පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් අභිමතානුරූපී ප්‍රකාශයක් වනුයේ කවරක් ද?
නිෂ්පාදන සාධකයක් ලෙස භූමියට උදාහරණයක් වශයෙන් පහත සඳහන් කවරක් දැක්විය හැකි ද?
නිෂ්පාදන හැකියා වක්‍රය මත කටයුතු කරන ආර්ථිකයක් සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් සැමවිටම නිවැරදි වන්නේ ද?
නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය පෙන්නුම් කෙරෙන රූපසටහනක, ආවස්ථික පිරිවැය නිරූපණය කෙරෙනුයේ,
පහත සඳහන් දෑ අතුරෙන්, මනාව ක්‍රියාත්මක වන ධනේශ්වර ආර්ථිකයක් සඳහා අවශ්‍ය වන්නාවූත්, විධාන ආර්ථිකයක් සඳහා අවශ්‍ය නොවන්නාවුත් කරුණ කවරක් ද?
කිසියම් ආයතනයක් සම්පත් බෙදා වෙන්කිරීමේ කාර්යක්ෂමතාව සහිත නිමැවුම් මට්ටමෙහි සිටින විට,
අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී X භාණ්ඩයෙහි මිල පහළ බසී නම්, X භාණ්ඩය සඳහා ඇති වෙළෙඳපොළෙහි සිදුවීමට බොහෝසෙයින් ඉඩකඩ ඇත්තේ පහත සඳහන් කවරක් ද?
ඉල්ලුම් වක්‍රයක් ඇඳීමේදී පදනම් කරගනු ලබන උපකල්පනය වන්නේ,
කිසියම් භාණ්ඩයක් සඳහා ඇති වෙළෙඳපොළක සපයනු ලබන ප්‍රමාණය ($\ce{Q_S}$) හා ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය ($\ce{Q_D)}$ පිළිවෙළින් $\ce{Q_S}$ = $\pu{– 30 + P}$ සහ $\ce{Q_D}$ = $\pu{240 -2P}$ වශයෙන් දැක්වෙන අතර, P වලින් දැක්වෙන්නේ ඒකකයක මිල රුපියල්වලිනි. එම භාණ්ඩය මත පනවනු ලබන නිෂ්පාදන බද්දක වෙනස්වීමක් නිසා, සැපයුම $\ce{Q_S}$ = $\pu{- 36 + P}$ ස්වරූපය ගනී. බද්දේ හටගත් මෙම වෙනස සමතුලිත මිල කෙරෙහි බලපානුයේ කෙසේ ද?
තේ සඳහා ඉල්ලුමත් සැපයුමත් දෙකම එකවර වැඩි වන්නේ නම්, තේ වෙළෙඳපොළෙහි සමතුලිත මිල හා ප්‍රමාණය කෙරෙහි එය කෙසේ බලපානු ලැබේ ද?
මිල | ප්‍රමාණය | |
---|---|---|
(1) | වැඩි වේ. | වැඩි වේ. |
(2) | අඩු වේ. | අඩු වේ. |
(3) | අඩු වේ. | වැඩි වේ. |
(4) | වැඩි වේ. | අවිනිශ්චිත ය. |
(5) | අවිනිශ්චිත ය. | වැඩි වේ. |