You can test your knowledge. or
(1)

ඇරිස්ටෝටලියානු තර්ක ශාස්ත්‍රය පදනම් කරගන්නේ,

(1)

පද විශ්ලේෂණයයි.

(2)

ප්‍රස්තුත විශ්ලේෂණයයි.

(3)

පද හා ප්‍රස්තුත විශ්ලේෂණයයි.

(4)

ගණිතමය විශ්ලේෂණයයි.

(5)

උද්ගාමී විශ්ලේෂණයයි.

Complexity: (0)
More
(2)

ගැලීලියෝ සඳෙහි අවිධිමත් පෘෂ්ඨය නිරීක්ෂණය කරනු ලැබුවේ,

(1)

ඔහුගේ පියවි ඇසිනි.

(2)

ඔහුගේ දුරදක්නයෙනි.

(3)

ඔහුගේ පියවි ඇසින් හා දුරදක්නයෙනි.

(4)

සූර්යග්‍රහණ අවස්ථාවකදී ය.

(5)

පුරසඳ දිනයකදී ය.

Complexity: (0)
More
(3)

සම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රයට අනුව, පහත දැක්වෙන කුමන වාක්‍යය, “අවංක ගුරුවරුන් ඇත” යන ප්‍රස්තුතයේ තාර්කික අර්ථය හොඳින් ම ප්‍රකාශ කරයි ද?

(1)

ගුරුවරු අවංක ය.

(2)

සමහර ගුරුවරු අවංක ය.

(3)

සියලු ගුරුවරු අවංක ය.

(4)

අවංක පුද්ගලයෝ ගුරුවරු ය.

(5)

මෙම ගුරුවරයා අවංක ය.

Complexity: (0)
More
(4)

ස්වභාවික නිරීක්ෂණ, සම්පරීක්ෂණයෙන් වෙනස් වන්නේ,

(1)

ස්වභාවික නිරීක්ෂණ පුනරාවර්ත කළ නොහැකි බැවින් ය.

(2)

ස්වභාවික නිරීක්ෂණයේ දී මිනුම භාවිත කළ නොහැකි බැවින් ය.

(3)

ස්වභාවික නිරීක්ෂණයේ දී උපකරණ භාවිත කළ නොහැකි බැවින් ය.

(4)

ස්වභාවික නිරීක්ෂණවල නිරීක්ෂිත ප්‍රපඤචයන් ඒවායේ ස්වභාවික තත්ත්වයෙන් පමණක් නිරික්ෂණය කරන බැවින් ය.

(5)

ස්වභාවික නිරික්ෂණවාදයන් පරීක්ෂණයට භාජනය කිරීමට යොදා නොගන්නා බැවින් ය.

Complexity: (0)
More
(5)

“සියලු බළලුන් වන සතුන් ය.

සමහර අශ්වයින් වන සතුන් ය.

එහෙයින් අශ්වයින් බළලුන් ය." යන තර්කය

(1)

සප්‍රමාණ ය.

(2)

අයථා පක්ෂපද හා අයථා සාධ්‍යපද ආහාසය සහිත ය.

(3)

අව්‍යාප්ත මධ්‍යපද ආහාසය සහිත ය.

(4)

අව්‍යාප්ත මධ්‍යපද ආභාසය හා අයථා පක්ෂපද ආභාසය සහිත ය.

(5)

අව්‍යාප්ත මධ්‍යපද හා අයථා සාධ්‍යපද ආභාසය සහිත ය.

Complexity: (0)
More
(6)

X යන රෝහියා රෝහලට ඇතුළත් කළ අතර හෙදිය රසදිය උෂ්ණත්වමාපකයක් උපයෝගී කරගනිමින් රෝගියාට උෂ්ණත්වමාපකයේ අංශක $\pu{105°F}$ ලෙස දැක්වෙන ප්‍රමාණයට උණ ඇති බව සටහන් කළාය. බෙහෙත් කිරිමෙන් පසු ඔහුගේ උණ උෂ්ණත්වමාපකයේ $\pu{102°F}$ දරණ ප්‍රමාණයට පසු දින අඩු විය. තුන්වන දිනයේ දී එය උෂ්ණත්වමාපකයේ $\pu{98.4°F}$ ලෙස සටහන් වූ අතර X රෝහලෙන් පිට කරනු ලැබීය. උණ පිළිබඳ නිගමනයන් කිරීමට මෙහිදී පදනම් වූයේ,

(1)

උණ හඳුනාගැනීමට හෙදියන්ට ලබා දී ඇති විශේෂ පුහුණුවයි.

(2)

විවිධ උණ රෝග හඳුනාගැනීමට රසදිය සමත් වීමයි.

(3)

රත් කළ විට රසදිය ප්‍රසාරණය වීමයි.

(4)

රත් කළ විට රසදිය ප්‍රසාරණය වන අතර උෂ්ණත්වය පහල බසින විට එය සංකෝචනය වීමයි.

(5)

ඒ අවස්ථාවේ අසල්වැසි ප්‍රදේශවල ඉන්ප්ලුවන්සා වෛරසය බහුලව පැවතීමයි.

Complexity: (0)
More
(7)

ලයිබ්නිට්ස්ට අනුව සියලු සිද්ධිවාචක හෝ සත්‍යවීම අවශ්‍ය නොවන කරුණුවල පදනම වන්නේ,

(1)

තදාත්ම නියමයයි.

(2)

අවිසංවාද නියමයයි.

(3)

පර්යාප්ත හේතු නියමයයි.

(4)

ද්විත්ව නිශේධන නියමයයි.

(5)

මධ්‍ය බහිෂ්කෘත නියමයයි.

Complexity: (0)
More
(8)

මිනුම හා ගණිතය සමග ඈඳුණු උපකරණ භාවිතය විද්‍යාත්මක දත්ත අති ප්‍රමුඛව හා වැඩි වැඩියෙන් ප්‍රකාශ විමට සලසන්නේ,

(1)

නිරීක්ෂණමය පදවලින් ය.

(2)

අනුභූතිමය පදවලින් ය.

(3)

බුද්ධිමය ප්‍රකාශනවලින්ය.

(4)

ප්‍රමාණාත්මක පදවලින් ය.

(5)

ගුණාත්මක පදවලින් ය.

Complexity: (0)
More
(9)

සාමාන්‍යයෙන්, කෙනෙකු පදයක ගුණ ලක්ෂණ වැඩි වැඩියෙන් දක්වන විට එම පදයේ

(1)

අභිධානාර්ථය වැඩි වෙයි.

(2)

ගුණාර්ථය වැඩි වන අතර අභිධානාර්ථය අඩු වෙයි.

(3)

ගුණාර්ථය අඩු වන අතර අභිධානාර්ථය වැඩි වෙයි.

(4)

ගුණාර්ථය හා අභිධානාර්ථය යන දෙකම වැඩි වෙයි.

(5)

ගුණාර්ථය පමණක් වැඩි වෙයි.

Complexity: (0)
More
(10)

නිවැරදි උද්ගාමී අනුමානයක, ඉදින් අවයව සත්‍ය නම්, එවිට නිගමනය

(1)

සත්‍ය ය.

(2)

නිශ්චිත ය.

(3)

සම්භාවී ය.

(4)

සප්‍රමාණ ය.

(5)

අසත්‍ය ය.

Complexity: (0)
More