(8)

A, B සහ C ලෙස සලකුණු කරන ලද සතුන් තිදෙනෙකුගේ ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.

  • (i) සත්තු තිදෙනා ම ද්විපාර්ශ්වික සමමිතිය දක්වන අතර ශීර්ෂණය ද පෙන්නුම් කරති.
  • (ii) A සහ B ගේ ආහාර මාර්ග සම්පූර්ණ අතර C ගේ ආහාර මාර්ගය අසම්පූර්ණ ය.
  • (iii) ජලක්ලෝම සහ පෘෂ්ඨිය හෘදයක් ඇත්තේ A ට හා B ට පමණි.
  • (iv) A ට පිටසැකිල්ලක් ද B ට ඇතුළු සැකිල්ලක් ද ඇති අතර C ට ඇතුළු සැකිල්ලක් හෝ පිටසැකිල්ලක් හෝ නොමැත.

A, B සහ C ලෙස සලකුණු කරන ලද සතුන් තිදෙනා පිළිවෙළින්

(1) ඉස්සො, දැල්ලා සහ පටිපණුවා වේ.
(2) ගොළුබෙල්ලා, තිලාපියා සහ ගැඩවිලා වේ.
(3)

කැස්බෑවා, බලයා සහ Planaria වේ.

(4) කකුළුවා, ගොළුබෙල්ලා සහ අක්මා පැතැල්ලා වේ.
(5) ඉස්සා, මට්ටියා සහ පටිපණුවා වේ.
Complexity: (0)