(1)
දේශපාලන විද්‍යාව අධ්‍යයනයේ දී සැලකිලිමත් වන කරුණු වන්නේ:
- A - රාජ්‍ය සහ ආණ්ඩුව
- B - දේශපාලන බලය
- C - පුද්ගලයින්ගේ දේශපාලන චර්යාව
- D - ජනතාව, ආණ්ඩුව හා රාජ්‍ය අතර පවත්නා සම්බන්ධතාව
- E - ලෞකික ජීවිතයෙන් මිනිසුන් මුදවා ගැනීම
Complexity: (0)
(2)
දේශපාලනය:
- A - බල අරගලයේ ප්‍රායෝගික ප්‍රකාශනය වේ.
- B - දේශපාලන, ආර්ථික හා සමාජ කරුණු පිළිබඳ ව පවතින ප්‍රතිවිරුද්ධ ආශාවන්ගේ ප්‍රතිඵලය වේ.
- C - පුද්ගලයින්, දේශපාලනඥයින් සහ දේශපාලන පක්ෂ විසින් කරනු ලබන ක්‍රීඩාවක් වේ.
- D - මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙස ද සැලකේ.
- E - කාට, කුමක්, කුමන අවස්ථාවක, කෙසේ හිමිවන්නේ ද යන්න තීරණය කෙරෙන ක්‍රීඩාව වේ.
Complexity: (0)
(3)
චර්යාවාදය:
- A - නිරීක්ෂණය කළ හැකි මානව චර්යාව පමණක් පදනම් කරගෙන සමාජ න්‍යායන් ගොඩනැගිය යුතු ය යන විශ්වාසය මත ගොඩනගා ඇත.
- B - දේශපාලන විද්‍යාව සැලකිලිමත් වන අවසාන අගය කිරීම් සහිත කරුණු අධ්‍යයනය කිරීම සඳහා වඩාත් සැලකිලිමත් විය යුතු බව අවධාරණය කර ඇත.
- C - පර්යේෂණ සහ සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කිරීම මගින් ප්‍රමාණීකරණය කළ හැකි දත්ත එක්රැස් කිරීම හා සම්බන්ධ වේ.
- D - අනාවැකි පළ කිරීමේ හැකියාව සහිත ප්‍රත්‍යක්ෂ මූලික න්‍යායන් ගොඩනැගීමට උත්සාහ දරා ඇත.
- E - සත්‍යතාව පරික්ෂා කළ හැකි විස්තරාත්මක න්‍යායන් මත විද්‍යාත්මක දැනුම වර්ධනය කළ හැකි බව අවධාරණය කර ඇත.
Complexity: (0)
(4)
රාජ්‍යය:
- A - දේශපාලන වශයෙන් සංවිධානය වූ මිනිස් සමාජය වේ.
- B - ජනතාවගේ සාමූහික කැමැත්ත නියෝජනය කරන ඒජන්තවරයා වේ.
- C - දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කළ උසස් ම දේශපාලන සංවිධානය වේ.
- D - ස්වාධිපති බලය නමින් හැදින්වෙන උත්තර බලයේ තනි හිමිකරුවා වේ.
- E - භූමිය, ජනගහනය, ආණ්ඩුව හා ස්වාධිපති බලය යන මූලික සාධකවලින් සමන්විත වේ.
Complexity: (0)
(5)
ජාතික රාජ්‍යය:
- A - සංස්කෘතික විවිධත්වය සහ දේශපාලන අසමගිකම ආරක්ෂා කරන්නා වූ රාජ්‍ය ක්‍රමය ලෙස පොදු පිළිගැනීමට ලක්ව ඇත.
- B - පුරවැසිභාවය සහ ජාතිකත්වය සමග සම්බන්ධ දේශපාලන බැඳීම් මත ගොඩනගා ඇති ස්වාධීන දේශපාලන සමාජය වේ.
- C - බහුජාතික අධිරාජ්‍ය ක්‍රමයට සහ නාගරික රාජ්‍ය ක්‍රමයට එරෙහි විකල්පයක් ලෙස 16 වන සියවසේ දී පැනනැගුණු රාජ්‍ය ක්‍රමයක් වේ.
- D - 'සෑම ජාතියකට ම රාජ්‍යයක් සහ සමස්ත ජාතියට ම එක් රාජ්‍යයක්’ යන මූලධර්මය මත ගොඩනැගී ඇත.
- E - අන්තර්ජාතික දේශපාලනයේ මූලික ඒකකය ලෙස පොදුවේ පිළිගනු ලැබේ.
Complexity: (0)
(6)
ස්වාධිපති න්‍යාය:
- A - රාජ්‍යයේ බලය ගැන සලකා බලන න්‍යාය වේ.
- B - අනෙක් සමාජ සංවිධාන ඉක්මවා ගිය උත්තරීතරභාවයක් රාජ්‍යයට තිබෙන බව අවධාරණය කර ඇත.
- C - රාජ්‍යයේ නීතිවලට සුජාතභාවය සපයනු ලැබේ.
- D - ජාතික රාජ්‍ය ක්‍රමයේ ආරම්භය හා පැවැත්ම සාධාරණීකරණය කර ඇත.
- E - දෙවියන් වහන්සේ දේශපාලන බලයේ ප්‍රධාන මූලාශ්‍රය ලෙස පිළිගෙන ඇත.
Complexity: (0)
(7)
ආණ්ඩුව:
- A - රාජ්‍යයේ ස්වාමියා වේ.
- B - රාජ්‍යයේ මොළය ලෙස සලකනු ලැබේ.
- C - රාජ්‍ය වෙනුවෙන් ස්වාධිපති බලය ක්‍රියාවට නංවන ඒජන්තවරයා වේ.
- D - රාජ්‍යයේ ප්‍රායෝගික හස්තය වේ.
- E - රාජ්‍යය සහ ජනතාව එකට යා කරන මාධ්‍යය වේ.
Complexity: (0)
(8)
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක මූලික ලක්ෂණ වන්නේ:
- A - එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මත ක්‍රියාත්මක වීම.
- B - විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බලය බෙදා තිබීම.
- C - ව්‍යවස්ථාදායකය හා විධායකය මත පතිත වී ඇති අධිකරණයේ ආධිපතිත්වය
- D - පාලකයන් ජනතාවට වගකීම
- E - කලින් කල පවත්වන තරගකාරී මැතිවරණ මගින් ජනතාව විසින් පාලකයින් තෝරාපත් කිරීම.
Complexity: (0)
(9)
සමාජවාදී ආණ්ඩුවක මූලික ලක්ෂණ වන්නේ:
- A - ආණ්ඩුව එක් පක්ෂයක් මත පමණක් ගොඩනගා තිබීම
- B - ඒකබලවාදී පාලන ක්‍රමයක් පැවතීම
- C - කොමියුනිස්ට් සමාජ ක්‍රමයක් ගොඩනැගීම සඳහා ක්‍රියා කිරීම
- D - සමාජ බහුවිධතාව ප්‍රතික්ෂේප කිරීම
- E - තම කැමැත්ත අනුව ආණ්ඩුව වෙනස් කිරීමට ජනතාවට බලය තිබීම
Complexity: (0)
(10)
ඒකතන්ත්‍ර ආණ්ඩුක්‍රමයක මූලික ලක්ෂණ වන්නේ:
- A - පැහැදිලි දේශපාලන, ආර්ථික හා සමාජ දර්ශනයක් නොමැති වීම
- B - තරගකාරී දේශපාලන පක්ෂ ක්‍රමයක් නොමැති වීම
- C - අනුග්‍රාහක පත් කිරීම් මත ආණ්ඩුව පැවතීම
- D - කලින් කල පවත්වන මැතිවරණ මගින් ජනතාව විසින් පාලකයින් තෝරා ගැනීම
- E - පාලකයා විසින් තම අභිමතය පරිදි රාජ්‍ය බලය ක්‍රියාවට නැංවීම
Complexity: (0)