You can test your knowledge. or
(1)

විද්‍යාත්මක ක්‍රමයේදී

(1)

පාලක පරීක්ෂණයක් තිබීම අත්‍යවශ්‍ය ය.

(2)

සාක්ෂි ආධාරයෙන් කල්පිත තහවුරු කරනු ලැබේ.

(3)

ගොඩ නගන ලද වාද පසුව වෙනස් නොකෙරේ.

(4)

පුරෝකථන සිදු නොකෙරේ.

(5)

කල්පිත ගොඩ නැගීමට නිරික්ෂණ අත්‍යවශ්‍ය නොවේ.

Complexity: (0)
More
(2)

ජීවීන් සඳහා ජලයේ භෞතික ගුණාංගවල වැදගත්කම පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?

(1)

අධික ආසක්ත බල දියලිස්සන්නන් සඳහා වැදගත් වේ.

(2)

අධික පෘෂ්ඨික ආතතිය ශාක මගින් ඛණිජ අවශෝෂණය කිරීම සඳහා වැදගත් වේ.

(3)

අධික විශිෂ්ට තාප ධාරිතාව භෞමික සතුන්ගේ දේහ පෘෂ්ඨ සිසිල් කිරීම සඳහා ආධාර වේ.

(4)

ආලෝකය සඳහා ඇති අඩු පාරදෘශ්‍යතාව ජලාශවල ගැඹුරු ප්‍රදේශවල ශාක වර්ධනය වීම සඳහා උපකාරි වේ.

(5)

අධික විලයනයේ ගුප්ත තාපය අඩු උෂ්ණත්වවලදී ජීවීන්ට නොනැසී පැවතීම සඳහා උපකාරී වේ.

Complexity: (0)
More
(3)

ඉන්ද්‍රියිකා පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?

(1)

ප්‍රෝටීන සහ t-RNA වලින් තැනුන විශාල සහ කුඩා උපඒකකවලින් රයිබොසෝම සමන්විත වේ

(2)

රළු අන්තඃප්ලාස්මීය ජාලිකාව නාලාකාර මඩිවලින් සමන්විත වේ.

(3)

ගොල්ගි සංකීර්ණය ස්ටෙරොයිඩ සංශ්ලේෂණය කරයි.

(4)

ලයිසොසෝම බහිෂ්සෛලිකතාව මගින් ශේෂගත ද්‍රව්‍ය සෛලයෙන් පිටතට පරිවහනය කරයි.

(5)

පෙරොක්සිසෝම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සංලේෂණය කරයි.

Complexity: (0)
More
(4)

සෛල සන්ධි පිළිබඳ නිවැරදි ප්‍රකාශය නෝරන්න.

(1)

යාබද සෛලවල සෛල බිත්ති සෛල සන්ධිවලදී සම්බන්ධ වේ.

(2)

ප්ලාස්මබන්ධ සත්ත්ව සෛලවල දැකිය හැකි ය.

(3)

යාබද සෛල අතර ද්‍රව්‍ය හුවමාරු වීම සඳහා ආසක්තක සන්ධි දායක වේ.

(4)

තද සන්ධි සෛල අතරින් ද්‍රව්‍ය කාන්දුවීම වළකයි.

(5)

හිදැස් සන්ධි හමේ අපිච්ඡද සෛල අතර දක්නට ලැබෙන දුර්වල සම්බන්ධතා ය.

Complexity: (0)
More
(5)

සෛල චක්‍රය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?

(1)

DNA සංලේෂණය වන්නේ G1 කලාවේදී ය.

(2)

න්‍යෂ්ටි පටලය නැවත තැනෙනුයේ වියෝගකලාවේදී ය.

(3)

සෛල මධ්‍යයේ වර්ණදේහ සැකසෙනුයේ යෝගකලාවේදී ය.

(4)

වර්ණදේහවල ඝන වීම සිදු වන්නේ S කලාවේදී ය.

(5)

තර්කව තැනෙනුයේ G2 කලාවේදී ය.

Complexity: (0)
More
(6)

ග්ලයිකොලිසිය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?

(1)

එය සිදුවන්නේ සවායු තත්ත්ව යටතේ පමණි.

(2)

එය සෛලප්ලාස්මය තුළ සිදු වේ.

(3)

ග්ලුකෝස් ප්‍රථමයෙන් ම ෆ්රුක්ටෝස් 6-ෆොස්ෆේට් බවට හැර වේ.

(4)

එහි අන්තඵලය ඇසිටයිල් CoA ය.

(5)

එක් ග්ලුකෝස් අණුවකින් නිපදවෙන මුළු ATP අණු සංඛ්‍යාව දෙකකි.

Complexity: (0)
More
(7)

ක්‍රෙබ්ස් චක්‍රය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න.

(1)

එය සෙලප්ලාස්මය තුළ සිදු වේ.

(2)

එය සවායු සහ නිර්වායු යන තත්ත්ව දෙකේදී ම සිදු වේ.

(3)

සෛලීය ශ්වසනයේදී වැඩි ම ATP ප්‍රමාණයක් නිපදවෙන්නේ ක්‍රෙබ්ස් චක්‍රයේදී ය.

(4)

ක්‍රෙබ්ස් චක්‍රයේදී කාබන් ඩයොක්සයිඩ් නිපද වේ.

(5)

ක්‍රෙබ්ස් චක්‍රයේදී  $\ce{FADH2}$, ඔක්සිකරණය වේ.

Complexity: (0)
More
(8)

ප්‍රොටිස්ටා රාජධානිය තුළ

(1)

පක්ෂ්ම සහිත ජීවීන් අන්තර්ගත නොවේ.

(2)

බහුසෛලීය විෂමපෝෂීන් අන්තර්ගත නොවේ.

(3)

සෛල බිත්ති සහිත ජීවීන් නොමැත.

(4)

එකම සම්භවයක් සහිත ජීවීන් අන්තර්ගත වේ.

(5)

පිෂ්ටය සංවිත කරන ජීවීන් නොමැත.

Complexity: (0)
More
(9)

ස්වභාවික වර්ගීකරණය සඳහා නිදසුනක් වන්නේ පහත සඳහන් කුමක් මත පදනම් ව ජීවීන් කාණ්ඩවලට ඇතුළත් කිරීම ද?

(1)

පාද සංඛ්‍යාව

(2)

පුෂ්පවල ඇති රේණු සංඛ්‍යාව

(3)

DNA වල භෂ්ම අනුපිළිවෙළ

(4)

නඛර තිබීම

(5)

පිහාටුවල වර්ණය

Complexity: (0)
More
(10)

ප්ලාන්ටේ රාජධානිය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න.

(1)

සියලු ම විෂමබීජාණුක ශාකවලට සංසේචනය සඳහා බාහිර ජලය අවශ්‍ය නොවේ.

(2)

සියලු ම සමබීජාණුක ශාකවල සනාල පටක නොමැත.

(3)

පුෂ්ප හට නොගන්නා සියලු ම ශාකවල බීජ නොමැත.

(4)

සනාල පටක සහිත සියලු ම ශාකවල ප්‍රමුඛ ජන්මාණුශාක නොමැත.

(5)

ප්‍රභාසංශ්ලේෂක ජන්මාණුශාක සහිත සියලු ම ශාකවල සනාල පටක නොමැක.

Complexity: (0)
More