(1)

ඒකක පමණක් සැලකීමේ දී පහත සඳහන් කුමන රාශිය, ඉතිරි ඒවායින් වෙනස් වේ ද?

(1)

භ්‍රමණ චාලක ශක්තිය

(2)

යාන්ත්‍රික විභව ශක්තිය

(3)

අභ්‍යන්තර ශක්තිය

(4)

කාර්යය

(5)

ක්ෂමතාව

Complexity: (0)
(2)

පහත කුමන රාශිය/රාශීන් මාන රහිත වේ ද?

  • (A) සාපේක්ෂ ප්‍රවේශය
  • (B) සාපේක්ෂ ඝනත්වය
  • (C) සාපේක්ෂ ආර්ද්‍රතාවය

(1)

A පමණි.

(2)

A සහ B පමණි.

(3)

B සහ C පමණි.

(4)

A සහ C පමණි.

(5)

A, B සහ C සියල්ල ම.

Complexity: (0)
(3)

අන්වායාම තරංග ආකාරයට ප්‍රචාරණය වන්නේ පහත දැක්වෙන ඒවායින් කවරක් ද?

(1)

ලේසර් ආලෝකය

(2)

X- කිරණ

(3)

අතිධ්වනි තරංග

(4)

සූක්ෂම තරංග (Microwaves)

(5)

රේඩියෝ තරංග

Complexity: (0)
(4)

ගිටාරයක් වාදනය කරන විට එය

(1)

කම්බි මත අන්වායාම ප්‍රගමන තරංග නිපදවන අතර වාතයේ අන්වායාම ප්‍රගමන තරංග නිපදවයි.

(2)

කම්බි මත තීර්යක් ප්‍රගමන තරංග නිපදවන අතර වාතයේ අන්වායාම ප්‍රගමන තරංග නිපදවයි.

(3)

කම්බි මත අන්වායාම ස්ථාවර තරංග නිපදවන අතර වාතයේ තීර්යක් ප්‍රගමන තරංග නිපදවයි.

(4)

කම්බි මත තීර්යක් ස්ථාවර තරංග නිපදවන අතර වාතයේ අන්වායාම ප්‍රගමන තරග නිපදවයි.

(5)

කම්බි මත තීර්යක් ස්ථාවර තරංග නිපදවන අතර වාතයේ තීර්යක් ස්ථාවර තරංග නිපදවයි.

Complexity: (0)
(5)

සංයුක්ත අන්වීක්ෂයක් සම්බන්ධ ව පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් කුමක් සත්‍ය නොවේ ද?

(1)

එයට උත්තල කාච දෙකක් ඇත.

(2)

අවනෙත මගින් සාදන වස්තුවේ ප්‍රතිබිම්බය තාත්වික ය.

(3)

කාච අතර පරතරය අවනෙතෙහි හෝ උපනෙතෙහි නාභි දුරට වඩා බොහෝ විශාල ය.

(4)

අන්වීක්ෂය මගින් සාදන අවසාන ප්‍රතිබිම්බය අතාත්වික ප්‍රතිබිම්බයකි.

(5)

පරික්ෂා කළ යුතු වස්තුව අවනෙතෙහි නාහි දුර තුළ තැබිය යුතු ය.

Complexity: (0)
(6)

රූපයේ දැක්වෙන ආකාරයටgce-al-physics-2014-mcq-sinhala-6 සම්බන්ධ කර ඇති, එක් එක් හි වි.ගා.බ. $E$ සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය $r$ වන කෝෂ දෙකක් සමක වන්නේ,

(1)

වි.ගා.බ. $E$ සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය $r$ වන තති කෝෂයකට ය.

(2)

වි.ගා.බ. $2E$ සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය $2r$ වන තනි කෝෂයකට ය.

(3)

වි.ගා.බ. $2E$ සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය $r$ වන තනි කෝෂයකට ය.

(4)

වි.ගා.බ. $E$ සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය $\frac{r}{2}$ වන තනි කෝෂයකට ය.

(5)

වි.ගා.බ. $E$ සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය $2r$ වන තනි කෝෂයකට ය.

Complexity: (0)
(7)

අරයයන් $R_1 = r$ සහ $R_2 = 2r$ වූ ආරෝපිත සන්නායක ගෝල දෙකක් සිහින් සන්නායක කම්බියක් මගින් සම්බන්ධ කරනු ලැබේ. සම්බන්ධ කළ පසු ගෝල දෙක මත ආරෝපණ පිළිවෙළින් $Q_1$ සහ $Q_2$ ද අනුරූප පෘෂ්ඨික ආරෝපණ ඝනත්ව පිළිවෙළින් $\sigma_1$ හා $\sigma_2$ ද වේ නම්, එවිට

(1)

$\frac{Q_1}{Q_2} = \frac{\sigma_1}{\sigma_2} = \frac{1}{2}$

(2)

$\frac{Q_1}{Q_2} = \frac{\sigma_1}{\sigma_2} = 2$

(3)

$\frac{Q_1}{Q_2} = \frac{1}{2},\ \ \frac{\sigma_1}{\sigma_2} = 2$

(4)

$Q_1 = Q_2,\ \ \sigma_1 = \sigma_2$

(5)

$\frac{Q_1}{Q_2} = 2,\ \ \frac{\sigma_1}{\sigma_2} = \frac{1}{2}$

Complexity: (0)
(8)

එක් එක් හි ආරෝපණය $+q$ වූ අංශු හතරක්gce-al-physics-2014-mcq-sinhala-8 සවිධි පංචාස්‍රයක ශීර්ෂ හතරක් මත රූපයේ පෙනෙන ආකාරයට තබා ඇත. පංචාස්‍රයේ $O$ කේන්ද්‍රයේ සිට ශීර්ෂයකට ඇති දුර $a$ වේ. පංචාස්‍රයේ කේන්ද්‍රයේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව

(1)

$OE$ දිශාවට $\frac{q}{4\pi\epsilon_0 a^2}$ වේ.

(2)

$EO$ දිශාවට $\frac{q}{4\pi\epsilon_0 a^2}$ වේ.

(3)

$OE$ දිශාවට $\frac{q}{\pi\epsilon_0 a^2}$ වේ.

(4)

$EO$ දිශාවට $\frac{1}{\pi\epsilon_0 a^2}$ වේ.

(5)

ශුන්‍ය වේ.

Complexity: (0)
(9)

ස්කන්ධය $M$ සහ අරය $R$ වන තුනී මුදුවක් එහි කේන්ද්‍රය හරහා එහි තලයට ලම්බක ව ගමන් කරන අක්ෂයක් වටා තිරස් තලයක නියත $\omega$ කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙමින් පවතී. දැන් එක් එක් හි ස්කන්ධය $m$ වූ කුඩා ස්කන්ධ දෙකක් මුදුවේ විශ්කම්භයක ප්‍රතිවිරුද්ධ කෙළවර වලට සීරුවෙන් සම්බන්ධ කළහොත් පද්ධතියේ නව කෝණික ප්‍රවේගය වන්නේ,

(1)

$\frac{\omega M}{M + 2m}$

(2)

$\frac{\omega (M + 2m)}{M}$

(3)

$\frac{\omega M}{M + m}$

(4)

$\frac{\omega (M - 2m)}{M + 2m}$

(5)

$\frac{\omega (M + m)}{M}$

Complexity: (0)
(10)

පොළොවේ සිට $h_0$ උසකින් පිහිටි ස්ථානයක සිට ස්කන්ධය $m$ වූ අංශුවක් නිදහසේ අතහරිනු ලැබේ. පොළොවේ සිට මනිනු ලබන $h$ උස සමග අංශුවේ චාලක ශක්තියේ $(E)$ විචලනය වඩාත් හොදින් නිරූපණය කරනු ලබන්නේ.

(1)

gce-al-physics-2014-mcq-sinhala-10-1

(2)

gce-al-physics-2014-mcq-sinhala-10-2

(3)

gce-al-physics-2014-mcq-sinhala-10-3

(4)

gce-al-physics-2014-mcq-sinhala-10-4

(5)

gce-al-physics-2014-mcq-sinhala-10-5

Complexity: (0)