You can test your knowledge. or
(1)

පහත දැක්වෙන ඒවා අතරින් කවරක් ඇල්බියුමින්වල මූලද්‍රව්‍ය සංයුතිය නියෝජනය කරයි ද?

(1)

$\ce{CHO}$

(2)

$\ce{CHONPS}$

(3)

$\ce{CHONS}$

(4)

$\ce{CHONP}$

(5)

$\ce{CHOP}$

Complexity: (0)
More
(2)

පහත සඳහන් රසායනික පරීක්ෂා අතරෙන් කවරක් ද්‍රාවණයක ග්ලුකෝස් අඩංගු බව පෙන්වීම සඳහා උපයෝගී කරගත හැකි ද?

(1)

බයියුරෙට් පරීක්ෂාව

(2)

බෙනඩික්ට පරීක්ෂාව

(3)

අයඩීන් පරීක්ෂාව

(4)

සුඩාන් පරීක්ෂාව

(5)

මෙතිලීන් බ්ලූ පරීක්ෂව

Complexity: (0)
More
(3)

යීස්ට් තුළ, ග්ලූකෝස් නිර්වායු ශ්වසනය වීමේ දී පහත සඳහන් කවර අන්තඵල සෑදේ ද?

(1)

එතනෝල් සහ ජලය

(2)

එතනෝල් සහ $\ce{CO2}$

(3)

පයිරුවික් අම්ලය සහ $\ce{CO2}$

(4)

ලැක්ටික් අම්ලය සහ $\ce{CO2}$

(5)

$\ce{CO2}$ සහ ජලය

Complexity: (0)
More
(4)

පහත සඳහන් කවරක් සත්ව ශ්වසනයේ දී ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය වන්නේ ද?

(1)

NAD

(2)

ඔක්සිජන්

(3)

සයිටොක්‍රෝම් C

(4)

ජලය

(5)

NADP

Complexity: (0)
More
(5)

පහත සඳහන් ඒවා අතරින් කවරක් ප්‍රාග්න්‍යෂ්ටික සෛල සම්බන්ධයෙන් වැරදි ද?

(1)

සියලු ම ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල 70 S වර්ගයේ රයිබොසෝම ඇත.

(2)

සියලු ම ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල සෛල බිත්තිවල පෙප්ටිඩොග්ලයිකෑන ඇත.

(3)

සියලු ම ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල සෛල සැකිල්ලක් නැත.

(4)

සියලු ම ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල පටලවලින් වට වූ ඉන්ද්‍රියිකා නොමැත.

(5)

සියලු ම ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල සෛල පටලවල ලිපිඩ අඩංගු වේ.

Complexity: (0)
More
(6)

පහත සඳහන් ඒවා අතරෙන් කවරක් $\ce{C4}$ ශාකවල වායුගෝලීය $\ce{CO2}$ තිර කිරීමේදී සහභාගි වේ ද?

(1)

$\ce{PEP}$ කාබොක්සිලේස්

(2)

$\ce{RUBISCO}$

(3)

$\ce{RUBP}$

(4)

$\ce{NAD}$

(5)

සයිටොක්‍රෝම් ඔක්සිඩේස්

Complexity: (0)
More
(7)

පහත සඳහන් කවර සෛලීය ක්‍රියාවලියක්, ඔක්සිජන් නැති විට ග්ලුකෝස් මගින් ATP නිපදවයි ද?

(1)

ක්‍රෙබ්ස් චක්‍රය

(2)

ග්ලයිකොලිසිය

(3)

ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය

(4)

ප්‍රභාපොස්පොරයිලීකරණය

(5)

$\ce{CO2}$ තිර කිරිම

Complexity: (0)
More
(8)

චූෂකර දරන සතුන් අන්තර්ගත නොවන්නේ පහත සඳහන් කුමන වංශයේ ද?

(1)

ප්ලැටිහෙල්මින්තේස්

(2)

ඇනලීඩා

(3)

නෙමටෝඩා

(4)

මොලස්කා

(5)

එකයිනොඩ‍ර්මේටා

Complexity: (0)
More
(9)

අභ්‍යන්තර සංසේචනය නොදක්වන සතෙකු/සතුන් ඇතුළත් වන්නේ පහත සඳහන් කුමන කාණ්ඩයේ ද?

(1)

Plannaria, සමනලයා, ගොළුබෙල්ලා

(2)

මෝරා, Bipalium, ගෙමැස්සා

(3)

කැරපොත්තා, ගල්මාළුවා, අක්මා පැතැල්ලා

(4)

Ichthyophis, පටිපණුවා, මදුරුවා

(5)

ගිරවා, කුරා, මඩුවා

Complexity: (0)
More
(10)

මොලොස්කාවන් කිහිපදෙනෙක්, ඔවුන් දරන ව්‍යුහ කිහිපයක් සහ ඔවුන් ජීවත් වන පරිසර පහත වගුවේ දැක්වේ.

මොලොස්කාවන්ව්‍යුහපරිසර
A- මට්ටියා
B- ගොළුබෙල්ලා
C- කාවාටියා
D- දැල්ලා
a- ඇස්
b- ග්‍රාහිකා
c- රේත්‍රිකාව
d- බාහිර කවචය
i- කරදිය
ii- මිරිදිය
iii- භෞමික

පහත දැක්වෙන "මොලොස්කාවා-ව්‍යුහය-පරිසරය” සංකලන අතරෙන් නිවැරදි වන්නේ කුමන සංකලනය ද?

(1)

C, a, i

(2)

B, b, iii

(3)

A, c, ii

(4)

D, d, i

(5)

C, b, i

Complexity: (0)
More