You can test your knowledge. or
(1)

අනූනන විභාජනයේ යෝගකලාවේදී සිදු වන්නේ පහත සඳහන් ඒවා අතුරෙන් කුමක් ද? 

(1)

තර්කුව සෑදීම

(2)

වර්ණදේහ ඝනීභවනය වීම

(3)

න්‍යෂ්ටිකාව නොපෙනී යාම

(4)

වර්ණදේහ සෛලය මධ්‍යයේ පෙළ ගැසීම

(5)

න්‍යෂ්ටි පටලය බිඳ හෙලීම

Complexity: (0)
More
(2)

දර්ශීය ශාක සෛලයක් ආලෝක අන්වීක්ෂයක් තුළින් නිරික්ෂණය කිරිමේදී දැකිය නොහැක්කේ පහත සඳහන් ඒවා අතුරෙන් කුමක් ද?

(1)

හරිතලව

(2)

පිෂ්ට කණිකා

(3)

න්‍යෂ්ටිය

(4)

මයිටොකොන්ඩියා

(5)

රික්තක

Complexity: (0)
More
(3)

ATP අවශ්‍ය වන්නේ පහත සඳහන් කුමන ජෛවරසායනික ක්‍රියාවලිය සඳහා ද?

(1)

ප්‍රභාසංශ්ලේෂණයේදී ජලය ප්‍රභාවිච්ඡේදනය වීම

(2)

පාංශු ද්‍රාවණයෙන් $\ce{K+}$ මූලකේෂ සෛල තුළට අවශෝෂණය වීම

(3)

සෛල පටලය හරහා සජීවී සෛල තුළට ඔක්සිජන් විසරණය වීම

(4)

කැල්වින් චක්‍රයේදී කාබන් ඩයොක්සයිඩ් අණුවක් RuBP සමග සම්බන්ධ වීම

(5)

C4 මාර්ගයේදී පයිරුවේට්, PEP බවට පරිවර්තනය වීම

Complexity: (0)
More
(4)

ජීවී දේහවල අඩංගු මූලද්‍රව්‍ය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?

(1)

ස්වාභාවික ව පවතින මූලද්‍රව්‍ය 92 ක් ජීවී දේහවල ඇත.

(2)

ජීවීන් තුළ අන්තර්ගත මූලද්‍රව්‍යවල සංයුතිය නියත නොවේ.

(3)

ජීවීන්ගේ වියළි බරින් $0.1\%$ කට වඩා අඩුවෙන් ඇති මූලද්‍රව්‍ය අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ලෙස සැලකේ.

(4)

යකඩ සියලු ම ජීවීන් තුළ දක්නට ලැබෙන අධිමාත්‍ර මූලද්‍රව්‍යයකට නිදසුනකි.

(5)

ජීවී දේහ තුළ වඩාත් ම බහුල මූලද්‍රව්‍ය හය වන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, පොස්පරස් සහ මැග්නීසියම් ය.

Complexity: (0)
More
(5)

ශක්තිමත් ආසක්ත සහ සංසක්ත බල තිබීම ජල අණුවල වැදගත් භෞතික ගුණාංගයකි. එම ගුණාංගය සමග සම්බන්ධයක් නොදක්වන්නේ ශාකවල පහත සඳහන් කුමන කෘත්‍යය ද?

(1)

අකාෂ්ඨ ශාකවල යාන්ත්‍රික සන්ධාරණය

(2)

පසෙන් ජලය අවශෝෂණය කිරිම

(3)

ශුනතා චලන

(4)

ශාකය තුළ ජලය පරිවහනය වීම

(5)

ප්‍රාක්ප්ලාස්මය තුළ ද්‍රව්‍ය ද්‍රවණය වීම

Complexity: (0)
More
(6)

පහත සඳහන් කුමන ප්‍රතිචාරයේ දක්වා ඇති සියලු ම ලක්ෂණ ත්‍රි අංක පුෂ්ප කොටස් සහිත ශාකයක දක්නට ලැබේ ද?

(1) පත්‍රවල සමාන්තර නාරටි, බීජපත්‍ර එකක් සහිත කලල, තන්තු මුල්, සෛල පටලයේ ශාඛනය වූ ලිපිඩ
(2) ඵල තුළ පිහිටන බීජ, ප්‍රමුඛ බීජාණුශාකය, RNA පොලිමරේස් වර්ග කීපයක්, කදේ සනාල කලාප විසිරී තිබම
(3)

බීජපත්‍ර එකක් සහිත කලල, ප්‍රභාසංශ්ලේෂක ජන්මාණුශාකය, කදේ සනාල කලාප කැම්බියම රහිත වීම, සෛල පටලයේ ශාඛනය නොවූ ලිපිඩ

(4) පත්‍රවල සමාන්තර නාරටි, විෂමබීජාණුකතාව, තන්තු මුල්, ෆෝමයිල් මෙතියොනින්වලින් ආරම්භ වන ප්‍රෝටීන සංලේෂණය
(5) කඳේ සනාල කලාප විසිරී තිබීම, පරිපුෂ්ප, නග්න බීජ, සෛල පටලයේ ශාඛනය නොවූ ලිපිඩ
Complexity: (1)
More
(7)

කශිකා නොදරන ඒකසෛලීය ප්‍රොටිස්ටාවෙකු

(1)

පෙනිසිලින්වලට සංවේදී විය හැකි ය.

(2)

ෆියුකොසැන්‍තින් දැරිය හැකි ය.

(3)

විෂමපෝෂී විය හැකිය.

(4)

රොඩොෆීටා වංශයට අයත් විය හැකි ය.

(5)

ෆයිකොසයනින් දැරිය හැකි ය.

Complexity: (1)
More
(8)

ජීවීන්ගේ වර්ගීකරණය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?

(1)

හොඳින් සංවිධානය වූ න්‍යෂ්ටියක් නොදරන බැවින් වයිරස කිසිම රාජධානියකට අයත් නොවේ.

(2)

ප්‍රොටිස්ටා යනු විවිධ පරිණාමික සම්භවයන් සහිත ජීවීන් අන්තර්ගත ස්වභාවික රාජධානියකි.

(3)

ගණයක් තුළ දැකිය හැකි පොදු ලක්ෂණ සංඛ්‍යාව, විශේෂයක් තුළ දැකිය හැකි පොදු ලක්ෂණ සංඛ්‍යාවට වඩා වැඩි ය.

(4)

ශාක රාජධානිය මුලින් ම හඳුනාගත්තේ කැරොලස් ලිනේයස් ය.

(5)

අධිරාජධානි තුනේ වර්ගීකරණය හඳුන්වා දුන්නේ රොබට් විටේකර් ය.

Complexity: (0)
More
(9)

ග්‍රාහිකා දරන, උදරීය හෘදයක් නොදරන. ද්විපාර්ශ්වික සමමිතික සීලෝමික සතෙකුට තිබිය හැක්කේ පහත සඳහන් ඒවායින් කුමක් ද?

(1)

කෂ්ටක

(2)

ස්නායු වලය

(3)

ස්පර්ශක

(4)

ජලක්ලෝම

(5)

අනුපක්ෂක

Complexity: (1)
More
(10)

මිනිසාගේ ජීරණ පද්ධතිය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?

(1)

ආමාශයේ අන්වායාම පේශි පිහිටනුයේ වෘත්තාකාර පේශි සහ අධඃශ්ලේෂ්මලකය අතර ය.

(2)

ආමාශයික යුෂ ස්‍රාවය වීම ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය මගින් උත්තේජනය වේ.

(3)

ක්ෂුද්‍රාන්ත්‍රයේ ක්ෂුද්‍ර අංගුලිකා දෙකක් අතර අවකාශය ලීබර්කුන් ලෙන් ලෙස හැඳින් වේ.

(4)

ග්‍රහණියට පිත නිකුත් කිරීම සඳහා පිත්තාශය සංකෝචනය විම සික්‍රටින් මගින් උත්තේජනය වේ.

(5)

ක්ෂුද්‍රාන්ත්‍රයේ ඇති ක්ෂුද්‍ර අංගුලිකා ආලෝක අන්වීක්ෂයේ අව් බලය යටතේ නිරීක්ෂණය කළ හැකි ය.

Complexity: (1)
More