(8)

නියත පරිමාවක් ඇති භාජනයක $\ce{F2(g)}$ හා $\ce{Xe (g)}$ නියැදියන් මිශ්‍ර කර ඇත. ප්‍රතික්‍රියාවට පෙර $\ce{F2 (g)}$ හා $\ce{Xe (g)}$ හි ආංශික පීඩනයන් පිළිවෙළින් $\pu{8.0E-5 kPa}$ හා $\pu{1.7E-5 kPa}$ වේ. ඝන සංයෝගයක් සාදමින් $\ce{Xe (g)}$ මුළුමනින් ම ප්‍රතික්‍රියා කළ විට, ඉතිරි වූ $\ce{F2(g)}$ හි ආංශික පීඩනය $\pu{4.6E-5 kPa}$ වේ. ඉහත ක්‍රියාවලියේ දී පද්ධතියේ උෂ්ණත්වය නියතව පවත්වා ගන්නා ලදී. සැදුණු ඝන සංයෝගයේ සූත්‍රය කුමක්ද?

(1)

$\ce{XeF2}$

(2)

$\ce{XeF3}$

(3)

$\ce{XeF4}$

(4)

$\ce{XeF6}$

(5)

$\ce{XeF8}$

Complexity: (0)