(17)
- එක්තරා කර්මාන්තශාලාවක අයිතමවලින් $50\%$ ක් $A$ යන්ත්‍රය නිපදවන අතර ඉතිරිය $B$ හා $C$ යන්ත්‍ර මගින් නිපදවනු ලැබේ. $A, B$ හා $C$ යන්ත්‍ර මගින් නිපදවනු ලබන අයිතමවලින් පිළිවෙළින් $1\%, 3\%$ හා $2\%$ ක් දෝෂ සහිත බව දනිමු. සසම්භාවීව තෝරාගත් අයිතමයක් දෝෂ සහිත වීමේ සම්භාවිතාව $0.018$ බව දී ඇත. $B$ හා $C$ යන්ත්‍ර මගින් නිපදවනු ලබන අයිතමවල ප්‍රතිශත සොයන්න.
සසම්භාවී ලෙස තෝරාගත් අයිතමයක් දෝෂ සහිත බව දී ඇති විට, එය $A$ යන්ත්‍රය මගින් නිපදවන ලද එකක් වීමේ සම්භාවිතාව සොයන්න.
- එක්තරා කර්මාන්තශාලාවක සේවකයින් $100$ දෙනකු තම නිවසේ සිට සේවා ස්ථානයට ගමන් කිරීමට ගනු ලබන කාලය (මිනිත්තුවලින්) පහත වගුවේ දී ඇත:
සේවකයින් ගණන් | ගනු ලබන කාලය |
$0-20$ | $10$ |
$20-40$ | $30$ |
$40-60$ | $40$ |
$60-80$ | $10$ |
$80-100$ | $10$ |
ඉහත දී ඇති ව්‍යාප්තියේ මධ්‍යන්‍යය, සම්මත අපගමනය හා මාතය නිමානය කරන්න.
පසුව, $80 - 100$ පන්ති ප්‍රාන්තරයේ සිටි සියලු ම සේවකයින් කර්මාන්තශාලාව ආසන්නයේ පදිංචියට ගොස් ඇත. එයින්, $80 - 100$ පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතය $10$ සිට $0$ දක්වා ද $0-20$ පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතය $10$ සිට $20$ දක්වා ද වෙනස් විය.
නව ව්‍යාප්තියේ මධ්‍යන්‍යය, සම්මත අපගමනය හා මාතය නිමානය කරන්න.
Complexity: (0)