You can test your knowledge. or
(1)

අතීතයේ පටන් පැවති ආහාර පරිරක්ෂණ ක්‍රමය වන්නේ,

(1)

අධිශීත කිරීම සහ නටන තුරු රත් කිරීම ය.

(2)

ටින් කිරිම සහ සුබ්‍රීරීකරණය කිරිම ය.

(3)

වියළීම සහ පැසවීම ය.

(4)

ප්‍රවිකිරණය සහ දුම් ගැසීම ය.

(5)

පැස්ටරීකරණය සහ ජීවාණුහරණය ය.

Complexity: (0)
More
(2)

ශාකවල මුල් වායුගෝලයේ එල්ලෙන පරිදි වගාව පවත්වා ගනිමින් හා ඒවට පෝෂක ද්‍රාවණ ඉසිමින් ශාක වගා කිරීම හඳුන්වා දිය හැක්කේ,

(1)

ෆොග්පොනික් වගාව (Fogponics) ලෙස ය.

(2)

පස මත වගාව (Geoponics) ලෙස ය.

(3)

වා රෝපිත වගාව (Aeroponics) ලෙස ය.

(4)

ජලජ ගාව (Aquaponics) ලෙස ය.

(5)

ජල රෝපිත වගාව (Hydroponics) ලෙස ය.

Complexity: (0)
More
(3)

ලැත් හවුස් (Lath house) ප්‍රධාන වශයෙන් ම භාවිත වන්නේ,

(1)

විසිතුරු පත්‍රික ශාක පුහුණු කිරීමට ය.

(2)

සුප්ත බීජ ප්‍රරෝහණයට ය.

(3)

දඬු කැබලිවල මුල් ඇද්දවීම ප්‍රවර්ධනයට

(4)

රෝග හා පළිබෝධවලින් ශාක ආරක්ෂා කිරීමට ය.

(5)

කැපූ මල් කර්මාන්තයේ දී පුෂ්පීකරණය වැඩි කිරීමට ය.

Complexity: (0)
More
(4)

සහතික කළ බීජ භාවිතය සැලකිය හැක්කේ,

(1)

ශෂ්‍ය විද්‍යාත්මක වල් මර්දන ක්‍රමයක් ලෙස ය.

(2)

ජෛව විද්‍යාත්මක වල් මර්දන ක්‍රමයක් ලෙස ය.

(3)

රසායනික වල් මර්දන ක්‍රමයක් ලෙස ය.

(4)

යාන්ත්‍රික වල් මර්දන ක්‍රමයක් ලෙස ය.

(5)

වල් පැළ නිවාරණ ක්‍රමයක් ලෙස ය.

Complexity: (0)
More
(5)

බ්‍රොයිලර් කුකුල් කර්මාන්තයේ දී සිදු වන වායු දූෂණය අවම කිරීමට යොදා ගත හැකි වඩාත් ම යෝග්‍ය ක්‍රියාමාර්ගය වන්නේ,

(1)

අතුරණුව සතියකට වරක් රේක්ක කිරීම ය.

(2)

සංවෘත නිවාස භාවිත කිරීම ය.

(3)

පිටාර පංකා හඳුන්වා දීම ය.

(4)

සුදුසු අතුරණු ද්‍රව්‍ය භාවිත කිරීම ය.

(5)

ජල බඳුන්වලින් ජල කාන්දුව හා පිටාර ගැලීම වැළැක්වීම ය.

Complexity: (0)
More
(6)

මද සමායෝජනය ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ,

(1)

වසු පැටවුන් සඳහා ය.

(2)

වියළි දෙනුන් සඳහා ය.

(3)

පට්ටි ගොනුන් සඳහා ය.

(4)

අභිජනන අක්‍රමිකතා සහිත එළදෙනුන් සඳහා ය.

(5)

ගර්භණී නොවූ එළදෙනුන් සඳහා ය.

Complexity: (0)
More
(7)

කාලගුණික මධ්‍යස්ථානයක

(1)

සටහන් නොවන වර්ගයේ වර්ෂාමාන මගින් වර්ෂාපතනයක තීව්‍රතාව වාර්තා කෙරේ.

(2)

සටහන් නොවන වර්ගයේ වර්ෂාමාන මගින් වර්ෂාපතනයක කාල පරාසය වාර්තා කෙරේ.

(3)

සටහන් වන වර්ගයේ වර්ෂාමාන මගින් වර්ෂාපතනයක ආකාරය වාර්තා කෙරේ.

(4)

සටහන් නොවන වර්ගයේ වර්ෂාමාන මගින් වර්ෂාපතනයක මුළු ප්‍රමාණය වාර්තා කෙරේ.

(5)

සටහන් වන වර්ගයේ වර්ෂාමාන, වර්ෂාපතනයක තීව්‍රතාව වාර්තා කිරීමට පමණක් භාවිත කෙරේ.

Complexity: (0)
More
(8)

ආහාර සැකසීමේ කර්මාන්ත ශාලාවක් සඳහා වඩාත් ම යෝග්‍ය ඍජු ජල ප්‍රභවය වන්නේ,

(1)

ගංගා ජලය වේ.

(2)

නොගැඹුරු ළිං ජලය වේ.

(3)

$I$ පන්තියේ භූගත ජලය වේ.

(4)

$III$ පන්තියේ භූගත ජලය වේ.

(5)

$IV$ පන්තියේ භූගත ජලය වේ.

Complexity: (0)
More
(9)

ශ්‍රී ලංකාවෙන් බහුලව ම අපනයනය කරනු ලබන විසිතුරු මත්ස්‍ය විශේෂය වන්නේ,

(1)

ගප්පි (Guppy) වේ.

(2)

කැට් ෆිෂ් (Cat fish) වේ.

(3)

ගෝල්ඩ් ෆිෂ් (Gold fish) වේ.

(4)

ඒන්ජල් (Angel fish) වේ.

(5)

ස්වෝඩ් ටේල් (Sword tail fish) වේ.

Complexity: (0)
More
(10)

ශ්‍රී ලංකාවේ සමුද්‍ර ධීවර කර්මාන්තයට ඉහළ ම දායකත්වයක් සපයන්නේ,

(1)

නැගෙනහිර පළාත ය.

(2)

බස්නාහිර පළාත ය.

(3)

දකුණු පළාත ය.

(4)

උතුරු පළාත ය.

(5)

වයඹ පළාත ය.

Complexity: (0)
More