You can test your knowledge. or
(1)

දේශපාලන විද්‍යාව සැලකිලිමත් වන අධ්‍යයන කරුණු වන්නේ,

(1)

සීමාවන්ට යටත් කරන ලද සමාජ බලය ක්‍රියාවට නංවන ආකාරය

(2)

සමාජ බලයේ ස්වභාවය සහ ඒ කෙරෙහි බලපාන සීමා උත්පාදනය වන මූලාශ්‍ර

(3)

සමාජ බලය ක්‍රියාවට නැංවීමේ උපකරණ සහ විධික්‍රම

(4)

සමාජ බලය ක්‍රියාවට නැංවීම හා සම්බන්ධ ක්‍රියාකාරීන් සහ බලධාරී ආයතන

(5)

සමාජ බලය ක්‍රියාවට නංවන ක්‍රියාකාරයින්ගේ පෞද්ගලික චර්යාව

Complexity: (0)
More
(2)

දේශපාලනය,

(1)

දේශපාලන බලය හා එහි භාවිතය පිළිබඳ ගැටුම හෙවත් තරගකාරීත්වය

(2)

කවුරුන්,කුමක්,කුමන අවස්ථාවක දී,කෙලෙස හිමිකර ගන්නවා ද යන්න හා සම්බන්ධ ක්‍රියාදාමය

(3)

පොදු කරුණු හා සම්බන්ධව පැන නගින ගැටුම්කාරී අදහස්වල අවසාන ප්‍රතිඵලය

(4)

තම පව්කාර ජීවිතයෙන් මිදීමට මිනිසුන්ට ඇති මාවත

(5)

උණ්ඩයෙන් හෝ ඡන්දයෙන් ක්‍රියාවට නැංවෙන බල අරගලය

Complexity: (0)
More
(3)

දේශපාලන විද්‍යාව, විද්‍යාවකට වඩා කලාවක් ලෙස සලකනු ලබන්නේ,

(1)

අවුරුදු 2500 ක් පමණ වූ දිගු ඉතිහාසය

(2)

පර්යේෂණ පැවැත්වීම සඳහා විද්‍යාගාර ශිල්පක්‍රම භාවිත කිරීමට ඇති නොහැකියාව

(3)

විෂය අධ්‍යයනය කිරීම සඳහා ඒකීය විධික්‍රම හා මූලධර්ම නොමැති වීම

(4)

නිශ්චිත අවසාන නිගමනවලට එළඹිය හැකි නොවරදින සුළු භෞතික පදනමක් නොමැති වීම

(5)

හේතුව සහ ප්‍රතිඵලය අතර නිශ්චිත සම්බන්ධතාවක් නොමැති වීම

Complexity: (0)
More
(4)

රාජය,

(1)

විශේෂිත දේශපාලන ව්‍යුහයන්ගෙන් සමන්විත දේශපාලන සංවිධානයක් වේ.

(2)

සෑම සමාජ විද්‍යාවක ම පදනම් සංකල්පය වේ.

(3)

පොදු ආශාවන් යන ආවරණය යටතේ අනෙක් සම සමාජ සංවිධානයකටම ඉහළින් සිටින උත්තර දේශපාලන සංවිධානය වේ.

(4)

ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රධාන ක්‍රියාකාරීකයා වේ.

(5)

ප්‍රභවය සහ ස්වභාවය විවිධ දේශපාලන ගුරුකුල විසින් විවිධාකාරයට දැක ඇත.

Complexity: (0)
More
(5)

ස්වාධිපති බලය,

(1)

රාජ්‍යයට පමණක් හිම්කම් කිවහැකි උත්තරීතර බලයවේ.

(2)

අසහාය මෙන් ම අසීමිත බලයක් ලෙස සැලකේ.

(3)

මිනිස් සමාජයක් රාජ්‍ය ලෙස සැලකීම සඳහා අවශ්‍යයෙන්ම තිබිය යුතු මූලීකාංගය වේ.

(4)

1648 වේස්ට්පේලියා සාම සමථය විසින් රාජ්‍යයන්ට පවරන ලද බලය වේ.

(5)

රාජ්‍ය වීම නිසා ම රාජ්‍යයට හිමීවන සුවිශේෂී බලය වේ.

Complexity: (0)
More
(6)

ආණ්ඩුව,

(1)

රාජ්‍යයේ පොදු ආශාවන් ක්‍රියාවට පරිවර්තනය කරන රාජ්‍ය හස්තය වේ,

(2)

ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යනුවෙන් හැදින්වෙන අoශ තුනෙන් සමන්විත වේ.

(3)

රාජ්‍ය බලය ක්‍රියාවට නංවන පුද්ගල කණ්ඩායම වේ.

(4)

එහි කාර්ය වෙනුවෙන් ජනතාවට වගකීමට බැදී සිටින බව පොදුවේ පිළිගනී.

(5)

වෙනස් කළ නොහැකි ස්ථාවර දෙයක් වේ.

Complexity: (0)
More
(7)

ව්‍යවස්ථාදායකය,

(1)

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ අත්‍යවශ්‍ය අංගයක් වේ.

(2)

ඒකමාණ්ඩලික හෝ මාණ්ඩලීක පදනම මත සංවිධානය වී ඇත.

(3)

ආණ්ඩුවට සුජාතභාවය සපයන ප්‍රධාන ආණ්ඩුක්‍රම ආයතනය වේ.

(4)

දේශපාලන පක්ෂ විසින් තෝරා පත්කරන්න සාමාජීකයින්ගෙන් පමණක් සමන්විත වේ.

(5)

තත්ත්වයෙන් හා වරප්‍රසාදවලින් එක හා සමාජ සාමාජිකයින්ගෙන් යුක්ත වේ.

Complexity: (0)
More
(8)

විධායකය,

(1)

ආණ්ඩු යාන්ත්‍රණය මෙහෙය වන ප්‍රධාන ධාවකයා වේ.

(2)

රාජ්‍යයේ ප්‍රධානියාගෙන් සහ අමාත්‍යවරුන්ගෙන් සමන්විත වේ.

(3)

ඕනෑම දේශපාලන ක්‍රමයක දේශපාලන පිරමීඩයේ ඉහළ ම නිලය වේ.

(4)

. ප්‍රජාතන්ත්‍රවාදය යටතේ සංවිධානය කරන්නේ ජනාධිපති, අර්ධ ජනාධිපති සහ කැබිනට් වශයෙනි.

(5)

රාජ්‍යයේ උත්තරීතර නීති සම්පාදනය කරන ආණ්ඩුවේ බලධාරී අංශය වේ.

Complexity: (0)
More
(9)

අධිකරණය,

(1)

රාජ්‍යයේ නීති ක්‍රියාවට නැංවීම සඳහා ආණ්ඩුව විසින් යොදා ගැනෙන උපකරණය වේ.

(2)

දේශපාලන ක්‍රමයක පවතින උසාවි පද්ධතිය වේ.

(3)

රාජ්‍ය නීති අර්ථකථනය කරන ආයතනය වේ.

(4)

සාමාන්‍යයෙන් ඉහළ උසාවි හා පහළ උසාවි වශයෙන් මට්ටම් දෙකක් අනුව සංවිධානය කෙරේ.

(5)

පුද්ගල අයිතිවාසිකම්වල භාරකරුවා සහ ආරක්ෂකයා ලෙස සැලකේ.

Complexity: (0)
More
(10)

නීතිය,

(1)

රාජ්‍යය විසින් එහි සාමාජීකයින්ගේ හැසිරීම පිලිබඳ ව දැක්වෙන සාමාන්‍ය නියම වේ.

(2)

යම් පිළිවෙතකට අනුව සෑමවිටම ලේඛනගත කිරීම සහ වාර්තා ගත කිරීම කරනු ලැබේ.

(3)

සිවිල් සමාජයේ කැමැත්ත සහ අනුමැතිය සහිත ව රාජ්‍ය විසින් බලාත්මක කරනු ලැබේ.

(4)

සුවීශේෂී අවස්ථාවන්හි දී හැරුන විට සියලු දෙනාට ම සමාන ව යෙදවේ.

(5)

කඩකළ විට දඩුවමට යටත් වේ.

Complexity: (0)
More