(1)

පහත සඳහන් ඒකක අතුරෙන් මූලික ඒකකයක් නොවන්නේ කුමක් ද?

(1)

$\mathrm{m}$

(2)

$\mathrm{J}$

(3)

$\mathrm{cd}$

(4)

$\mathrm{K}$

(5)

$\mathrm{mol}$

 

Complexity: (0)
(2)

ගුරුත්වාකර්ෂණ නියතය $G$ හි මාන දෙනු ලබන්නේ,

(1)

$\mathrm{L^2M^{-1}T^{-1}}$

(2)

$\mathrm{L^2M^{-2}}$

(3)

$\mathrm{L^2M^{-2}T^{-1}}$

(4)

$\mathrm{L^3M^{-1}T^{-2}}$

(5)

$\mathrm{L^3M^{-2}T^{-2}}$

 

Complexity: (0)
(3)

ද්වි-ධ්‍රැවීය සන්ධි ට්‍රාන්සිස්ටරයක් සංතෘප්ත අවස්ථාවේ ක්‍රියාත්මක වන විට පාදම ධාරාව තවදුරටත් වැඩි කිරීම

(1)

ට්‍රාන්සිස්ටරය සංවෘත $(ON)$ කරයි.

(2)

ට්‍රාන්සිස්ටරය විවෘත $(OFF)$ කරයි.

(3)

සංග්‍රාහක ධාරාව වැඩි කරයි.

(4)

සංග්‍රාහක ධාරාව අඩු කරයි.

(5)

සංග්‍රාහක ධාරාව වෙනස් නොකරයි.

 

Complexity: (0)
(4)

අංශු භෞතික විද්‍යාවේ සොයාගෙන ඇති සාක්ෂි අනුව පදාර්ථ සෑදී ඇත්තේ,

(1)

ක්වාක් 6 කිනි.

(2)

ලෙප්ටන් 6 කිති.

(3)

ක්වාක් 4 ක් සහ ලෙප්ටන් 4 කිනි.

(4)

ක්වාක් 6 ක් සහ ලෙප්ටන් 4 කිනි.

(5)

ක්වාක් 6 ක් සහ ලෙප්ටන් 6 කිති.

Complexity: (0)
(5)

ලක්ෂීය වස්තුවක් මගින් ඇති වන ගුරුත්වජ විභවය $V(r)$, දුර $r$ සමග විචලනය වීම වඩාත් හොඳින් නිරූපණය කරනු ලබන්නේ,

(1)

physics-2019-1-5-1

(2)

physics-2019-1-5-2

(3)

physics-2019-1-5-3

(4)

physics-2019-1-5-4

(5)

physics-2019-1-5-5

Complexity: (0)
(6)

උණත්වමිතිය සම්බන්ධයෙන් පහත ප්‍රකාශවලින් නිවැරදි නොවන්නේ කුමක් ද?

(1)

උෂ්ණත්වය සමග විචලනය වන මැනිය හැකි භෞතික රාශියක් පැවතිය යුතු ය.

(2)

රසදිය-වීදුරු උෂ්ණත්වමාන තුනී බිත්ති සහිත වීදුරු බල්බවලින් සමන්විත ය.

(3)

විශාල රසදිය බල්බයක් සහිත රසදිය-වීදුරු උණත්වමානයක් භාවිත කිරීමෙන් මිනුම් පරාසය වැඩි කර ගත හැකි ය.

(4)

එකිනෙකට වෙනස් වර්ග දෙකක උෂ්ණත්වමාන එකම උෂ්ණත්වයක දී සුළු වශයෙන් වෙනස් පාඨකයන් ලබාදිය හැක්කේ සියලු ම උණත්වමිතික ගුණ එක සමාන ලෙස සංවේදී නොවීම නිසා ය.

(5)

රසදිය හා වීදුරු අතර විශාල ස්පර්ශ කෝණයක් තිබීම රසදිය-වීදුරු උෂ්ණත්වමානයකින් නිවැරදි පාඨාක ගැනීම සඳහා වාසියක් වේ.

Complexity: (0)
(7)

පාරජම්බුල සහ අතිධ්වනි තරංගවල භෞතික ගුණ පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න.

  • (A) තරංග දෙකෙහිම ශක්තිය ඒවායේ සංඛ්‍යාත මත රඳා පවතී.
  • (B) තරංග දෙකටම ද්‍රව්‍ය අයනීකරණය කිරීමේ හැකියාව ඇත.
  • (C) තරංග දෙකම ධ්‍රැවීකරණය කළ හැක.

ඉහත ප්‍රකාශවලින් නිවැරදි නොවන්නේ කුමක් ද?/කුමන ඒවා ද?

(1) A පමණි
(2) A සහ B පමණි
(3) A සහ C පමණ
(4) B සහ C පමණි
(5) A, B, සහ C සියල්ලම

Complexity: (2)
(8)

රූපයේ දක්වා ඇති ආකාරයට වස්තුවක් වෘත්තාකාර පථයක නියත $v$ වේගයකින් චලිත වේ. $A$ සිට $B$ දක්වා චලිත වීමේ දී වස්තුවේ සිදු වන ප්‍රවේගයේ වෙනස් වීම වනුයේ,physics-2019-1-8

(1)

physics-2019-1-8-1

(2)

physics-2019-1-8-2

(3)

physics-2019-1-8-3

(4)

physics-2019-1-8-4

(5)

physics-2019-1-8-5

Complexity: (0)
(9)

බර උසුලනෙක් ඔහුගේ දෑතින් භාරයක් සිරස්ව ඉහළට (ධන දිශාව) ඔසවයි. පිළිවෙළින්

  • (a) ඔහුගේ දෑත් මගින් භාරය මත,
  • (b) ගුරුත්වය මගින් භාරය මත, සහ
  • (c) භාරය මගින් ඔහුගේ දෑත් මත

කරනු ලබන කාර්යයේ ලකුණ වනුයේ,

physics-2019-9-answers

 

(1)
(2)
(3)
(4)
(5)
Complexity: (0)
(10)

රූපයේ දක්වා ඇති පරිදි $E_1$, $E_2$, සහ $E_3$ $(E_1 < E_2 < E_3)$ ශක්තීන් සහිත, gce-al-physics-2019-mcq-sinhala-old-10මට්ටම් තුනක ලේසර් (LASER) පද්ධතියක් සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

  • (A) ලේසර් ක්‍රියාවලිය සිදු වන්නේ ශක්ති මට්ටම් 2 හා 1 අතර ය.
  • (B) පොම්පකරණ විකිරණයේ (pumping radiation) සංඛ්‍යාතය $\frac{E_1 - E_2}{h}$
  • (C) 3 මට්ටම මීතස්ථායි (metastable) ශක්ති මට්ටම ලෙස හැඳින්වේ.

ඉහත ප්‍රකාශවලින් නිවැරදි වන්නේ කුමක් ද? / කුමන ඒවා ද?

(1)

A පමණි

(2)

B පමණ

(3)

C පමණි

(4)

A සහ C පමණි

(5)

B සහ C පමණි

 

Complexity: (0)