(1)
දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම ප්‍රයෝජනවත් වන්නේ:
- A - දේශපාලන ක්‍රමයේ ක්‍රියාකාරිත්වය සහ එමගින් ජනතාවට වන බලපෑම තේරුම් ගැනීමට ය.
- B - යහපාලනයේ සහ අයහපත් පාලනයේ වෙනස්කම් තේරුම් ගැනීමට ය.
- C - රාජ්‍යයේ සහ ආණ්ඩුවේ ආධ්‍යාත්මික පදනම පිළිබඳව දැනගැනීමට ය.
- D - ආණ්ඩුවේ බලාධිකාරී තීරණ ගැනීම හා සම්බන්ධ ක්‍රියාදාම පිළිබඳව තේරුම් ගැනීමට ය.
- E - දේශීය හා ජාත්‍යන්තර තලයන්හි බල අරගලය කරන්නාවූ මාර්ග සහ විධික්‍රම තේරුම් ගැනීමට ය.
Complexity: (0)
(2)
දේශපාලනය:
- A - ආණ්ඩුව පිළිබඳ කලාව මෙන්ම විද්‍යාව ද වේ.
- B - අගය කිරිම් බලාධිකාරී බලය යොදවා බෙදාහරින විධික්‍රමය වේ.
- C - සමාජ-ආර්ථික හා දේශපාලන ගැටලු අරබයා පවතින ප්‍රතිවිරෝධ අදහස් අතර ඇතිවන ගැටුම්වල ප්‍රතිඵලය වේ.
- D - ආගමික අගය කිරීම් පදනම් කරගත් සමාජයක් ගොඩනැගීමේ සදාචාරාත්මක ක්‍රියාවලියක් වේ.
- E - දේශපාලන විද්‍යාවේ ප්‍රායෝගික පැත්ත ලෙස සැලකේ.
Complexity: (0)
(3)
මිනිසුන් රාජ්‍ය ලෙස සංවිධාන වී ඇත්තේ ඇයි?
- A - සමාජය තුළ පවතින විෂමතා ආරක්ෂා කර පවත්වා ගෙන යාමට ය.
- B - සමාජය පාලනය කිරීම සඳහා පාලන ක්‍රමයක් ගොඩනගා ගැනීමට ය.
- C - ජාතික ආරක්ෂාව සුරක්ෂිත කොට පවත්වා ගෙන යාමට ය.
- D - සමාජයේ ආර්ථික කාර්යයන් විධිමත් ලෙස සංවිධානය කර ගැනීමට ය.
- E - ජනතා පරමාධිපතිත්වය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය සුජාතභාවය ලබා ගැනීමට ය.
Complexity: (0)
(4)
දේශපාලන වශයෙන් සංවිධානය වූ සමාජයකට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ඇයි?
- A - සමාජ ඒකාග්‍රතාව ආරම්භ කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ පවත්වා ගෙන යාම සඳහා ය.
- B - සමාජයේ දිළිඳු කොටසේ අභිලාෂ පමණක් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ පවත්වා ගෙන යාම සඳහා ය.
- C - ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ පවත්වා ගෙන යාම සඳහා ය.
- D - නීතිය, ස්ථාවරභාවය, ආරක්ෂාව සහ සමාජ සාධාරණත්වය සැපයීම හා පවත්වා ගෙන යාම සඳහා ය.
- E - ආර්ථික කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම හා බාහිර සම්බන්ධතා කළමනාකරණය කිරීම සඳහා ය.
Complexity: (0)
(5)
ස්වාධිපත්‍ය බලය:
- A - රාජ්‍යයේ බලය පිළිබඳව සැලකිලිමත් වන දේශපාලන න්‍යාය වේ.
- B - දේශීය සහ ජාත්‍යන්තර දේශපාලනය හසුරුවන ප්‍රධානතම න්‍යායාත්මක සංකල්පය වේ.
- C - සමාජයට සහ අනෙක් සමාජ සංවිධානවලට ඉහළින් රාජ්‍යය අසහායත්වයට පත් කරන දේශපාලන සිද්ධාන්තය වේ.
- D - රාජ්‍ය කැමැත්ත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සුජාතභාවය සපයන දේශපාලන න්‍යාය .
- E - සන්ධීය දේශපාලන ක්‍රමයක් තුළ පවා අසහාය සහ බෙදිය නොහැකි බවට සලකනු ලැබේ.
Complexity: (0)
(6)
ධනවාදය:
- A - ආරම්භක අවස්ථාවේ දී ගොඩනැගුවේ රාජ්‍ය නිර්බාධවාදී මූලධර්මය පදනම් කරගෙන ය.
- B - පූර්ණ වෙළෙඳපොළ තරගය වර්ධනය කිරීම ඉලක්ක කොටගෙන ඇත.
- C- 'වෙළෙඳපොළ ආර්ථිකය පාලනය නොකරන විට නිරායාසයෙන්ම සමතුලිතභාවය කරා ගමන් කරනු ඇත' යන විශ්වාසය මත ගොඩනගා ඇත.
- D - නිදහස් වෙළෙඳපොළ ධනවාදය සහ රාජ්‍ය ධනවාදය යන ආකෘති යටතේ නූතන ලෝකය තුළ ක්‍රියාත්මක වේ.
- E - ආර්ථික වෘද්ධිය සමග යළි බෙදාහැරීම යන ප්‍රතිපත්තිය මගින් සමාජ සාධාරණත්වය ඇති කිරීම ගැන සැලකිලිමත් වේ.
Complexity: (0)
(7)
සමාජවාදය:
- A - සමාන පුරවැසිභාවය සහ සමාන ඉඩප්‍රස්ථා යන මූලධර්මය පදනම් කරගත් සමාජ ක්‍රමයක් වේ.
- B - නිෂ්පාදනය සහ බෙදාහැරීමේ මාධ්‍යයන් රාජ්‍ය අයිතිය පදනම් කරගත් ආර්ථික ක්‍රමයක් වේ.
- C - ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට විකල්ප දේශපාලන ක්‍රමයක් වේ.
- D - බහු පක්ෂ ක්‍රමයක් පදනම් කරගෙන ක්‍රියාවට නැංවෙන පාලන ක්‍රමයක් වේ.
- E - ධනවාදය මගින් නිර්මාණය කර ඇති සමාජ අසමානත්වය පිළිබඳ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට උත්සාහ දරන දේශපාලන මතවාදයක් වේ.
Complexity: (0)
(8)
සමාජ ප්‍රජාතන්ත්‍රවාදය:
- A- වෙළඳපොළ ආර්ථික ක්‍රමයට සහ විප්ලවකාරි සමාජවාදයට විකල්පයක් වන ආර්ථික මාදිලියක් වේ.
- B - වෙළඳපොළ ආර්ථික ක්‍රමය සහ සමාජ සාධාරණත්වය අතර එකගතාවක් නිර්මාණය කිරීම පිළිබඳ ව සැලකිලිමත් වේ.
- C - ‘සමාජ වෙනස් වීම විප්ලවය මගින් කළ යුතු ය' යන මාක්ස්ගේ න්‍යාය පිළිගන්නා දේශපාලන න්‍යායක් වේ.
- D - වෙළඳපොළ ආර්ථික ක්‍රමය, විකාශනාත්මක සමාජවාදය සහ සුබසාධක රාජ්‍ය ක්‍රමය යන මුල්ගල් තුන මත ගොඩනගා ඇත.
- E - ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග මගින් සමාජවාදී සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීම ඉලක්ක කරගෙන ඇත.
Complexity: (0)
(9)
කැබිනට් ආණ්ඩුක්‍රමයේ මූලික ලක්ෂණ:
- A - සත්‍ය සහ නාමික වශයෙන් හඳුන්වන ද්විත්ව විධායකයක පැවැත්ම
- B - නාමික විධායකය විසින් ව්‍යවස්ථාදායකයේ සාමාජිකයින් අතුරෙන් සත්‍ය විධායකය පත් කිරීම
- C - සත්‍ය විධායකය සෘජුවම ව්‍යවස්ථාදායකයට වගකීම
- D - විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර බලතල හා කාර්යයන් විධිමත් අයුරින් බෙදා නොතිබීම
- E - නිශ්චිත නිල කාලයක් සඳහා ජනතාව විසින් සෘජුව පත් කරනු ලබන නාමික විධායකයක් තිබීම
Complexity: (0)
(10)
ජනාධිපති ආණ්ඩුක්‍රමයේ මූලික ලක්ෂණ:
- A - එකිනෙකට වෙනස් මැතිවරණ දෙකකින් විධායකය සහ ව්‍යවස්ථාදායකය සෘජුව තෝරා පත්කර ගැනීම
- B - විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර බලතල බෙදීම
- C - සංවරණ හා තුලන මූලධර්මය මත විධායකය සහ ව්‍යවස්ථාදායකය සිය බලතල ක්‍රියාවට නැංවීම
- D - විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර පවතින සමීප සහයෝගිතාව
- E - විධායකය සෘජුව ව්‍යවස්ථාදායකයට වගනොකීම
Complexity: (0)