You can test your knowledge. or
(1)

ප්‍රස්තුතයක ඇරිස්ටෝටලියානු විග්‍රහයේ සාධක දෙකක් වන්නේ,

(1)

අවයව හා නිගමනයන් ය.

(2)

සත්‍යය හා සප්‍රමාණතාවයයි.

(3)

එකාධිවාදී හා ඒකවාචී ය.

(4)

වාච්‍යය හා වාචකයයි.

(5)

ශ්‍රිතය හා ස්වායත්ත විචල්‍යයයි.

Complexity: (0)
More
(2)

ග්‍රහයන්ගේ ගමන ඉලිප්සාකාර බව සොයාගැනීමට කෙප්ලර්ට මග පෙන්වනු ලැබුවේ ටයිකෝ ද බ්‍රාහි විසින් සටහන් කර තිබූ එක්තරා ග්‍රහයෙකුගේ නිරීක්ෂිත ස්ථාන පිළිබඳ දත්ත චක්‍රාකාර කක්ෂයකින් අපගමනය වූ අන්දමයි. එම ග්‍රහයා

(1)

බ්‍රහස්පති ය.

(2)

සිකුරු ය.

(3)

අඟහරු ය.

(4)

බුධ ය.

(5)

යුරේනස් ය.

Complexity: (0)
More
(3)

ප්‍රබල නිගාමී තර්කයක් යනු

(1)

සප්‍රමාණ තරකයකි.

(2)

සත්‍ය නිගමනයක් සහිත නිෂ්ප්‍රමාණ තර්කයකි.

(3)

අසත්‍ය අවයව ඇති සප්‍රමාණ තර්කයකි.

(4)

සත්‍ය අවයව සහිත නිෂ්ප්‍රමාණ තර්කයකි.

(5)

සත්‍ය අවයව සහිත සප්‍රමාණ තර්කයකි.

Complexity: (0)
More
(4)

විද්‍යාත්මක විධි ක්‍රමවේදයෙහිලා, ආනුභූතික පරික්ෂණයක් වන්නේ,

(1)

නිරීක්ෂණයකි.

(2)

සම්පරික්ෂණයකි.

(3)

නිරික්ෂණයක් හෝ සම්පරික්ෂණයකි.

(4)

මිනුම සහිත සම්පරීක්ෂණයකි.

(5)

සම්පරීක්ෂණයක් අනුක්‍රමිකව සිදු කළ නිරීක්ෂණයකි.

Complexity: (0)
More
(5)

පහත දී ඇති වාක්‍ය අතුරෙන් සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රයෙහි සරල නිරූපාධික ප‍්‍රස්තූතයක් ලෙස සැලකිය හැක්කේ කුමක් ද?

(1)

ඔහු ශ්‍රී ලාංකිකයෙකු හෝ ඉන්දියානුවෙකු ය.

(2)

ඉදින් කිසිවෙක් ශ්‍රී ලාංකිකයෙකු නම් එවිට ඔහුට ආ හැකි ය.

(3)

කිසිම ශ්‍රී ලාංකිකයෙකු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වී නැත.

(4)

සොක්‍රටීස් වස පානය කළේ ද?

(5)

ජැක් සහ ජිල් කන්ද උඩට ගියහ.

Complexity: (0)
More
(6)

ස්වභාවික නිරික්ෂණයක් ලෙස සැලකිය හැකි ප්‍රකාශය කුමක් ද?

(1)

සූර්යයා වටා ග්‍රහයකුගේ කක්ෂය ඉලිප්සාකාර බව කෙප්ලර් නිරික්ෂණය කිරීම

(2)

දහනයෙන් පසු වස්තුවක බර වැඩිවන බව ලැවොයිසියර් නිරීක්ෂණය කිරිම

(3)

ගැලිලියෝ තම දුරදක්නය මගින් සඳෙහි තලය උස් පහත් බිම් සහිත බව නිරීක්ෂණය කිරිම

(4)

සංයෝග ගොඩනැගීමට මූලද්‍රව්‍ය එකතු වන්නේ සරල අනුපාත වලින් බව ජෝන් ඩෝල්ටන් නිරික්ෂණය කිරීම

(5)

රොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලින් විසින් DNA අණුවෙන් ලබාගත් X-කිරණ විවර්තන රටාව ද්විත්ව හෙලික්සයක් බව ජෝන් වොට්සන් දැකීම

Complexity: (0)
More
(7)

‘සියලු කුනිස්සන් අද ලබාගත නොහැකි දේ වේ' යන වාක්‍යයේ ප්‍රතිවර්තනය ඇතුළත් වරණය කුමක් ද?

(1)

සමහර කුනිස්සන් අද ලබාගත නොහැක.

(2)

අද ලබාගත නොහැකි සියලු දේ කුනිස්සන් ය.

(3)

කිසිම කුනිස්සෙකු අද ලබාගත නොහැකි ය.

(4)

අද ලබාගත නොහැකි සමහර දේ කුනිස්සන් ය.

(5)

සමහර කුනිස්සන් අද ලබාගත හැක.

Complexity: (0)
More
(8)

අනුපාත පරිමාණයක් භාවිත කළ හැකි මිනුම කුමක් ද?

(1)

පුද්ගලයකුගේ ප්‍රංශ භාෂාව පිළිබඳ දැනුම පරික්ෂා කිරිම

(2)

පුද්ගලයකුගේ බුද්ධි මට්ටම (IQ)

(3)

දිග

(4)

උෂ්ණත්වය $\pu{°C}$ හෝ $\pu{°F}$ වලින්

(5)

වාර විභාග පරික්ෂණයක දී පන්තියක ශිෂ්‍යයෙකුගේ ලකුණු

Complexity: (0)
More
(9)

“සියලු ශ්‍රී ලාංකිකයින් ආර්යයන් ය. සමහර ඉන්දියානුවන් ආර්යයන් ය. එහෙයින් සමහර ශ්‍රී ලාංකිකයින් ඉන්දියානුවන් ය.” යන සංවාක්‍යය.

(1)

සප්‍රමාණ තර්කයකි.

(2)

අයථා සාධ්‍ය පද ආභාසය සහිත ය.

(3)

අයථා පක්ෂ පද ආභාසය සහිත ය.

(4)

ප්‍රබල තර්කයකි.

(5)

අව්‍යාප්ත මධ්‍ය පද ආභාසය සහිත ය.

Complexity: (0)
More
(10)

දේදුන්නේ වර්ණ, X-කිරණ, අධෝරක්ත කිරණ, පාරජම්බුල කිරණ හා ගැමා කිරණ යන සියලු ඒවා,

(1)

සුදු ආලෝකයයි.

(2)

ගුරුත්ව තරංගයි.

(3)

නොපෙනෙන ආලෝකයයි.

(4)

විද්‍යුත් චුම්බක විකිරණයි.

(5)

රේඩියෝ තරංගයි.

Complexity: (0)
More