(1)

පහත දැක්වෙන දෑ අතුරෙන් කවරක් අතථ්‍ය ලිපින (virtual addresses) භෞතික ලිපින (physical addresses) බවට අනුරූපණය කරන්නා වූ දෘඩාංග උපක්‍රමයක් වේ ද?

(1)

බසය (bus)

(2)

නිහිත මතකය (cache memory)

(3)

පාලන ඒකකය (control unit)

(4)

මතක කළමනාකරණ ඒකකය (memory management unit)

(5)

රෙජිස්ටරය

Complexity: (0)
(2)

පහත කවරක් 01010101 සහ 10101010 යන ද්විමය සංඛ්‍යා දෙකෙහි බිටු ලෙස AND (bitwise AND) මෙහෙයුම නිරූපණය කරයි ද?

(1)

00000000

(2)

00001111

(3)

11001100

(4)

11110000

(5)

11111111

Complexity: (0)
(3)

පොදු යතුර (public key) සහ පෞද්ගලික යතුර (private key) භාවිතයෙන් සිදු කෙරෙන ගුප්ත කේතනය (encryption) සහ ගුප්ත විකේතනය (decryption) හඳුන්වනු ලබන්නේ,

(1)

අසමමිතික ගුප්ත කේතනය (asymmetric encryption) ලෙස ය.

(2)

සංඛ්‍යාංක ගුප්ත කේතනය (digital encryption) ලෙස ය.

(3)

දෙමුහුම් ගුප්ත කේතනය (hybrid encryption) ලෙස ය.

(4)

පෞද්ගලික යතුරු ගුප්ත කේතනය (private key encryption) ලෙස ය.

(5)

සමමිතික ගුප්ත කේතනය (symmetric encryption) ලෙස ය.

Complexity: (0)
(4)

එක්තරා පරිගණක ජාලයක සෑම නෝඩුවක්ම (node) මධ්‍යගත ජාල උපක්‍රමයකට (central network device) සෘජුවම සම්බන්ධ කර ඇත. මෙවැනි ස්ථලකයක් (topology) හඳුන්වනු ලබන්නේ,

(1)

බස් (bus) ස්ථලකයක් ලෙස ය.

(2)

දෙමුහුම් (hybrid) ස්ථලකයක් ලෙස ය.

(3)

දැල් (mash) ස්ථලකයක් ලෙස ය.

(4)

මුදු (ring) ස්ථලකයක් ලෙස ය.

(5)

තාරකා (star) ස්ථලකයක් ලෙස ය.

Complexity: (0)
(5)

e-වාණිජ්‍යයට සම්බන්ධ පහත දැක්වෙන ක්‍රියාවලි සලකන්න.

  • A - සපත්තු යුගලක් මාර්ගගතව මිලදී ගැනීම
  • B - ඔබගේ ප්‍රියතම නවකතාවෙහි ඉලෙක්ට්‍රොනික පිටපතක් (e-book) මාර්ගගතව මිලදී ගැනීම
  • C - ඔබගේ නිවසේ සිට ගුවන්තොටුපොළ වෙත යෑමට කුලී රථයක් මාර්ගගතව වෙන් කරගැනීම

ඉහත ක්‍රියාවලි අතුරෙන් කවරක් පියෝ-ක්ලික් (pure-click) ව්‍යාපාර ආකෘතිය නිරූපණය කරයි ද?

(1)

A පමණි

(2)

B පමණි

(3)

C පමණි

(4)

A සහ C පමණි

(5)

B සහ C පමණි

Complexity: (0)
(6)

පහත කවරකින් මෘදුකාංග පරීක්ෂාවෙහි (software testing) නිවැරදි අනුපිළිවෙළ දැක්වෙයි ද?

(1)

ප්‍රතිග්‍රහණ පරික්ෂාව (acceptance testing) $\ce{->}$ පද්ධති පරික්ෂාව (system testing) $\ce{->}$ ඒකාබද්ධ පරික්ෂාව (integration testing) $\ce{->}$ ඒකක පරික්ෂාව (unit testing)

(2)

ඒකක පරික්ෂාව $\ce{->}$ ප්‍රතිග්‍රහණ පරික්ෂාව $\ce{->}$ පද්ධති පරීක්ෂාව $\ce{->}$ ඒකාබද්ධ පරික්ෂාව

(3)

ඒකක පරීක්ෂාව $\ce{->}$ ඒකාබද්ධ පරික්ෂාව $\ce{->}$ ප්‍රතිග්‍රහණ පරික්ෂාව $\ce{->}$ පද්ධති පරීක්ෂාව

(4)

ඒකක පරික්ෂාව $\ce{->}$ ඒකාබද්ධ පරීක්ෂාව $\ce{->}$ පද්ධති පරීක්ෂාව $\ce{->}$ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව

(5)

ශ්වේත මංජුසා පරික්ෂාව (white-box testing) $\ce{->}$ කාල මංජුසා පරික්ෂාව (black-box testing) $\ce{->}$ පද්ධති පරික්ෂාව $\ce{->}$ ඒකක පරීක්ෂාව

Complexity: (0)
(7)

මෘදුකාංග සංවර්ධන සමාගමක් තම නව පද්ධති සංවර්ධන ව්‍යාපෘතිය සංකීර්ණ අවශ්‍යතාවලින් සමන්විත බවත්, මධ්‍යම (medium) සිට ඉහළ (high) දක්වා අවදානම් (risk) මට්ටමක් ඇති බවත් හඳුනාගනියි. තවද අවශ්‍යතා පැහැදිලි කර ගැනීමට ඇගයීමක් (evaluation) අවශ්‍ය බවත් පද්ධති සංවර්ධන ක්‍රියාවලියේ දී සැලකිය යුතු වෙනස්කම් අපේක්ෂා කෙරෙන බවත් හඳුනාගනියි. මෙම ව්‍යාපෘතිය සඳහා වඩාත්ම සුදුසු මෘදුකාංග සංවර්ධන ක්‍රියාවලි ආකෘතිය (software development process model) කුමක් ද?

(1)

සුචල්‍ය (agile)

(2)

මූලාකෘතිකරණය (prototyping)

(3)

ශීඝ්‍ර යෙදවුම් සංවර්ධනය (RAD)

(4)

සර්පිල (spiral)

(5)

දියඇලි (waterfall)

Complexity: (0)
(8)

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙහි (ICT) භාවිතය ඉහළ යාම සඳහා පහත කවරකින් සැලකිය යුතු දායකත්වයක් ලැබුණි ද?

  • A - අර්ධ සන්නායක (semi conductor) තාක්ෂණයෙහි ශීඝ්‍ර ප්‍රගතිය තුළින් අඩු පිරිවැයක් සහිත දෘඩාංගවලට මග පෑදීම
  • B - පරිශීලක මිත‍්‍රශීලී (user-friendly) මෘදුකාංග සහ අතුරුමුහුණත් පරිගණකවලට හඳුන්වා දීම
  • C - පරිගණක සහ සන්නිවේදන තාක්ෂණ මුහුන්වීම (merge) හේතුවෙන් සුහුරු (smart) සහ ජංගම (mobile) උපක්‍රම නිපදවීම

(1)

A පමණි

(2)

B පමණි

(3)

A සහ C පමණි

(4)

B සහ C පමණි

(5)

A, B සහ C සියල්ලම

Complexity: (0)
(9)

HTML පෝරමයක් "login.php" වෙත සම්බන්ධ වීමට භාවිත කළ හැකි නිවැරදී කේත පේළිය කුමක් ද?

(1)

<form action="GET" method="/login.php">

(2)

<form action="/login.php" method ="GET">

(3)

<form submit="GET" method="/login.php”>

(4)

<form submit="/login.php" method="GET">

(5)

<form target“=/login.php" method="GET">

Complexity: (0)
(10)

“Department of Examinations” යන පද සඳහා URL: http://www.doe.index.html යන ඒකාකාරි සම්පත් නිශ්චායකය (URL) භාවිතයෙන් අධිසන්ධානයක් (hyperlink) නිර්මාණය කිරිම සඳහා පහත දැක්වෙන කුමන HTML කේක්ත පේළිය නිවැරදි වන්නේ ද?

(1)

<a href="Department of Examinations"> http://www.doe.index.html </a>

(2)

<a href="http://www.doe.index.html"> Department of Examinations <a>

(3)

<a href="http://www.doe.index.html" alt="Department of Examinations"> <a>

(4)

<a src="Department of Examinations"> http://www.doe.index.html </a>

(5)

<a src="http://www.doe.index.html">Department of Examinations </a>

Complexity: (0)