    Fetch and Store ලෙස ය.

    Complexity: (0)
    (9)

    පුද්ගල පරිගණකයක (Personal Computer) ඇති සසම්භාවි ප්‍රවේශ මතකයෙහි (RAM) දර්ශීය භාවිතයක් (typical use) නොවන්නේ පහත සඳහන් කවරක් ද?

    (1)

    සැකසුම සඳහා දත්ත පවත්වා ගැනීම

    (2)

    මෙහෙයුම් සඳහා උපදෙස් රඳවා ගැනීම

    (3)

    මෙහෙයුම් පද්ධතිය සඳහා ආචයනය (storage) සැපයීම

    (4)

    ප්‍රතිදානය සඳහා තොරතුරු පවත්වා ගැනීම

    (5)

    ප්‍රවේෂණය (boot-up) කිරීම සඳහා BIOS ක්‍රමලේඛය පවත්වා ගැනීම

    Complexity: (0)
    (10)

    සමාජ ජාල අඩවි සම්බන්ධයෙන් පහත දක්වා ඇති වගන්ති සලකා බලන්න:

    • A - ඡන්ද ප්‍රචාරක වැඩසටහන් සඳහා මාධ්‍යයක් ලෙස මේවායෙහි භාවිතය වැඩිවෙමින් පවතී.
    • B - සමාජ ජාල අඩවියක් තුළ දී පරිශීලකයෙකුගේ සැබෑ අනන්‍යතාව සෑමවිට ම සහතික කරනු ලැබේ.
    • C - නවීන සමාජය තුළ මානව සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා මෙම සමාජ වෙබ් අඩවි උදක්ම අවශ්‍ය වේ.

    ඉහත සඳහන් වගන්ති අතුරෙන් නිවැරදි වන්නේ,

    (1)

    A පමණි.

    (2)

    B පමණි.

    (3)

    C පමණි.

    (4)

    A හා B පමණි.

    (5)

    A හා C පමණි.

    Complexity: (0)