(1)

දේශපාලනය අධ්‍යනය කිරිමෙන් සිසුන්ට

  • A - සමාජය තුළ පවතින බලය සහ අධිකාරය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේ.
  • B - යහපත් සහ අයහපත් ආණ්ඩුකරණය වෙන් කොට හඳුනාගැනීමට හැකියාව ලැබේ.
  • C - වගකීම් සහිත පුරවැසියන් විය හැකි වේ.
  • D - තමන් තුළ ආධ්‍යාත්මික ගුණය පෝෂණය කරගත හැකි වේ.
  • E - බල අරගලයේ අන්තර්ගතය විශේෂණය කිරිමට හැකි වේ.

(1)

ABCD

(2)

ABCE

(3)

ABDE

(4)

ACDE

(5)

BCDE

Complexity: (0)
(2)

දේශපාලනය සැලකිලිමත් වන්නේ,

  • A - පොදු ක්ෂේත්‍රයේ කටයුතු පිළිබඳව ය.
  • B - ගැටුම් සාමකාමීව විසඳීම පිළිබඳව ය.
  • C - රාජ්‍යය සහ එහි ආයතන පිළිබඳව ය.
  • D - රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවලිය ගැන ය.
  • E - මනුෂ්‍ය ජීවිතය තුළ ආගම ඉටු කරන භූමිකාව ගැන ය.

(1)

ABCD

(2)

ABCE

(3)

ABDE

(4)

ACDE

(5)

BCDE

Complexity: (0)
(3)

නූතන සමාජයන්හි රාජ්‍යය

  • A - අභ්‍යන්තර සහ බාහිර ස්වාධිපත්‍යය හිමි කරගෙන සිටියි.
  • B - ආණ්ඩුවට සමාන ය.
  • C - තම සාමාජිකයන් විය යුත්තේ කවුරුන්දැයි තීරණය කරයි.
  • D - ජාතික රාජ්‍යය යනුවෙන් ද හැඳින්වේ.
  • E - බලහත්කාරි බලය පිළිබඳ ඒකාධිකාරයට හිමිකම් කියයි.

(1)

ABCD

(2)

ABCE

(3)

ABDE

(4)

ACDE

(5)

BCDE

Complexity: (0)
(4)

නූතන සමාජයන්හි ආණ්ඩුව

  • A - වියුක්ත අදහසකි.
  • B - වරින්වර වෙනස් කළ හැකි ය.
  • C - ඒකීය සහ සංධීය යන ආකාර දෙකට අනුව සංවිධානය කළ හැකි ය.
  • D - රාජ්‍යයේ නියෝජිතයා ය.
  • E - රාජ්‍යත්වයේ අත්‍යවශ්‍ය අංගයකි.

(1)

ABCD

(2)

ABCE

(3)

ABDE

(4)

ACDE

(5)

BCDE

Complexity: (0)
(5)

සම්භාව්‍ය න්‍යායට අනුව ස්වාධිපත්‍යය

  • A - රාජ්‍යයේ උත්තරීතර බලය සංකේතවත් කරයි.
  • B - අන්සතු කළ නොහැකි ය.
  • C - අවශ්‍ය ඕනෑම විටෙක බෙදිය හැකි ය.
  • D - නීතියේ උල්පතයි.
  • E - හිමි වන්නේ පාලකයාට පමණි.

(1)

ABCD

(2)

ABCE

(3)

ABDE

(4)

ACDE

(5)

BCDE

Complexity: (0)
(6)

ධනවාදී මතවාදයට අනුව

  • A - රාජ්‍යය ආර්ථිකය පාලනය කළ යුතු ය.
  • B - වෙළෙඳපොළ ගනුදෙනු අදෘෂ්‍යමාන හස්තයකින් කළමනාකරණය කෙරේ.
  • C - ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සමාජයේ සෑම ස්ථරයක් වෙතටම කාන්දු වෙයි.
  • D - නිෂ්පාදනයේ අරමුණ විය යුත්තේ පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමත් කිරීමයි.
  • E - නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය පුද්ගල නිදහස වර්ධනය කරයි.

(1)

ABCD

(2)

ABCE

(3)

ABDE

(4)

ACDE

(5)

BCDE

Complexity: (0)
(7)

ජනාධිපති ආණ්ඩුක්‍රමයේ ලක්ෂණවලට අයත් වන්නේ,

  • A - විධායකය සහ ව්‍යවස්ථාදායකය සඳහා වෙන් වෙන් මැතිවරණ පැවැත්වීම ය.
  • B - ව්‍යවස්ථාදායකයෙන් ස්වාධීනව විධායකය පැවැතීම ය.
  • C - ආණ්ඩුව සංවිධානය කිරිමේ දී බලතල වෙන් කිරිමේ සිද්ධාන්තය යොදාගැනීම ය.
  • D - පක්ෂ දේශපාලන හේතු මත ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කළ නොහැකිය යන මූලධර්මය ය.
  • E - ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ ධූර කාල සමගාමීව අවසන් වීම ය.

(1)

ABCD

(2)

ABCE

(3)

ABDE

(4)

ACDE

(5)

BCDE

Complexity: (0)
(8)

විද්‍යාත්මක සමාජවාදය

  • A - කම්කරු පන්තිය ධනවාදී රාජ්‍යයට අවනත විය යුතු බව කියා සිටියි.
  • B - රාජ්‍යය යනු අධිපති පන්තියේ බල උපකරණයක් යැයි විශ්වාස කරයි.
  • C - රාජ්‍යය පවතින්නේ පන්ති සහිත සමාජවල යැයි කියා සිටියි.
  • D - කොමියුනිස්ට් සමාජය තුළ දී රාජ්‍යය වියැකී යනු ඇතැයි විශ්වාස කරයි.
  • E - කාල් මාක්සි හා ෆෙඩ්රික් එංගල්ගේ ඉගැන්වීම් මත පදනම් ව ඇත.

(1)

ABCD

(2)

ABCE

(3)

ABDE

(4)

ACDE

(5)

BCDE

Complexity: (0)
(9)

ඒකාධිපති ආණ්ඩුක්‍රමයක ලක්ෂණ වන්නේ,

  • A - ලිබරල් සමාජ සහ දේශපාලන දර්ශනයක් නොතිබීමයි.
  • B - මහජන දුම්ගැනවිලිවලට සවන්දීමට උනන්දුවක් නොතිබීමයි.
  • C - අත්තනෝමතික පාලනයයි.
  • D - මහජනතාවට වගකීමට පාලකයා සතු කැමැත්තයි.
  • E - මහජන ජීවිතයේදී ජනමාධ්‍යයට හිමි යටහත් භූමිකාවයි.

(1)

ABCD

(2)

ABCE

(3)

ABDE

(4)

ACDE

(5)

BCDE

Complexity: (0)
(10)

සංධීය ආණ්ඩුක්‍රම ආකෘතිය යටතේ

  • A - ආණ්ඩු බලය මධ්‍යම සහ ප්‍රාන්ත ආණ්ඩු අතර බෙදී පවතියි.
  • B - මධ්‍යම සහ ප්‍රාන්ත ආණ්ඩු අතර ඇති ආරවුල් ශ්‍රේෂ්ඨාධිකරණය බේරුම් කරයි.
  • C - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරිම සඳහා මධ්‍යම සහ ප්‍රාන්ත ආණ්ඩු අතර සහයෝගීතාව අනිවාර්ය වේ.
  • D - ප්‍රාන්ත රාජ්‍ය තමන් සතු නිශ්චිත අනන්‍යතා තබා ගනිමින් එකමුතුව සිටියි.
  • E - මධ්‍යම ව්‍යවස්ථාදායකයට ප්‍රාන්ත ව්‍යවස්ථාදායක අභිබවා යා හැකි ය.

(1)

ABCD

(2)

ABCE

(3)

ABDE

(4)

ACDE

(5)

BCDE

Complexity: (0)