(7)

එක්තරා පද්ධති විශ්ලේෂකයකු විසින් ස්වයංකරණය කළ යුතුව ඇති දැනට අත්පුරුව පවතින P ,Q සහ R නම් තොරතුරු පද්ධති තුනක් විශ්ලේෂණය කර පහත දැක්වෙන වාර්තාව ඉදිරිපත් කරනු ලබයි.

  • පද්ධතිය P - අවශ්‍යතා පැහැදිලි සහ ස්ථායි (stable) වේ. නුදුරු අනාගතයේ දී නව අවශ්‍යතා බලාපොරොත්තු නොවේ.
  • පද්ධතිය Q - පද්ධති අවශ්‍යතා සංකීර්ණ නොවන අතර සාපේක්ෂව කෙටි කාල පරිච්ඡේදයක් තුළ ස්වයංකරණය (automate) කළ යුතු වන බැවින් කාර්යබද්ධ (functional) මොඩියුල රැසක් සමාන්තරව සංවර්ධනය කළ යුතු වේ.
  • පද්ධතිය R - පද්ධති අවශ්‍යතා සංකීර්ණ වන අතර සංවර්ධනය කෙරෙන අතරතුර සැළකිය යුතු වෙනස්කම් බලාපොරොත්තු වේ.

P, Q සහ R සඳහා පිළිවෙළින් පහත දැක්වෙන කුමන පද්ධති සංවර්ධන ආකෘති වඩා සුදුසු වේ ද?

(1)

P: ශීඝ්‍ර යෙදුම් සංවර්ධනය (Rapid Application Development - RAD), Q : දිය ඇලි (Water fall), R: සර්පිලාකාර (Spiral)

(2)

P: දිය ඇලි, Q: ශීඝ්‍ර යෙදුම් සංවර්ධනය, R: සර්පිලාකාර

(3)

P: දිය ඇලි, Q : සර්පිලාකාර, Q : ශීඝ යෙදුම් සංවර්ධනය

(4)

P: සර්පිලාකාර, Q: දිය ඇලි, Q : ශීඝ්‍ර යෙදුම් සංවර්ධනය

(5)

P: සර්පිලාකාර, Q: ශීඝ්‍ර යෙදුම් සංවර්ධනය, R: දිය ඇලි

Complexity: (0)