(1)

විකිරණශීලි ප්‍රභවයක සක්‍රියතාව මැනීමට භාවිත කරනු ලබන SI ඒකකය වනුයේ,

(1)

$\pu{Bq}$

(2)

$\pu{Gy}$

(3)

$\pu{JBq-1}$

(4)

$\pu{Bq-1}$

(5)

$\pu{Sv}$

Complexity: (0)
(2)

එක්තරා දිග මිනුමක ප්‍රතිශත දෝෂය $1\%$ ට වඩා අඩුවෙන් තබා ගත යුතුව ඇත. මිනුම් උපකරණය නිසා ඇති වන දෝෂය $\pu{1 mm}$ නම් මැනිය යුතු දිග,

(1)

$\pu{1 mm}$ ට වඩා වැඩි විය යුතු ය.

(2)

$\pu{1 cm}$ ට වඩා වැඩි විය යුතු ය.

(3)

$\pu{10 cm}$ ට වඩා වැඩි විය යුතු ය.

(4)

$\pu{1 m}$ ට වඩා වැඩි විය යුතු ය.

(5)

$\pu{10 m}$ ට වඩා වැඩි විය යුතු ය.

Complexity: (0)
(3)

සිදුරේ අරය ඒකාකාර වූ එක්තරා ද්‍රව-වීදුරු උෂ්ණත්වමානයක් ක්‍රමාංකනය කර ඇත්තේ ජලයේ තාපාංකය සහ අයිස් හි ද්‍රවාංකය භාවිත කිරීමෙන් ය. මෙම උෂ්ණත්වමානයේ භාවිත කරනු ලබන උෂ්ණත්වමාන ද්‍රවයකට පහත දී ඇති ගුණ අතුරෙන් අත්‍යවශ්‍යයෙන් ම තිබිය යුතු ගුණය කුමක් ද?

(1)

ඉහළ පරිමා ප්‍රසාරණතාව

(2)

ඒකාකාර පරිමා ප්‍රසාරණය

(3)

ඉහළ තාප සන්නායකතාව

(4)

අඩු විශිෂ්ට තාප ධාරිතාව

(5)

අඩු වාෂ්ප පීඩනය

Complexity: (0)
(4)

විද්‍යුත් චුම්බක තරංග සම්බන්ධයෙන් පහත කුමක් අසත්‍ය වේ ද?

(1)

විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍රවල දිශාවන් එකිනෙකට ලම්බ වේ.

(2)

වේගය ප්‍රචාරණ මාධ්‍යය මත රඳා නොපවතී.

(3)

ප්‍රචාරණය සඳහා ද්‍රව්‍යමය මාධ්‍යයක් අවශ්‍යම නො වේ.

(4)

තරංගයේ ප්‍රචාරණ දිශාව, විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රවල දිශාවන්ට ලම්බ වේ.

(5)

මාධ්‍ය දෙකක් අතර මායිමේ දී පරාවර්තනය විය හැක.

Complexity: (0)
(5)

ශිෂ්‍යයෙක් පහත සඳහන් $(A)$, $(B)$ සහ $(C)$ ක්‍රම තුන, විභවමාන කම්බියක වෝල්ටීයතා සංවේදීතාව ($\pu{V/cm}$) වැඩි කිරීම සඳහා යෝජනා කළේ ය.

  • (A) කම්බියේ දිග වැඩි කිරීම
  • (B) කම්බිය සමග ශ්‍රේණිගතව ප්‍රතිරෝධකයක් සම්බන්ධ කිරීම
  • (C) කම්බිය හරහා යොදා ඇති වෝල්ටීයතාව වැඩි කිරීම

ඉහත සඳහන් ක්‍රම තුන අතුරෙන්,

(1)

A පමණක් නිවැරදි වේ.

(2)

A සහ B පමණක් නිවැරදි වේ.

(3)

B සහ C පමණක් නිවැරදි වේ.

(4)

A සහ C පමණක් නිවැරදි වේ.

(5)

A, B සහ C සියල්ල ම නිවැරදි වේ.

Complexity: (0)
(6)

එක්තරා පරිණාමකයක ප්‍රාථමික දඟරයේ වට 360ක් සහ ද්විතියික දඟරයේ වට 30ක් ඇත. මෙම පරිණාමකය භාවිත කරනුයේ පහත සඳහන් කුමන වෝල්ටීයතා පරිවර්තනය සිදු කර ගැනීමට ද? (ප්‍ර.ධා. = ප්‍රත්‍යාවර්තක ධාරා, ස.ධා. = සරල ධාරා)

(1)

$\pu{240V}$ ප්‍ර.ධා. වෝල්ටීයතාවක් $\pu{12V}$ ස.ධා. වෝල්ටීයතාවක් බවට

(2)

$\pu{240V}$ ප්‍ර.ධා. වෝල්ටීයතාවක් $\pu{2 880 V}$ ප්‍ර.ධා. වෝල්ටීයතාවක් බවට

(3)

$\pu{240V}$ ස.ධා. වෝල්ටීයතාවක් $\pu{20 V}$ ස.ධා. වෝල්ටීයතාවක් බවට

(4)

$\pu{240V}$ ප්‍ර.ධා. වෝල්ටීයතාවක් $\pu{20V}$ ප්‍ර.ධා. වෝල්ටීයතාවක් බවට

(5)

$\pu{240V}$ ස.ධා. වෝල්ටීයතාවක් $\pu{2 880 V}$ ස.ධා. වෝල්ටීයතාවක් බවට

Complexity: (0)
(7)

පහත දී ඇති අභ්‍යන්තර ප්‍රතිරෝධ කට්ටල අතුරෙන්, පෙන්වා ඇති gce-al-physics-2016-mcq-sinhala-7පරිපථයේ $I$ ධාරාව සහ $\pu{1 k\Omega}$ ප්‍රතිරෝධකය හරහා වෝල්ටීයතාව මැනීම සඳහා $(A)$ ඇමීටරයකට සහ $(V)$ වෝල්ට්මීටරයක් තිබිය යුතු වඩාත් ම සුදුසු අභ්‍යන්තර ප්‍රතිරෝධ කට්ටලය වන්නේ,

 ඇමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයවෝල්ට්මීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය
(1)$\pu{1\Omega}$$\pu{5k\Omega}$
(2)$\pu{5\Omega}$$\pu{1k\Omega}$
(3)$\pu{1\Omega}$$\pu{20\Omega}$
(4)$\pu{20\Omega}$$\pu{5k\Omega}$
(5)$\pu{5\Omega}$$\pu{50\Omega}$

 

(1)
(2)
(3)
(4)
(5)
Complexity: (0)
(8)

පහත සඳහන් කුමක් පෘෂ්ඨික ආතතියෙහි ප්‍රතිඵලයක් නො වේ ද?

(1)

ගෝලාකාර ජල බිඳිති ඇති වීම

(2)

ජලයේ කේශික උද්ගමනය

(3)

කෘමීන්ට නොගිලී ජල පෘෂ්ඨ මත ඇවිදීමට ඇති හැකියාව

(4)

සබන් බුබුළක් තුළ අමතර පීඩනය

(5)

ජල පෘෂ්ඨවලින් ජල අණු ඉවත් වීම

Complexity: (0)
(9)

ඇදි තන්තුවක ඇති ස්ථාවර තරංගයක් සම්බන්ධ ව කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න.

  • (A) තන්තුව දිගේ ශක්තිය ප්‍රචාරණය නො වේ.
  • (B) නිෂ්පන්දයක පිහිටීම කාලය සමග විචලනය නො වේ.
  • (C) තන්තුවේ එක් එක් අංශුව අත්කර ගන්නා උපරිම විස්ථාපනය තන්තුව දිගේ ඒවායේ පිහිටීම් මත රඳා පවතී.

ඉහත ප්‍රකාශ අතුරෙන්,

(1)

A පමණක් සත්‍ය වේ.

(2)

B පමණක් සත්‍ය වේ.

(3)

A සහ C පමණක් සත්‍ය වේ.

(4)

B සහ C පමණක් සත්‍ය වේ.

(5)

A, B සහ C සියල්ල ම සත්‍ය වේ.

Complexity: (0)
(10)

දී ඇති සත්‍යාතා වගුවට අනුකූලව ක්‍රියාත්මක වන්නේ පහත දී ඇති කුමන ද්වාරය ද?/ද්වාර ද?gce-al-physics-2016-mcq-sinhala-10

AF
01
10

 

(1)

P පමණි

(2)

P සහ Q පමණි

(3)

Q සහ B පමණි

(4)

P සහ R පමණි

(5)

P, Q සහ R සියල්ල ම

Complexity: (0)