(1)

පහත දැක්වෙන කුමන වාක්‍ය යුගලය ප්‍රත්‍යනීක ප්‍රස්තුත වන්නේ ද?

(1)

සියලු හංසයින් සුදු පාට ය හා සමහර හංසයින් සුදු පාට වේ.

(2)

සියලු හංසයින් සුදු පාට ය හා සමහර හංසයින් සුදු පාට නොවේ.

(3)

සියලු හංසයින් සුදු පාට ය හා කිසිම හංසයෙක් සුදු පාට නොවේ.

(4)

සමහර හංසයින් සුදු පාට ය හා කිසිම හංසයෙක් සුදු පාට නොවේ.

(5)

සමහර හංසයින් සුදු පාට ය හා සමහර හංසයින් සුදු පාට නොවේ.

Complexity: (0)
(2)

පරමාදර්ශී සම්පරික්ෂණයක් වන්නේ,

(1)

ඕනෑ ම පාලිත නිරික්ෂණයකි.

(2)

හැම විචල්‍යයක් ම මිනුමට භාජනය කරනු ලබන සම්පරීක්ෂණයකි.

(3)

එක් වරකට එක් විචල්‍යයක් හා එක් විචල්‍යයක් පමණක් විචලනය කරන සම්පරීක්ෂණයකි.

(4)

මිනුම සඳහා නිවැරදි උපකරණ භාවිත කරනු ලබන සම්පරීක්ෂණයකි.

(5)

පුනරාවර්තන කරනු ලබන සම්පරීක්ෂණයක ප්‍රතිඵලවල සාමාන්‍යය, අවසාන ප්‍රතිඵලය ලෙස ගනු ලබන සරික්ෂණයකි.

Complexity: (0)
(3)

'I' ප්‍රස්තුතයක උප ප්‍රත්‍යනීකය වන්නේ, ඊට අනුරූප වන

(1)

A ප‍්‍රස්තුතයයි.

(2)

E ප්‍රස්තුතයයි.

(3)

O ප්‍රස්තුතයයි.

(4)

A ප්‍රස්තුතය හෝ E ප්‍රස්තුතයයි.

(5)

A ප්‍රස්තුතය සහ O ප්‍රස්තුතයයි.

Complexity: (0)
(4)

පිළිවෙළින් කන්දක පාමුල, මැද හා මුදුනේ වායු පීඩනයෙහි පීඩනමාන පාඨාංක ගනු ලැබේ. මෙම පාඨාංක පිළිවෙළින් B, M හා T ලෙස දක්වනු ලබන්නේ නම්, එවිට
(මෙහි <, > 'අඩුවෙයි', 'වැඩිවෙයි' යන්න පිළිවෙළින් දක්වන සම්මත සංකේත ය.)

(1)

B < T වේ.

(2)

B > T වේ.

(3)

B = T වේ.

(4)

M < T වේ.

(5)

M > B වේ.

Complexity: (0)
(5)

''සියලු සහෝදරයත් පිරිමි අය ය.'' යන්න සත්‍ය වන්නේ,

(1)

අපි නිරීක්ෂණ පවත්වන අතර අපට ගැහැනු සහෝදරයෙක් හමු නොවන නිසා ය.

(2)

එය ඉතා ඉහළ සම්භාවිතාවක් ඇති ප්‍රස්තුතයක් නිසා ය.

(3)

එය පැහැදිලි අර්ථ ඇති පදවලින් සමන්විත නිසා ය.

(4)

එය පුනර්වාචකයක් නිසා ය.

(5)

එය “සියලු මිනිසුන් මැරෙනසුලු ය” වැනි සර්වවාචී ප්‍රස්තුතයක් වන නිසා ය.

Complexity: (0)
(6)

“කිසිම ශ්‍රී ලාංකිකයකු උස නැත." යන ප්‍රස්තුතයෙහි ප්‍රතිවර්තනය කුමක් ද?

(1)

සමහර උස අය ශ්‍රී ලාංකිකයින් නොවේ.

(2)

සියලු ශ්‍රී ලාංකිකයින් නූස් ය.

(3)

නූස් අය ශ්‍රී ලාංකිකයින් ය.

(4)

සමහර ශ්‍රී ලාංකිකයින් නුස් ය.

(5)

සියලු ශ්‍රී ලාංකිකයින් උස නොවේ.

Complexity: (0)
(7)

උෂ්ණත්වය හා වායුගෝලීය පීඩනය මැනීමේ උපකරණ සඳහා බහුල ව යොදා ගනු ලැබූ ලෝහය වන්නේ,

(1)

යකඩ ය.

(2)

රිදී ය.

(3)

රසදිය ය.

(4)

තඹ ය.

(5)

ජලය ය.

Complexity: (0)
(8)

දුබල කළ උපප්‍රකාරයන් ද ගැනෙන්නේ නම්, පහත දැක්වෙන ප්‍රකාරයෙහි සප්‍රමාණ උපප්‍රකාර කීයක් වේ ද?
$\ MP$
$\ SM$
$\therefore SP$

(1)

2

(2)

3

(3)

4

(4)

5

(5)

6

Complexity: (0)
(9)

විද්‍යාත්මක සාමාන්‍යකරණය සඳහා උද්ගාමී ක්‍රමය යොදා ගන්නා විට සාමාන්‍යකරණය කරා ළඟාවීමට ‘උද්ගාමී පිම්මක්" පනින්නට සිදුවෙයි. මෙම පිම්ම අවශ්‍ය වන්නේ.

(1)

විද්‍යාව ආනුභූතික නිසා ය.

(2)

විද්‍යාව සඳහා පරිකල්පනය යොදා ගත යුතු නිසා ය.

(3)

විද්‍යාත්මක පරීක්ෂණ කිසිවිටෙක අවසාන ඒවා නොවන නිසා ය.

(4)

නිගමනය කරා පැමිණීමට විද්‍යාඥයාට අවයව හා නිගමනය අතර ඇති විශාල පරතරයක් මතින් යා යුතු නිසා ය.

(5)

කා‍ර්ල් පොපර් කියන්නාක් මෙන් නිරීක්ෂණ මඩේ සිට වූ ඉනි මෙන් සෙලවෙනසුලු නිසා ය.

Complexity: (0)
(10)

පහත කුමක් සිදුවුවහොත් පමණක් සප්‍රමාණ තර්කයක නිගමනය අසත්‍ය වන්නේ ද?

(1)

තකයෙහි අවයව දෙකක් හෝ වැඩි ගණනක් අසත්‍ය වීම

(2)

නිහමය සම්භාවිතාවක් පමණක් ඇති එකක් වීම

(3)

සියලු අවයව අසත්‍ය වීම

(4)

යටත් පිරිසෙයින් එක අවයවයක් අසත්‍ය වීම

(5)

නිගමනය අවයවවලින් තාර්කිකව ගම්‍ය නොවීම

Complexity: (0)