(1)

පිළිවෙළින් දශමය, අෂ්ටක සහ ශඩ් දශමය ආකාරයෙන් ඇති පහත දැක්වෙන සංඛ්‍යා තුන සලකන්න.

  • A - $231_{10}$
  • B - $347_8$
  • C - $E7_{16}$

ඉහත කවරක් ද්විමය $11100111_2$ ට තුල්‍ය වේ ද?

(1)

A පමණි

(2)

B පමණි

(3)

A හා C පමණි

(4)

B හා C පමණි

(5)

A, B හා C සියල්ලම

Complexity: (0)
(2)

ද්විමය $110101.11_2$ ට තුල්‍ය වන දශමය සංඛ්‍යාව කුමක් ද?

(1)

$53.00_{10}$

(2)

$53.50_{10}$

(3)

$53.75_{10}$

(4)

$54.25_{10}$

(5)

$54.75_{10}$

Complexity: (0)
(3)

පහත කවරක් 'ටෙලිගමනය' (telecommuting) යන පදය පැහැදිලි කරයි ද?

(1)

සේවකයකුට එකිනෙකට වෙනස් භූගෝලීය ස්ථානවල සිට නවීන තාක්ෂණය භාවිතයෙන් රාජකාරිය පහසුවෙන් කිරීමට ඇති හැකියාව

(2)

විවිධ භූගෝලීය ස්ථානවල සිටින පුද්ගලයින් සමග මාර්ගගත (online) රැස්වීම් පැවැත්වීම

(3)

සමාජ සත්කාරය සඳහා ICT භාවිත කිරීම

(4)

තොරතුරු සමුද්ධරණය (retrieve) කිරීම සඳහා වෙබ් පාදක කරගත් යෙදුම් භාවිතය

(5)

මූල්‍ය ගනුදෙනු මාර්ගගතව සිදු කිරීම

Complexity: (0)
(4)

පහත ප්‍රකාශ සලකන්න.

  • A - පරිගණකයක පද දිග (word size) යනු මධ්‍යම සැකසුම් ඒකකය (CPU) මගින් එක් (තනි) ක්‍රියාවක දී සකසනු ලබන බිටු සංඛ්‍යාව වේ.
  • B - දත්ත බසයේ දිග (data bus width) හා රෙජිස්තරයක දිග (register width) පරිගණකයෙහි පද දිගට සෘජුව සම්බන්ධ ය.
  • C - පොදු අවශ්‍යතා සඳහා වන නවීන පරිගණකයක පද දිග බිටු 32 හෝ 64 හෝ වේ.

ඉහත ප්‍රකාශ කවරක් නිවැරදි වේ ද?

(1)

A පමණි

(2)

B පමණි

(3)

C පමණි

(4)

B හා C පමණි

(5)

A, B හා C සියල්ලම

Complexity: (0)
(5)

පහත දැවෙන ප්‍රකාශ සලකන්න.

  • A - පොදු යතුරු (public key) ගුප්ත කේතක පද්ධතිවල සන්නිවේදනයේ යෙදෙන, එක් එක් භූතාර්ථ යුගල ගුප්ත කේතනය හා විකේතනය සඳහා තනි යතුරක් හවුලේ භාවිත කරයි.
  • B - තතු බෑම (phishing) යනු බොහෝ විට පරිශීලක නම සහ මුරපදය වැනි පරිශීලක දත්ත සොරා ගැනීමට යොදා ගැනෙන සමාජ ඉංජිනේරු ප්‍රහාර වර්ගයකි.
  • C - කවුළු පරිලෝකනය කිරීම (port scanning) යනු ප්‍රහාරකයන් විසින් ජාල සත්කාරකයක (network host) ඇති විවෘත කවුළු හෝ සේවාවන් හඳුනා ගැනීම සඳහා භාවිත කෙරෙන ක්‍රමයකි.
  • D - සංඛ්‍යාංක අත්සන (digital signature) විද්‍යුත් තැපැල් පණිවුඩ සත්‍යාපනය කිරිම (authentication) සඳහා භාවිත කෙරේ.

ඉහත ප්‍රකාශ කවරක් නිවැරදි වේ ද?

(1)

B හා C පමණි

(2)

A, B හා C පමණි

(3)

A, C හා D පමණ

(4)

B, C හා D පමණි

(5)

A, B, C හා D සියල්ලම

Complexity: (0)
(6)

පහත ප්‍රකාශ සලකන්න.

  • A - IP ජාලයක ඇති DHCP සේවාදායකය ජාල උපක්‍රම සඳහා IP ලිපින ගතිකව වෙන් කරයි.
  • B - DNS සේවාදායකය වසම් නාම IP ලිපිනවලට පරිවර්තනය කරයි.
  • C - FTP සේවාදායකය මෑතදී ප්‍රවේශ වන ලද වෙබ් පිටු නිහිත කරයි (caches).

ඉහත ප්‍රකාශ කවරක් නිවැරදි වේ ද?

(1)

A පමණි

(2)

B පමණි

(3)

A හා B පමණි

(4)

B හා C පමණි

(5)

A, B හා C සියල්ලම

Complexity: (0)
(7)

පහත ප්‍රකාශ සලකන්න.

  • A - TCP යනු සම්බන්ධතා නැඹුරු (connection oriented), විශ්වාස සහගත නියමාවලියකි (protocol).
  • B - UDP යනු සම්බන්ධතා රහිත (connectionless) විශ්වාසයෙන් තොර නියමාවලියකි.
  • C - TCP සහ UDP යනු ප්‍රවාහන ස්ථරයෙහි (transport layer) නියමාවලි වේ.

ඉහත ප්‍රකාශ කවරක් නිවැරදි වේ ද?

(1)

A පමණි

(2)

B පමණි

(3)

A හා B පමණි

(4)

B හා C පමණි

(5)

A, B හා C සියල්ලම

Complexity: (0)
(8)

OSI සමුද්දේශ ආකෘතියෙහි ජාල ස්ථරය (network layer) .................................. සන්නිවේදනය සඳහා දායක වේ.
ඉහත ප්‍රකාශයෙහි හිස්තැන පිරවීමට පහත කවරක් යෝග්‍ය වේ ද?

(1)

පුරුකයේ සිට පුරුකයට (node to node)

(2)

ප්‍රභවයේ සිට ගමනාන්තයට (source to destination)

(3)

පිම්මෙන් පිම්මට (hop to hop)

(4)

ස්විචයෙහි සිට මාර්ගකාරකයට (switch to router)

(5)

ක්‍රියාවලියෙන් ක්‍රියාවලියට (process to process)

Complexity: (0)
(9)

පහත කවරක් C පන්තියේ ජාලයක ඇති සත්කාරක (host) බිටු ගණන සහ IP ලිපින ගණන පිළිවෙළින් දක්වයි ද?

(1)

8 සහ 256

(2)

8 සහ 65536

(3)

6 සහ 256

(4)

16 සහ 65536

(5)

24 සහ 256

Complexity: (0)
(10)

පහත දැවෙන කුමන ජාල පන්තියකට 192.248.254.1 යන IP ලිපිනය අයත් වේ ද?

(1)

A

(2)

B

(3)

C

(4)

D

(5)

E

Complexity: (0)