You can test your knowledge. or
(1)

ක්‍රෝමියම්හි ඉහළම ඔක්සිකරණ අවස්ථාව හා භූමි අවස්ථාවේ පිටත ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිවෙළින් වනුයේ

(1)

+3 හා $[Ar] 3d^4 4s^2$

(2)

+4 හා $[Ar] 3d^5 4s^1$

(3)

+6 හා $[Ar] 3d^4 4s^2$

(4)

+4 හා $[Ar] 3d^6 4s^0$

(5)

+6 හා $[Ar] 3d^5 4s^1$

Complexity: (0)
More
(2)

$\ce{N, Ne, Na, P, Ar}$ සහ $\ce{K}$ පරමාණුවල පළමු අයනීකරණ ශක්තිය වැඩි වන පිළිවෙළ වනුයේ

(1)

$\ce{Na < K < P < N < Ar < Ne }$

(2)

$\ce{Na < K < Ar < N < P < Ne}$

(3)

$\ce{P < N < K < Na < Ne < Ar}$

(4)

$\ce{K < Na < N < P < Ne < Ar}$

(5)

$\ce{K < Na < P < N < Ar < Ne}$

Complexity: (0)
More
(3)

පහත සඳහන් සංයෝගයේ IUPAC නම කුමක් ද?

gce-al-chemistry-2013-mcq-sinhala-3

(1)

3-bromo-5-ethoxy-5-oxo-3-pentenal

(2)

ethyl-3-bromo-5-oxopent-2-enoate

(3)

ethyl 3-bromo-2-en-5-oxopentanoate

(4)

ethyl 3-bromo-5-oxo-2-pentenoate

(5)

3-bromo-1-ethoxy-5-oxo-2-pentenal

Complexity: (0)
More
(4)

$\ce{C, H, O}$ පමණක් අඩංගු $\ce{X}$ සංයෝගය වැඩිපුර ඇසිටයිල් ක්ලෝරයිඩ් සමග පිරියම් (treat) කළ විට $\ce{X}$ හි සාපේක්ෂ අණුක ස්කන්ධයට වඩා ඒකක 126 ක් වැඩි සංයෝගයක් ලැබුණි. $\ce{X}$ හි ඇති හයිඩ්‍රොක්සයිල් කාණ්ඩ සංඛ්‍යාව වනුයේ

(1)

1

(2)

2

(3)

3

(4)

4

(5)

5

Complexity: (0)
More
(5)

ක්වොන්ටම් අංක $n = 3$ සහ $m_l = -1$ වන ලෙස තිබිය හැකි පරමාණුක කාක්ෂික සංඛ්‍යාව වනුයේ

(1)

1

(2)

2

(3)

3

(4)

4

(5)

5

Complexity: (0)
More
(6)

$\ce{XeO2F2}$ හි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය සහ අණුවේ හැඩය පිළිවෙළින් වනුයේ

(1)

ත්‍රියානති ද්වි පිරමිඩ හා සී-සෝ

(2)

ත්‍රියානති ද්වි පිරමිඩ හා චතුස්තලීය

(3)

චතුස්තලීය හා සී-සෝ

(4)

සී-සෝ හා ත්‍රියානති ද්වි පිරමිඩ

(5)

තලීය චතුරස්‍ර හා චතුස්තලීය

Complexity: (0)
More
(7)

$\ce{Fe2O3}$ සහ $\ce{FeO}$ මිශ්‍රණයක, ස්කන්ධය අනුව $72.0\%$ $\ce{Fe}$ අඩංගු වේ. මෙම මිශ්‍රණයෙහි $\pu{1.0g}$ ක ඇති $\ce{Fe2O3}$ ස්කන්ධය වනුයේ $\ce{(O = 16, Fe = 56)}$

(1)

$\pu{0.37 g}$

(2)

$\pu{0.52 g}$

(3)

$\pu{0.67 g}$

(4)

$\pu{0.74 g}$

(5)

$\pu{0.83 g}$

Complexity: (0)
More
(8)

නියත පරිමාවක් ඇති භාජනයක $\ce{F2(g)}$ හා $\ce{Xe (g)}$ නියැදියන් මිශ්‍ර කර ඇත. ප්‍රතික්‍රියාවට පෙර $\ce{F2 (g)}$ හා $\ce{Xe (g)}$ හි ආංශික පීඩනයන් පිළිවෙළින් $\pu{8.0E-5 kPa}$ හා $\pu{1.7E-5 kPa}$ වේ. ඝන සංයෝගයක් සාදමින් $\ce{Xe (g)}$ මුළුමනින් ම ප්‍රතික්‍රියා කළ විට, ඉතිරි වූ $\ce{F2(g)}$ හි ආංශික පීඩනය $\pu{4.6E-5 kPa}$ වේ. ඉහත ක්‍රියාවලියේ දී පද්ධතියේ උෂ්ණත්වය නියතව පවත්වා ගන්නා ලදී. සැදුණු ඝන සංයෝගයේ සූත්‍රය කුමක්ද?

(1)

$\ce{XeF2}$

(2)

$\ce{XeF3}$

(3)

$\ce{XeF4}$

(4)

$\ce{XeF6}$

(5)

$\ce{XeF8}$

Complexity: (0)
More
(9)

$\ce{X}$ නම් අකාබනික ඝනයක් තනුක $\ce{HCl}$ සමග පිරියම් කළ විට, අවරණ ද්‍රාවණයක් හා ලෙඩ් ඇසිටේට් ද්‍රාවණයකින් තෙත් කරන ලද පෙරහන් කඩදාසියක් කළු පැහැ ගන්වන වායුවක් ලැබුණි. අවර්ණ ද්‍රාවණය පහන් සිළු පරික්ෂාවට භාජනය කළ විට ඇපල් කොළ පැහැති දැල්ලක් දක්නට ලැබුණි. $\ce{X}$ ඝනය වනුයේ,

(1)

$\ce{BaS}$

(2)

$\ce{CuSO3}$

(3)

$\ce{BaSO3}$

(4)

$\ce{NiS}$

(5)

$\ce{CaCO3}$

Complexity: (0)
More
(10)

හයිපොක්ලෝරස් අම්ලය $\ce{(HOCI)}$ සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය අසත්‍ය වේ ද ?

(1)

$\ce{HOCl}$ දුර්වල අම්ලයකි.

(2)

$\ce{HOCl}$ ක්ලෝරීන්හි ඔක්සිකරණ අවස්ථාව -1 වේ.

(3)

ජලීය $\ce{HOCI}$ ද්‍රාවණයකට $\ce{KI}$ එක් කිරිමේ දී $\ce{I2}$ නිපදවේ.

(4)

භාෂ්මික ද්‍රාවණයේ දී, රත් කළ විට $\ce{HOCI}$ ද්විධාකරණය වේ.

(5)

$\ce{HOCl}$ ක්ෂාර සමග ප්‍රතික්‍රියා කර හයිපොක්ලෝරයිට් නම් ලවණ සාදයි.

Complexity: (1)
More