(1)

ප්ලන්ක් නියතයේ SI ඒකකය වන්නේ

(1)

$\pu{Js-1}$

(2)

$\pu{Js}$

(3)

$\pu{JK-1}$

(4)

$\pu{JK}$

(5)

$\pu{J-1s-1}$

Complexity: (0)
(2)

ගමන් කිරීම සඳහා භෞතික මාධ්‍යයක් අවශ්‍ය වන්නේ පහත කුමන තරංග වලට ද?

(1)

ආලෝක තරංග

(2)

රේඩියෝ තරංග

(3)

ධීවනි තරංග

(4)

X-කිරණ

(5)

ගැමා කිරණ

Complexity: (0)
(3)

ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන විමෝචනය සඳහා දේහලී සංඛ්‍යාතය $f_0$ වන ප්‍රකාශ සංවේදී පෘෂ්ඨයක් මතට සංඛ්‍යාතය $f$ වන විද්‍යුත් චුම්බක විකිරණ පතිත වේ.
පහත දක්වා ඇති කුමක් අසත්‍ය වේ ද?

(1)

$f < f_0$ වූ විට ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන විමෝචනය නො වේ.

(2)

$f_0$, ප්‍රකාශ සංවේදී පෘෂ්ඨයේ ද්‍රව්‍යයේ ලාක්ෂණික ගුණාංගයක් වේ.

(3)

$f > f_0$ වූ විට, පතිත විකිරණයේ තීව්‍රතාවය වැඩි වන විට ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන විමෝනය වන ශීඝ්‍රතාවය ද වැඩි වේ.

(4)

නැවතුම් විභවය $f^2$ ට අනුලෝමව සමානුපාතික වේ.

(5)

නැවතුම් විභවය පතිත විකිරණයේ තීව්‍රතාවයෙන් ස්වායත්ත වේ.

Complexity: (0)
(4)

ධ්වනියේ වේගය පිළිබඳව කර ඇති පහත සඳහන් ප්‍රකාශ සලකන්න.

  • (A) වාතය තුළ ධ්වනි වේගය වාතයේ උෂ්ණත්වය වැඩි වීමත් සමඟ වැඩි වේ.
  • (B) දෙන ලද උෂ්ණත්වයක දී ලෝහයක් තුළ ධ්වනියේ වේගය වාතයේ දී එම අගයට වඩා වැඩි වේ.
  • (C) ධ්වනි වේගය ධ්වනි තරංගයේ සංඛ්‍යාතය මත රඳා පවතී.

ඉහත ප්‍රකාශවලින්,

(1)

(A) පමණක් සත්‍ය වේ.

(2)

(C) පමණක් සත්‍ය වේ.

(3)

(A) සහ (B) පමණක් සත්‍ය වේ.

(4)

(A) සහ (C) පමණක් සත්‍ය වේ.

(5)

(A), (B) සහ (C) යන සියල්ල සත්‍ය වේ.

Complexity: (0)
(5)

රූපයේ පෙන්වා ඇති පරිදි දුස්ස්‍රාවීතාව $\eta$ සහ ඝනකම $d$ වූgce-al-physics-2013-mcq-sinhala-5 තෙල් තට්ටුවක් මත පෙට්ටියක් තබා ඇත. තෙල් සමඟ ස්පර්ශ වන, පෙට්ටියේ පෘෂ්ඨයේ වර්ගඵලය $A$ වේ. පෙට්ටිය $v$ නියත ප්‍රවේගයකින් ගමන් කරවීම සඳහා එය මත යෙදිය යුතු තිරස් බලය $F$ කුමක් විය යුතු ද?

(1)

$F = \frac{\eta Ad}{v}$

(2)

$F = \frac{\eta Av}{d}$

(3)

$F = \frac{\eta v}{dA}$

(4)

$F = 6\pi \eta Avd$

(5)

$F = 6\pi vA \eta$

Complexity: (1)
(6)

$\ce{^235_92U}$ න්‍යෂ්ටියක් මගින් මදවේගී නියුට්‍රෝනයක් අවශෝෂණය කර පහත දක්වා ඇති විඛණ්ඩන ක්‍රියාවලිය සිදු වේ.

$\ce{ ^1_0n + ^235_92U -> ^139_56Ba + ^94_36Kr + x^1_0n }$

ඉහත විඛණ්ඩන ක්‍රියාවලියේ $x$ (සෑදෙන නියුට්‍රෝන සංඛ්‍යාව) හි අගය වන්නේ

(1)

1

(2)

2

(3)

3

(4)

4

(5)

5

Complexity: (0)
(7)

හදවතේ මධ්‍යන්‍ය ප්‍රතිදාන පීඩනය $\pu{1.2E4 Pa}$ සහ මධ්‍යන්‍ය රුධිර ප්‍රවාහ ශිඝ්‍රතාව මිනිත්තුවට $\pu{5.0E-3 m3}$ වේ නම්, හදවතේ මධ්‍යන්‍ය ප්‍රතිදාන ක්ෂමතාව වනුයේ

(1)

$\pu{0.5 W}$

(2)

$\pu{1.0 W}$

(3)

$\pu{1.5 W}$

(4)

$\pu{2.0 W}$

(5)

$\pu{2.5 W}$

Complexity: (0)
(8)

රූපයේ දැක්වෙන ආකාරයට, තිරස සමග $\theta$ කෝණයක් සාදනgce-al-physics-2013-mcq-sinhala-8 දිශාවකට $v$ ප්‍රවේගයකින් වස්තුවක් ගුරුත්වාකර්ෂණය යටතේ ප්‍රක්ෂේපණය කරන ලදී. කාලය $(t)$ සමග වස්තුවේ ප්‍රවේගයේ තිරස් $(v_H)$ සහ සිරස් $(v_v)$ සංරචකයන්ගේ විචලනයන් නිවැරදිව දැක්වෙන්නේ පහත සඳහන් ප්‍රස්තාර අතුරෙන් කුමක් මගින් ද?

(1)

gce-al-physics-2013-mcq-sinhala-8-1

(2)

gce-al-physics-2013-mcq-sinhala-8-2

(3)

gce-al-physics-2013-mcq-sinhala-8-3

(4)

gce-al-physics-2013-mcq-sinhala-8-4

(5)

gce-al-physics-2013-mcq-sinhala-8-5

Complexity: (0)
(9)

මලල ක්‍රීඩකයෝ දෙදෙනෙක් $v_1$ සහ $v_2$ නියත වේගයන්ගෙන් අරය $\pu{50 m}$ වූ වෘත්තාකාර ධාවන පථයක $\pu{10 km}$ තරගයක ධාවනයේ යෙදෙති. $v_1$ වේගයක් සහිත මලල ක්‍රීඩකයා රවුම් 10 ක් සම්පූර්ණ කරන විට අනෙක් මලල ක්‍රීඩකයා රවුම් 9 ක් සම්පූර්ණ කරන බව පෙනුණි. $\frac{v_1}{v_2}$ අතර අනුපාතය වන්නේ,

(1)

$\frac{10}{9}$

(2)

$\frac{9\pi}{10}$

(3)

$\frac{18\pi}{10}$

(4)

$\frac{10\pi}{9}$

(5)

$9$

Complexity: (0)
(10)

යන්ත්‍රයක ඇති $A$ සහ $B$ නම් රෝද දෙකක් පොදු අක්ෂයක්gce-al-physics-2013-mcq-sinhala-10 වටා පිළිවෙළින් $\omega_1$ සහ $\omega_2$ කෝණික වේගයන්ගෙන් එකම දිශාවට භ්‍රමණය වේ. $(a)$ රූපය බලන්න. භ්‍රමණ අක්ෂය වටා $A$ හි අවස්ථිති සූර්ණය $I_1$ වන අතර $B$ සඳහා එම අගය $I_2$ වේ. කිසියම් මොහොතක දී රෝද දෙක හොඳින් තද වන ලෙස එකිනෙක වෙතට ඒවා තල්ලු වන අතර පද්ධතිය ලිස්සීමකින් තොරව $\omega$ පොදු කෝණික වේගයකින් භ්‍රමණය වේ. $(b)$ රූපය බලන්න. $\omega$ හි අගය දෙනු ලබන්නේ

(1)

$\omega = \frac{\omega_1 + \omega_2}{2}$ මගිනි.

(2)

$\omega = \frac{I_1\omega_1 + I_2\omega_2}{I_1 - I_2}$ මගිනි.

(3)

$\omega = \sqrt{\omega_1 \omega_2}$ මගිනි.

(4)

$\omega = \frac{I_1\omega_1 + I_2\omega_2}{I_1 + I_2}$ මගිනි.

(5)

$\omega = \frac{I_1\omega_1^2 + I_2\omega_2^2}{\omega_1^2 + \omega_2^2}$ මගිනි.

Complexity: (0)