You can test your knowledge. or
(1)

පහත දැක්වෙන කුමක් $SI$ පද්ධතියේ මූලික ඒකකයක් නිරූපණය නොකරයි ද?

(1)

$\pu{m}$

(2)

$\pu{N}$

(3)

$\pu{kg}$

(4)

$\pu{s}$

(5)

$\pu{K}$

Complexity: (0)
More
(2)

ස්කන්ධ දෙකක් අතර දුර දෙගුණ කළහොත් ඒවා අතර ගුරුත්වාකර්ෂණ බලය අඩු වන සාධකය වන්නේ

(1)

2

(2)

4

(3)

6

(4)

8

(5)

12

Complexity: (0)
More
(3)

$L$ හැඩැති ඒකාකාර තුනී ලෝහ තහඩුවක් රූපයේ පෙන්වාgce-al-physics-2012-mcq-sinhala-3 ඇත. තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය පැවතීමට වඩාත් ම ඉඩ ඇති ලක්ෂ්‍යය වනුයේ

(1)

A

(2)

B

(3)

C

(4)

D

(5)

E

Complexity: (0)
More
(4)

ආරම්භක දිග $l_0$ වූ සැහැල්ලු ප්‍රත්‍යස්ථ තතුවක් $d$ පරතරයක් $(d> l_0)$ සහිත සමාන්තර බිත්ති දෙකක් අතර $T$ ආතතියක් සහිතව සවි කිරීමට කළ යුතු අවම කාර්ය ප්‍රමාණය වන්නේ,

(1)

$\frac{1}{2}T(d-l_0)$

(2)

$\frac{Td}{l_0}$

(3)

$T(d - l_0)$

(4)

$\frac{1}{2} \frac{T}{(d - l_0)}$

(5)

$\frac{1}{2}\frac{(d-l_0)^2}{T}$

Complexity: (0)
More
(5)

$\pu{27°C}$ හි පවතින පරිපූර්ණ වායුවක් භාජනයක් තුළ අඩංගු වී ඇත. වායුවේ උෂ්ණත්වය $\pu{127 °C}$ දක්වා වැඩි කළහොත්

$\pu{127 °C}$ හි දී වායු පරමාණුවල මධ්‍යන්‍ය චාලක ශක්තිය
$\pu{27 °C}$ හි දී වායු පරමාණුවල මධ්‍යන්‍ය චාලක ශක්තිය

යන අනුපාතය වනුයේ

(1)

$\frac{127}{27}$

(2)

$\frac{16}{9}$

(3)

$\frac{4}{3}$

(4)

$\frac{3}{4}$

(5)

$\frac{27}{127}$

Complexity: (0)
More
(6)

$A$ වස්තුවේ ස්කන්ධය $B$ හි එම අගය මෙන් දෙගුණයකි. $A$ හි ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාව $B$ හි එම අගය මෙන් තුන් ගුණයකි. ඒවාට එක සමාන තාප ප්‍රමාණ සපයනු ලැබේ. $A$ වස්තුවේ උෂ්ණත්වය $\Delta T$ වෙනසකට බඳුන් වේ නම් $B$ වස්තුව බදුන්වන උෂ්ණත්ව වෙනස වන්නේ

(1)

$\frac{\Delta T}{2}$

(2)

$\frac{2}{3} \Delta T$

(3)

$\Delta T$

(4)

$\frac{3}{2} \Delta T$

(5)

$6\Delta T$

Complexity: (0)
More
(7)

ලේසර් ආලෝකය පිළිබදව කර ඇති පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

  • (A) එක්තරා සංඛ්‍යාතයක් සහිත ලේසර් කදම්බයක ඇති ෆෝටෝනයක ශක්තිය, සාමාන්‍ය ආලෝක කදම්බයක ඇති. එම සංඛ්‍යාතයම සහිත ෆෝටෝනයක ශක්තියට වඩා වැඩි ය.
  • (B) ලේසර් කදම්බයක් වීදුරු ප්‍රිස්මයක් මගින් වර්තනය කළ නොහැක.
  • (C) ලේසර් කදම්බයක සියලුම ෆෝටෝනවලට එකම ශක්තිය, එකම කලාව සහ එකම දිශාව ඇත.

ඉහත ප්‍රකාශ අතුරෙන්

(1)

(B) පමණක් සත්‍ය වේ.

(2)

(C) පමණක් සත්‍ය වේ.

(3)

(A) සහ (B) පමණක් සත්‍ය වේ.

(4)

(B) සහ (C) පමණක් සත්‍ය වේ.

(5)

(A). (B) සහ (C)යන සියල්ල ම සත්‍ය වේ.

Complexity: (0)
More
(8)

ඝෝෂාකාරී වැඩබිමක ඝෝෂා මට්ටම $\pu{90 dB}$ වේ. මෙය එතරම් අපහසු නොවන $\pu{70dB}$ මට්ටමක් දක්වා අඩු කරන ලදී.

ඝෝෂාවේ නව තීව්‍රතාව
ඝෝෂාවේ පැරණි තීව්‍රතාව

යන අනුපාතය සමාන වනුයේ

(1)

0.9

(2)

0.5

(3)

0.1

(4)

0.01

(5)

0.001

Complexity: (0)
More
(9)

වීදුරු ප්‍රිස්මයක් මතට ඒකවර්ණ ආලෝක කිරණක් පතිත වී ප්‍රිස්මය තුළින් ගමන් gce-al-physics-2012-mcq-sinhala-9කරන විට අවම අපගමනයට බඳුන් වේ. නිර්ගත කිරණය පසු කර යෑමට වඩාත් ම ඉඩ ඇති ලක්ෂ්‍යය වන්නේ

(1)

A

(2)

B

(3)

C

(4)

D

(5)

E

Complexity: (0)
More
(10)

විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා පිලිබදව කර ඇති පහත කුමන ප්‍රකාශය අසත්‍ය ද?

(1)

විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා සරල රේඛීය හෝ වක්‍රාකාර විය හැක.

(2)

විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා එකිනෙකට සමාන්තර විය හැක.

(3)

විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා මගින් සංවෘත පුඩු සෑදිය හැක.

(4)

විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා ධන ආරෝපණවලින් පටන්ගෙන ඍණ ආරෝපණවලින් අවසන් වේ.

(5)

විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා කිසිවිටකත් එකිනෙකින් කැපී යා නොහැක.

Complexity: (0)
More