(1)

ක්ෂුද්‍රජීවීන් සැමවිටම,

(1)

සෛලීය සංවිධානයක් නොමැති ජීවීන් වේ.

(2)

පියවි ඇසට නිරික්ෂණය කිරීමට නොහැකි ජීවින් වේ.

(3)

සංවිධානය වූ න්‍යෂ්ටියක් නොමැති ජීවීන් වේ.

(4)

විවිධාකාර පරිසර තත්වයන්ට සාර්ථක ව අනුවර්තනය වන ජීවීන් වේ.

(5)

රසායනික ස්වයංපෝෂීන් වේ.

Complexity: (0)
(2)

පොල් රා වලින් විනාකිරි නිෂ්පාදනය කිරීමේ දී භාවිත වන ඇසිටික් අම්ල බැක්ටීරියා අයත් වන වන කාණ්ඩය කුමක් ද?

(1) ස්වායු
(2) වෛකල්පික නිර්වායු
(3) අනිවාර්ය නිර්වායු
(4) ක්ෂුද්‍ර වාතකාමී
(5) වෛකල්පිත ස්වායු
Complexity: (0)
(3)

ප්‍රතිසංයෝජින DNA තාක්ෂණය උපයෝගී කර ගනිමින් පාරජනක ජීවියකු බිහි කළ හැකි ය. මෙම ක්‍රියාවලියේ දී ප්‍රතිසංයෝජන DNA නිපදවීම දක්වා ඇති පියවර (A) සිට (E) දක්වා අනුපිළිවෙළින් පහත දැක්වේ.

  • (A) දායක සෛලවලින් DNA නිස්සාරණය කර ගැනීම
  • (B) නිස්සාරණය කරගත් DNA කැබලිවලට කපා ගැනීම
  • (C) ජෙල් විද්‍යුතාගමනයෙන් DNA කැබලි වෙන් කර ගැනීම
  • (D) අවශ්‍ය ජාන අඩංගු DNA කැබලි හඳුනාගැනීම
  • (E) DNA. කැබලි, ප්ලස්මිඩ DNA සමග ප්‍රතිසංයෝජනය කිරීම

ඉහත සඳහන් ක්‍රියාවලියේ දී එඩොනියුක්ලියේස් ($Endonuclease$) සහ ලයිගේස් ($Ligase$) එන්සයිම භාවිත කරන පියවර වන්නේ,

(1)

(A) සහ (C) පමණි.

(2)

(B) සහ (D) පමණි.

(3)

(B) සහ (E) පමණි.

(4)

(C) සහ (E) පමණි.

(5)

(D) සහ (E) පමණි.

Complexity: (0)
(4)

අපජලය පිරියම් කිරීමේ ක්‍රියාවලියක දී ස්වායු ශ්වසනය සිදු කරන ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරිත්වය ප්‍රයෝජනයට ගනු ලබන්නේ.

(1) ප්‍රාථමික පිරියම් කිරීමේ තටාකයේ දී ය.
(2) දිවිතීයික පිරියම් කිරීමේ තටාකයේ දී ය.
(3) අවසාධක තටාකයේ දී ය.
(4) විෂබීජ නාශක ඒකකයේ දී ය.
(5) රොන්බොර ජීරකයේ දී ය
Complexity: (0)
(5)

එතිලීන් $\ce{C2H4}$ වායුව $\pu{12g}$ දහනය වීමේ දී ජනනය වන තාප ප්‍රමාණය $\pu{604 kJ }$ විය. $\ce{C2H4}$ හි මෞලික ස්කන්ධය $\pu{28 g mol-1}$ වේ. $\ce{C2H4}$ දහනය සඳහා තුලිත ප්‍රතික්‍රියාව පහත දැක්වේ .

$\ce{C2H2(g) + 3O2(g) -> 2CO2(g) + 2H2O(g)}$

$\ce{C2H4}$ දහනය සඳහා ප්‍රතික්‍රියා තාපය විය හැක්කේ,

(1)

- $\pu{33kJ}$

(2)

- $\pu{604kJ}$

(3)

- $\pu{1208kJ}$

(4)

- $\pu{1409kJ}$

(5)

- $\pu{7200kJ}$

Complexity: (0)
(6)

ප්‍රතික්‍රියාවක වේග නිර්ණ පියවර සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ,

(1)

එය බහු පියවර ප්‍රතික්‍රියාවක වේගයෙන් ම සිදු වන පියවර වේ.

(2)

එය සැමවිට ම බහු පියවර ප්‍රතික්‍රියාවක පළමු පියවර වේ.

(3)

එය සැමවිට ම බහු පියවර ප්‍රතික්‍රියාවක අවසාන පියවර වේ.

(4)

එයට උත්ප්‍රේරක මගින් බලපෑමක් නැත.

(5)

එය බහු පියවර ප්‍රතික්‍රියාවක සෙමෙන් ම සිදු වන පියවර වේ.

Complexity: (0)
(7)

රූපයේ දක්වා ඇති ශක්ති ප්‍රස්තාරයට අනුව ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය වනුයේ,gce-al-science-for-technology-2015-mcq-sinhala-7

(1)

$E_3$ ය.

(2)

$E_3 - E_2$ ය.

(3)

$E_3 - E_1$, ය.

(4)

$E_3 + E_2$ ය.

(5)

$E_3 + E_1$ ය.

Complexity: (0)
(8)

කෘතිම බහුඅවයවික සැමවිට ම,

(1)

තාප සුචිකාර්ය වේ.

(2)

ස්ඵටිකරූපී වේ.

(3)

ඒක අවයවිකවලින් තැනී ඇත.

(4)

ඉහළ ප්‍රත්‍යස්ථතාවකින් යුක්ත වේ.

(5)

හරස් බන්ධනවලින් සමන්විත වේ.

Complexity: (0)
(9)

පුනර්ජනනය නො වන අමුද්‍රව්‍ය මත පදනම් වූ නිෂ්පාදන ක්‍රියාවලිය කුමක් ද?

(1)

ශාක තෙල් භාවිතයෙන් මේද අම්ල නිපදවීම

(2)

ශාක තෙල් භාවිතයෙන් සබන් නිපදවීම

(3)

පිෂ්ටය පැසවීම මගින් එතනෝල් නිපදවීම

(4)

කරාබු නැටි මගින් ඉයුජිනෝල් නිස්සාරණය කිරීම

(5)

බොරතෙල් මගින් ඩීසල් නිපදවීම

Complexity: (0)
(10)

ස්තම්භ වර්ණලේඛ ශිල්පීය ක්‍රමය මගින් සාම්පලයක ඇති සංඝටක වෙන්gce-al-science-for-technology-2015-mcq-sinhala-10 කර ගැනීම සඳහා බියුරෙට්ටුවක් යොදා ගනිමින් සාදා ගන්නා කුලුනක් රූපයේ දක්වා ඇත. කුලුන සාදා ගැනීමේ දී භාවිත කළ යුතු A, B, C සහ D ද්‍රව්‍ය නිවැරදි අනුපිළිවෙළින් දැක්වෙනුයේ,

(1)

සිලිකා ජෙල්, වැලි, කපු පුළුන්, වැලි

(2)

වැලි, කපු පුළුන්, සිලිකා ජෙල්, වැලි

(3)

වැලි, සිලිකා ජෙල්, වැලි, කපු පුළුන්

(4)

කපු පුළුන්, වැලි, සිලිකා ජෙල්, කපු පුළුන්

(5)

වැලි, සිලිකා ජෙල්, කපු පුළුන්, වැලි

Complexity: (0)