You can test your knowledge. or
(1)

පහත දැක්වෙන කුමන වගන්තිය සත්‍ය වේ ද?

(1)

පළමු පරම්පරාවේ පරිගණක සාදන ලද්දේ ට්‍රාන්සිස්ටර් භාවිත කරමිනි.

(2)

Electronic Numerical Integrator And Computer (ENIAC) යනු දෙවන පරම්පරාවේ පරිගණකයකි.

(3)

Analytical Engine නම් වූ යන්ත්‍රයේ නිමවුම්කරු වන්නේ ඇඩා ලව්ලේස් (Ada Lovelace) ය.

(4)

ප්‍රථම පරිගණක ක්‍රමලේඛකයා (Programmer) ලෙස සලකනුයේ ඇලන් ටියුරින් (Alan Turing) ය.

(5)

ඇබකසය (Abacus) පළමු ගණක යන්ත්‍රය ලෙස විශ්වාස කරනු ලැබේ.

Complexity: (0)
More
(2)

මධ්‍යම සැකසුම් ඒකකයේ (CPU) අංගයක් වන්නේ පහත සඳහන් කුමක් ද?

(1)

ROM

(2)

RAM

(3)

ALU

(4)

L3 නිහිත (Cache) මතකය

(5)

ජව සැපයුම් ඒකකය (Power supply unit)

Complexity: (0)
More
(3)

$109_{10}$ ට තුල්‍ය ද්විමය සංඛ්‍යාව කුමක් ද?

(1)

$1100100_2$

(2)

$1101101_2$

(3)

$1001101_2$

(4)

$1101001_2$

(5)

$1101100_2$

Complexity: (0)
More
(4)

වෙබ් අතරික්සුවක් (web browser) මගින් විදැහු (render) කරන ලද පහත දක්වා ඇති විස්තර කිරීම්/අර්ථ දැක්වීම් (description/definition) ලැයිස්තුව සලකන්න:

Zigzag
    Moving with sharp turns.
Back and forth
    Moving side to side.
Round and round
    Moving in a circle.

ඉහත ලැයිස්තුව නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සියලු ම HTML උසුලන (tags) අඩංගු වන්නේ පහත සඳහන් කවර පිළිතුරක් ද?

(1)

<dl>, <dt> පමණි.

(2)

<ul>, <li> පමණි.

(3)

<ol>, <li> පමණි.

(4)

<dl>, <li> පමණි.

(5)

<dl>, <dt>, <dd> පමණි.

Complexity: (0)
More
(5)

.............................................. ක ගබඩා කොට ඇති දෑ ප්‍රකාශ තාක්ෂණය (optical technology) භාවිත කරමින් කියවනු ලැබේ.
ඉහත වගන්තියේ හිස්තැන පිරවීම සඳහා වඩාත් සුදුසු වන්නේ පහත සඳහන් කවරක් ද?

(1)

සැනෙලි මතකය (Flash memory)

(2)

නව්‍ය ඩිස්කය (Floppy disk)

(3)

චුම්බක පටිය (Magnetic tape)

(4)

සුසංහිත ඩිස්කය (Compact disc)

(5)

දෘඪ ඩිස්කය (Hard disk)

Complexity: (0)
More
(6)

නවීන පරිගණකවල කාර්ය සාධනය ප්‍රශස්ත කිරීම සඳහා බහුවිධ මට්ටම්වල නිහිත (cache) මතක යොදාගනු ලැබේ. මේවා අතුරෙන් .............................................. තුළ/මත පවතින ................................................. නිහිත මතකය වේගවත් ම සහ මිල අධික ම නිහිත මතකය වේ.
ඉහත වැකියේ හිස්තැන් පිරවීම සඳහා නිවැරදි පද අනුපිළිවෙළින් දැක්වෙන පිළිතුර කුමක් ද?

(1)

ප්‍රධාන මතකය, පළමු මට්ටමේ ($L_1$)

(2)

මව් පුවරුව, තෙවන මට්ටමේ ($L_2$)

(3)

ක්ෂුද්‍ර සකසනය, පළමු මට්ටමේ ($L_1$)

(4)

ක්ෂුද්‍ර සකසනය, දෙවන මට්ටමේ ($L_2$)

(5)

ක්ෂුද්‍ර සකසනය, තෙවන මට්ටමේ ($L_3$)

Complexity: (0)
More
(7)

$101_{16} + 110_{8} =$

(1)

$429_{10}$

(2)

$1011_{10}$

(3)

$329_{10}$

(4)

$529_{10}$

(5)

$137_{10}$

Complexity: (0)
More
(8)

මෙහෙයුම් පද්ධතියක් තුළ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාවලියක් (process) අත්හිටුවා (suspend), ඉන් පසු, එය යළි පටන් ගැනීම (resuming) හෝ වෙනත් ක්‍රියාවලියක් පටන් ගැනීම (starting) හඳුන්වනු ලබන්නේ,

(1)

පිටු කිරීම (paging) ලෙස ය.

(2)

සන්දර්භ හුවමාරුව (context switching) ලෙස ය.

(3)

ප්‍රතිහරණය (swapping) ලෙස ය.

(4)

අතුරු බිඳීම (interrupting) ලෙස ය.

(5)

අවහිර කිරීම (blocking) ලෙස ය.

Complexity: (0)
More
(9)

නවීන මෙහෙයුම් පද්ධතිවල ක්‍රියාවලියක් නව අවස්ථාවේ සිට සූදානම් අවස්ථාවට වන සංක්‍රාන්තිය .................................... නියමාකරණය මගින් තීරණය කරනු ලැබේ.
ඉහත වගන්තියෙහි හිස්තැන පිරවීම සඳහා පහත දක්වා ඇති යෙදුම් අතුරෙන් නිවැරදි වන්නේ කවරක් ද?

(1)

මධ්‍ය කාලීන (mid-term)

(2)

දිගු කාලීන (long-term)

(3)

ඉතා දිගු කාලීන (very long-term)

(4)

ඉතා කෙටි කාලීන (very short-term)

(5)

කෙටි කාලීන (short-term)

Complexity: (0)
More
(10)

පහත සඳහන් වගන්ති සලකන්න:

  • A - රචනා චෝරත්වය (Plagiarism) තොරතුරු පද්ධතිවලට ඇති පොදු තර්ජනයකි.
  • B - රවනා චෝරත්වයෙන් අදහස් වන්නේ වෙනත් අයකුගේ නිර්මාණයක් තමුන්ගේ යැයි කියා පෑමයි.
  • C - ප්‍රකාශන සොරකම (Piracy) රචනා චෝරත්වය සඳහා සමානාර්ථ පදයකි.

ඉහත වගන්ති අතුරෙන් නිවැරදි වන්නේ කවරක් ද?

(1)

A පමණි

(2)

B පමණි

(3)

C පමණි

(4)

A හා B පමණි

(5)

B හා C පමණි

Complexity: (0)
More