(1)

$\pu{eV}$ (ඉලෙක්ට්‍රෝන-වෝල්ට්) යනු

(1)

ක්ෂමතාවයේ ඒකකයකි.

(2)

ශක්තියේ ඒකකයකි.

(3)

ආරෝපණයේ ඒකකයකි.

(4)

වෝල්ටීයතාවයේ ඒකකයකි.

(5)

විභව අන්තරයේ ඒකකයකි.

Complexity: (3)
(2)

තීව්‍රතාවය $\pu{E-12 Wm-2}$ වන ධ්වනිය, ඩෙසිබෙල් $0$ තීව්‍රතා මට්ටම ලෙස අර්ථ දක්වනු ලැබේ. තිව්‍රතාවය $\pu{E-8 Wm-2}$ වන ධ්වනියේ තීව්‍රතා මට්ටම වනුයේ

(1)

$\pu{-40 dB}$

(2)

$\pu{20 dB}$

(3)

$\pu{40 dB}$

(4)

$\pu{60 dB}$

(5)

$\pu{80 dB}$

Complexity: (1)
(3)

$A$ සහ $B$ නම් අංශු දෙකකට සමාන ගම්‍යතා තිබුන ද, $B$ අංශුවේ ප්‍රවේගය $A$ හි ප්‍රවේගය මෙන් සතර ගුණයකි.

A හි චාලක ශක්තිය
B හි චාලක ශක්තිය

යන අනුපාතය වන්නේ,

(1)

$\frac{1}{4}$

(2)

$\frac{1}{2}$

(3)

$1$

(4)

$2$

(5)

$4$

Complexity: (2)
(4)

රූපයේ පෙන්වා ඇති පරිදි අරය $2R$ වන ඒකාකාර වෘත්තාකාර තහඩුවක අරය $R$ වූ වෘත්තාකාර සිදුරක් කපා ඇත. සිදුර සහිත තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටිය හැකියයි වඩාත් ම අනුමාන කළ හැකි ලක්ෂය වන්නේ

gce-al-physics-2001-mcq-sinhala-4

(1)

A

(2)

B

(3)

C

(4)

D

(5)

E

Complexity: (1)
(5)

අධෝරක්ත කිරණ, පාරජම්බුල කිරණ, X-කිරණ, ගුවන්විදුලි තරංග සහ $\gamma$-කිරණ සම්බන්ධයෙන් කර ඇති පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

  • (A) සියල්ලම විද්‍යුත් චුම්බක තරංග වේ.
  • (B) සියල්ලම නිදහස් අවකාශයේ එකම වේගයෙන් ගමන් කරයි.
  • (C) දිගම තරංග ආයාමයක් ඇත්තේ ගුවන්විදුලි තරංගවලට ය.

ඉහත ප්‍රකාශ අතරෙන්,

(1)

(A) පමණක් සත්‍ය වේ.

(2)

(A) සහ (B) පමණක් සත්‍ය වේ.

(3)

(A) සහ (C) පමණක් සත්‍ය වේ.

(4)

(B) සහ (C) පමණක් සත්‍ය වේ.

(5)

(A), (B) සහ (C) යන සියල්ල.

Complexity: (1)
(6)

උෂ්ණත්වය ඉහළ යනවිට රසදිය වීදුරු උෂ්ණත්වමානයක රසදිය කඳ ඉහළ නගියි. මීට වඩාත් උචිත හේතුව වනුයේ

(1)

රසදිය හොඳ තාප සන්නායකයක් වීම ය.

(2)

වීදුරු දුර්වල තාප සන්නායකයක් වීම ය.

(3)

රත් කළ විට වීදුරු ප්‍රසාරණය වීම ය.

(4)

විදුරුවල ප්‍රසාරණය රසදිය ප්‍රසාරණයට වඩා අඩු වීම ය.

(5)

උෂ්ණත්වය වැඩි වීමත් සමග රසදිය ප්‍රසාරණය ඒකාකාර වීම ය.

Complexity: (1)
(7)

$\pu{2V}$ කෝෂයක් හරහා සම්බන්ධ කර ඇති $\pu{1 \mu F}$ ධාරිත්‍රකයක ගබඩාවී ඇති විද්‍යුත් ශක්තිය වනුයේ

(1)

$\pu{5E-7 J}$

(2)

$\pu{1E-6 J}$

(3)

$\pu{2E-6 J}$

(4)

$\pu{4E-6 J}$

(5)

$\pu{6E-6 J}$

Complexity: (1)
(8)

පෘථිවියේ ස්කන්ධය හා අරය පිළිවෙළින් $M$ සහ $R$ වේ. පෘථිවි පෘෂ්ඨයේ දී ස්කන්ධය $m$ වන රොකට්ටුවක වියෝග ප්‍රවේගය වන්නේ

(1)

$\sqrt{\frac{2GM}{R}}$

(2)

$\sqrt{\frac{GM}{R}}$

(3)

$\sqrt{\frac{2Gm}{R}}$

(4)

$\sqrt{\frac{Gm}{R}}$

(5)

$\sqrt{\frac{2GmM}{R}}$

Complexity: (1)
(9)

ප්‍රෝටෝනයක් පරමාණුක න්‍යෂ්ටියක් $(X)$ වෙතට එල්ල කරනු ලැබේ. gce-al-physics-2001-mcq-sinhala-9රූපයේ පෙන්වා ඇති පථයන්ගෙන් කුමක් ප්‍රෝටෝනයේ ගමන් මග විය නො හැකි ද?

(1)

P

(2)

Q

(3)

R

(4)

S

(5)

T

Complexity: (1)
(10)

gce-al-physics-2001-mcq-sinhala-10රූපයේ පෙන්වා ඇති ද්වාරය සමක වන්නේ

(1)

gce-al-physics-2001-mcq-sinhala-10-1

(2)

gce-al-physics-2001-mcq-sinhala-10-2

(3)

gce-al-physics-2001-mcq-sinhala-10-3

(4)

gce-al-physics-2001-mcq-sinhala-10-4

(5)

gce-al-physics-2001-mcq-sinhala-10-5

Complexity: (1)