(1)

ආචිත ක්‍රම ලේඛ (stored program) සංකල්පය මුලින් ම යෝජනා කළේ කවුරුන් විසින් ද?

(1)

Ada Augusta ආර්යාව

(2)

Charles Babbage

(3)

Howard Aiken

(4)

Blaise Pascal

(5)

Von Neumann

Complexity: (0)
(2)

පහත දැක්වෙන උපාංග අතුරෙන් පරිගණකයක මධ්‍යම සැකසුම් ඒකකයට (CPU) පිටතින් සාමාන්‍යයෙන් දැකිය හැක්කේ කුමක් ද?

(1)

RAM

(2)

පාලන ඒකකය (Control Unit)

(3)

ALU

(4)

පොදුකාර්ය රෙජිස්තර

(5)

L1 නිහිත මතකය (Cache memory)

Complexity: (0)
(3)

නිඛිලයක්, බිටු 8කින් නිරූපණය කරන්නේ නම්, 45 නිරූපණය කරන 2හි අනුපූරකය කුමක් ද?

(1)

11010011

(2)

10110011

(3)

11001101

(4)

00101111

(5)

00101101

Complexity: (0)
(4)

වෙබ් ප්‍රකාශනය සඳහා තවත් නමක් වන්නේ පහත දැක්වෙන දෑ අතුරෙන් කුමක් ද?

(1)

මාර්ග අපගත ප්‍රකාශනය

(2)

පරිගණක ප්‍රකාශනය

(3)

මාධ්‍ය ප්‍රකාශනය

(4)

මාර්ගගත ප්‍රකාශනය

(5)

ස්ව ප්‍රකාශනය

Complexity: (0)
(5)

පහත සඳහන් ද්විතීයික ආචයන උපක්‍රම අතුරෙන් වේගවත් ම දත්ත ප්‍රවේශය ලබා දෙන උපක්‍රමය ලෙස සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ කුමක් ද?

(1)

සුසංහිත තැටිය (Compact Disc)

(2)

අංකිත බහු නිපුන තැටිය (Digital Versatile Disc)

(3)

අභ්‍යන්තර දෘඪ ඩිස්කය (Internal hard disk)

(4)

චුම්බකිත පටිය (Magnetic tape)

(5)

නම්‍ය ඩිස්කය (Floppy disk)

Complexity: (0)
(6)

පුද්ගල පරිගණක බලගැන්වීම (book-up) සඳහා සාමාන්‍යයෙන් භාවිත කරනුයේ පහත දෑ අතුරෙන් කවරක් ද?

(1)

ස්ථිරාංග (Firmware)

(2)

අනිෂ්ට මෘදුකාංග (Malware)

(3)

වෙළඳ මෘදුකාංග (Adware)

(4)

කප්පම් මෘදුකාංග (Ransomware)

(5)

ජීවාංග (Liveware)

Complexity: (0)
(7)

පුද්ගල පරිගණකයක අනුපූරක ලෝහ ඔක්සයිඩ අර්ධ සන්නායක මතකයේ (CMOS) ප්‍රධාන භාවිතයක් වන්නේ පහත දැක්වෙන දෑ අතුරෙන් කුමක් ද?

(1)

සැකසීම සඳහා ආදාත තබා ගැනීම

(2)

මෙහෙයුම් සඳහා උපදෙස් රඳවා ගැනීම

(3)

මෙහෙයුම් පද්ධතිය ප්‍රවේශනය (loading) සඳහා අවකාශ ලබා දීම

(4)

ප්‍රතිදානය සඳහා තොරතුරු තබා ගැනීම

(5)

බල ගැන්වීමේ ක්‍රියාවලිය සඳහා මූලික ආදාන ප්‍රතිදාන පද්ධතියේ (Basic Input Output System) කට්ටල් අංග (settings) තබා ගැනීම

Complexity: (0)
(8)

පුද්ගල පරිගණකයක් තුළ අන්තර් ක්‍රියාකාරී නොවන කාර්ය (non-interactive jobs) අනුක්‍රමයක් පරිශීලකයාට සාපේක්ෂව ක්‍රියාත්මක කිරීම හඳුන්වනු ලබනුයේ,

(1)

බහුකාර්ය (multitasking) ලෙස ය.

(2)

බහු පරිශීලක සැකසීම (multiuser processing) ලෙස ය.

(3)

බහු සැකසීම (multiprocessing) ලෙස ය.

(4)

කාණ්ඩ සැකසීම (batch processing) ලෙස ය.

(5)

මාර්ගගත සැකසීම (online processing) ලෙස ය.

Complexity: (0)
(9)

$101111_2$ ද්විමය සංඛ්‍යාවට තුල්‍ය වන්නේ පහත දැක්වෙන සංඛ්‍යා අතුරෙන් කවරක් ද?

(1)

$57_8$

(2)

$57_{16}$

(3)

$57_{10}$

(4)

$59_{16}$

(5)

$5F_{16}$

Complexity: (0)
(10)

$5D_{16} + 10111_2 = $

(1)

$73_8$

(2)

$75_{16}$

(3)

$116_8$

(4)

$163_8$

(5)

$164_8$

Complexity: (0)