You can test your knowledge. or
(1)

ශාක සෛලවල අඩංගු සංචිත ආහාරය කුමක් ද?

(1)

ග්ලූකෝස්

(2)

සෙලියුලෝස්

(3)

පිෂ්ඨය

(4)

ග්ලයිකොජන්

(5)

ෆ්රක්ටෝස්

Complexity: (0)
More
(2)

පෙප්ටයිඩ බන්ධනයක් ඇති වන්නේ කුමන පරමාණු අතර ද?

(1)

කාබන් සහ කාබන්

(2)

කාබන් සහ හයිඩ්‍රජන්

(3)

නයිට්‍රජන් සහ නයිට්‍රජන්

(4)

හයිඩ්‍රජන් සහ නයිට්‍රජන්

(5)

කාබන් සහ නයිට්‍රජන්

Complexity: (0)
More
(3)

Nitrosomonas යනු

(1)

රසායන විෂමපෝෂී බැක්ටීරියාවකි.

(2)

රසායන ස්වයංපෝෂී බැක්ටීරියාවකි.

(3)

ප්‍රකාශ ස්වයංපෝෂී බැක්ටීරියාවකි.

(4)

ප්‍රකාශ විෂමපෝෂී බැක්ටීරියාවකි.

(5)

විෂමපෝෂී බැක්ටීරියාවකි.

Complexity: (0)
More
(4)

සියලුම ජීවී සෛලවල අඩංගු වන උප සෛලීය ඒකකය වන්නේ,

(1)

ප්ලාස්ම පටලයයි.

(2)

මයිටකොන්ඩ්‍රියමයි.

(3)

න්‍යෂ්ටියයි.

(4)

හරිතලවයයි.

(5)

සෛල බිත්තියයි.

Complexity: (0)
More
(5)

අයිස්, කාමර උෂ්ණත්වයේ ඇති ජලය සහ හුමාලය තුළ ආසන්නව ම පිහිටා ඇති ජල අණු දෙකක් අතර සාමාන්‍ය දුර පිළිවෙළින් L(අයිස්), L(ජලය) සහ L(හුමාලය) වේ. මෙම සාමාන්‍ය දුරවල් අතර නිවැරදි සම්බන්ධය කුමක් ද?

(1)

L(අයිස්) = L(ජලය) = L(හුමාලය)

(2)

L(අයිස්) > L(ජලය) > L(හුමාලය)

(3)

L(අයිස්) = L(ජලය) < L(හුමාලය)

(4)

L(අයිස්) < L(ජලය) < L(හුමාලය)

(5)

L(අයිස්) > L(ජලය) < L(හුමාලය)

Complexity: (0)
More
(6)

ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය රඳා පවතින්නේ,

(1)

සපයන ලද තාපය මත ය.

(2)

විකිරණ තිබීම මත ය.

(3)

ප්‍රතික්‍රියක සාන්ද්‍රණය මත ය.

(4)

ප්‍රතික්‍රියක මිශ්‍ර කිරීමේ වේගය මත ය.

(5)

උත්ප්‍රේරක තිබීම මත ය.

Complexity: (0)
More
(7)

පහත ප්‍රකාශ සලකන.

  • (A) ඒකඅවයවික (සරල අණු) විශාල ප්‍රමාණයකින් බහුඅවයවික තැනී ඇත.
  • (B) බහුඅවයවික හා ඒකඅවයවික සතුව සමාන භෞතික ගුණ ඇත.
  • (C) සියලු ම ස්වභාවික බහුඅවයවික ජෛව හායනයට ලක්වන අතර සමහරක් ආහාරයට ගත හැකි ය.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

(1)

(A) පමණි.

(2)

(A) සහ (B) පමණි.

(3)

(A) සහ (C) පමණි.

(4)

(B) සහ (C) පමණි.

(5)

(A), (B) සහ (C) සියල්ලම ය.

Complexity: (0)
More
(8)

පහත ප්‍රකාශ සලකන්න.

  • (A) ස්වභාව නිෂ්පාදන යනු ජීවීන් තුළ නිපදවන ලද සංයෝග වේ.
  • (B) ස්වභාව නිෂ්පාදන සමහර ජීවීන් තුළ පමණක් නිපදවනු ලබයි.
  • (C) සියලු ම ස්වභාව නිෂ්පාදන ජීවීන්ගේ වර්ධනය කෙරෙහි සෘජුව ම සම්බන්ධ වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

(1)

(A) පමණි.

(2)

(B) පමණි.

(3)

(C) පමණි.

(4)

(A) සහ (C) පමණි.

(5)

(B) සහ (C) පමණ.

Complexity: (0)
More
(9)

ස්තම්භ වර්ණලේඛ ශිල්ප ක්‍රමයේදී ස්ථිතික කලාපය වැලි තට්ටුවක් මගින් වැසීමට ප්‍රධාන හේතුව කුමක් ද?

(1)

කුලුන මුදුන දක්වා ම පිරවීම සඳහා ය.

(2)

ස්ථිතික කලාපයේ ඇති හිස් අවකාශ පිරවීම සඳහා ය.

(3)

ද්‍රාවකය පෙරීම සඳහා ය.

(4)

වර්ණවත් සංයෝග ඉවත් කිරීම සඳහා ය.

(5)

ස්ථිතික කලාපයට ඇති වීය හැකි බාධා වැළැක්වීම සඳහා ය.

Complexity: (0)
More
(10)

නව නිපැයුම්කරුවෙක් පේටන්ට් බලපත්‍රයක් සඳහා අයදුම් කළ යුතු වන්නේ.

(1)

නිපැයුමේ නව්‍යතාව හඳුනාගත් වහාම ය.

(2)

නිපැයුම ආයෝජකයෙකුට ඉදිරිපත් කිරිමෙන් පසුව ය.

(3)

නිපැයුම විද්‍යාගාර මට්ටමින් පරික්ෂා කිරීමට ප්‍රථමයෙන් ය.

(4)

නිපැයුම වෙළෙඳපොළට හඳුන්වාදීමෙන් පසුව ය.

(5)

නිපැයුම පිළිබඳව පුවත්පත් ලිපියක් පළ කිරීමෙන් පසුව ය.

Complexity: (0)
More